
බළන්ගොඩ ප්‍රදේශයේ තේ පඳුරු ආශ්‍රිතව පැතිරී ගිය රෝගය කුමක්දැයි හඳුනා ගත නොහැකි විය. එහෙත් මෙහි ලක්ෂණ අනුව වට පණු රෝගී තත්ත්වයක් යැයි අපි අනුමානය කළෙමු. ඒ අනුව ඒ සඳහා විධිමත් පර්යේෂණ පැවැත්වීමට අවශ්‍ය විය. ඒ අනුව රෝගී පඳුරු හා නිරෝගී පඳුරු ආශ්‍රිතව පස් නියැදි ලබාගෙන තේ පර්යේෂණ ආයතතනය වෙත රැගෙන ආවේ ස්ථිර වශයෙන්ම වටපණු ආසාදිතව තේ පඳුරු මිය යනවාදැයි නිගමනය කිරීම සඳහාය. දින කීපයක පර්යේෂණවලින් අනතුරුව මෙය වට පණු රෝගය ආශ්‍රිත රෝගී තත්ත්වයක් බව පර්යේෂණවලින් තහවුරු විය. මේ තත්ත්වය Pratylenchusloosi වටපණු ආසාදිතය නිසා සිදුවෙන්නක් බවත්, මේ තත්ත්වය නිසා තේ පඳුරු මිය යන බවත්, අවසානයේදී තේ පර්යේෂණ ආයතනයේ නිගමනය විය. කල්යත්ම මේ රෝගී තත්ත්වය බළන්ගොඩ, රාස්සගල, ඇල්ලඅරාව, පින්නවල, ගිල්ලිමලේ, හා කලවාන යන ප්‍රදේශවලින් ද වාර්තා විය.
වසර දහයකට පෙර බළන්ගොඩ ප්‍රදේශයේ තේ පඳුරු මිය යෑමේ සිද්ධිය වැලිගම පොල්කොළ වියළීයෑමේ රෝගයත්, Weligama coconut leaf wilt disease), බළන්ගොඩ ප්‍රදේශයේ තේ පඳුරු මියයෑමේ රෝගී තත්ත්වයත්,
(Balangoda nematode problem), බොහෝදෙනා අතාර කතාබහට ලක් වූ මාතෘකා අතර විය. මේ රෝගවල ව්‍යාප්තිය නැවැත්වීම සඳහා නොයෙක් ක්‍රමයන් යෙදුවත් , හැකි ඉක්මනින් පාලනය කර ගැනීමේ අපහසුතාවක් පැවැතුණි. කෙසේ වෙතත් ව්‍යාප්ත වී ගිය වට පණු ආසාදිතය නිසා තේ පඳුරු විනාශයට පත් විය. කුඩා තේ වතු සංවර්ධන අධිකාරිය සහ තේ පර්යේෂණ ආයතනය මේ රෝගය විශාල වශයෙන් පැතිරී යෑමට හේතුවන සාධක සොයා ගන්නා ලදී.
වාණිජ මට්ටමෙන් තේ වගා කරන තේ තවාන් කරුවන් විශාල ප්‍රමාණයක් සිටින බළන්ගොඩ ප්‍රදේශයට මේ රෝගය පැතිරීයාම තරමක භයානක තත්ත්වයක් විය. මේ නිසා තේ තවාන් කරුවන්ගේ ලාභය ඉතාමත් පහළ අගයක් ගත් අතර ආදායම අඩුවීම නිසා ඔවුහු බොහෝ සෙයින් කනස්සල්ලට පත් වූහ.
තේ පැළ තවානක පිළිගත් ප්‍රමිතියක් තිබිය යුතු අතර බඳුන් ගත පැළයක නම් නියමිත ප්‍රමිතියක් තිබිය යුතුය. තේ පැළයක් බඳුන් ගත කිරීමේ දී වඩා අඩු උසකින් හා පළලකින් හා අඩු ඝනකමින් යුතු පොලිතින් යොදා ගනියි.
බොහෝවිට තේ වගාවට අහිතකර ක්ෂුද්‍රජිවීන් ඒම වැළැක්වීම සඳහා පස දූමකරණයට බඳුන් කරයි. එහෙත් මේ මඟින් වට පණු රෝගයට පිළියමක් නොවේ.
බළන්ගොඩ ප්‍රදේශයේ නිෂ්පාදනය කරන තේ පැළ එම ප්‍රදේශයට පමණක් නොව සෙසු ප්‍රදේශ වෙත ගෙන යාම නිසා බොහෝවිට එක් ප්‍රදේශයක පවතින රෝගී තත්ත්වයක් තවත් ප්‍රදේශයකට ද පැතිරී යෑමේ අවදානම වැඩි වේ.
මෙහි ලක්ෂණය වන්නේ තේ දලු ක්‍රමයෙන් අඩුවීමයි.
එමෙන්ම තේ පත්‍ර කහපැහැති වී මල් හා ගෙඩි හට ගැනීම පත්‍ර හැලී යාම අවසානයේ තේ පඳුරම මිය යෑමයි. මේ රෝග තත්ත්වයට ප්‍රධාන වශයෙන් TRI -2026 ප්‍රභේදය පත්‍රවන බව ද සොයා ගන්නා ලදී.
මේ රෝගයට ගොදුරු වූ පැළ මුළුමනින්ම ගලවා පුලුුස්සා දැමිය යුතු අතර තේ පඳුරු අතර සැවැන්දරා වල්සූරියකාන්ත, දාස් පෙතියා, පැඟිරිමාන, වැනි ගස් සිටුවිය යුතුය. සෑම විටම රෝගයකට ඔරොත්තු දෙන උසස් වර්ගයෙන් යුත් ක්ලෝන වර්ග සිටුවිය යුතුය. මෙවැනි තත්ත්වයන් අනුගමනය කිරීමෙන් වට පණු හානිය වළක්වා ගත හැකිය.
සරත් සී. මුදන්නායක
සහකාර ප්‍රාදේශීය කළමනාකරු
කුඩා තේ වතු සංවර්ධන අධිකාරිය
ප්‍රදේශීය කාර්යාලය (කළුතර) මතුගම