සතියේ මියුසික් වීඩියෝව | සිළුමිණ

සතියේ මියුසික් වීඩියෝව

සීතල උඳුවප් මාසය එළඹීමත් සමඟ බොහෝ විචිත්‍රවත් කලා අංගයන් ජන සමාජයට එක්වෙමින් තිබේ. අශේන් සිල්වා ද එලෙස නත්තල වෙනුවෙන් විචිත්‍රවත් දේ ගෙනෙන තරුණ ගායන ශිල්පියෙකි. උප්පත්තියෙන් කතෝලිකයෙක් වන අශේන් මෙවර නත්තල වෙනුවෙන් නිසල් ප්‍රනාන්දු රචනා කළ “තාරුකා මල් දිලිසුනා“ ගීතය ගායනා කරමින් සීතල උඳුවප් මාසය ට අපූර්වත්වයක් ගෙන දෙන්නට සමත් විය.දුලීක කෝදාගොඩගේ ඉතා මිහිරි නාද රටාවකට අනුව ගැයෙන මේ ගීතයෙන් ජේසුස්තුමන්ගේ උප්පතියත්, අනෙකාට ප්‍රේමකිරීමත් ගැන කියැවේ. දෙවියන් දුන් කටහඩෙන් රටටත්, ආගමටත්, ජන සමාජයටත් සේවය කිරීම තමන්ගේ අරමුණ බව පවසන අශේන් තමන් ජීවත්ව සිටිනතාක් එය සතුටෙන් සිදුකරන බව පවසයි.වාද්දුවේ උපන් මේ තරුණ ගායකයා කළුතර සිරිකුරුස විද්‍යාලයෙන් අධ්‍යාපනය හදාරා ඇත.මේ වන විට දැඩි රසික ඉල්ලීම්වලින් පිරි මේ ගීතය යූ ටියුබ් හරහා ලක්ෂ ගණනක රසික පිරිසක් නරඹා තිබේ.

සීතල මීදුම් සලු වලා
අහසේ නිල්වන් තරු රටා
උඳු­වප් මාසය සර­සනා
සමිදේ නුඹේ සුවඳ වැහුනා
තාරුකා මල් දිලි­සුනා

සමිඳු පුද­න්නට සැර­සුනා---//

මේ සීතල උඳු­වප් මාසේ
ගව ලෙනේ නුඹ එදා ආදරේ විහි­දුවා
සුව­පත් කරවා පවු­කාර කම් දුර­ලනා
සමිඳේ නුඹගේ ආදරේ

සමිඳු පුද­න්නට සැර­සුනා---//

 

ගාය­නය- අශේන් සිල්වා
සහාය ගාය­නය-
දිල්කි උරේෂා, නිකා­යාල් ෆොන්සේක, ඔෂිකා ලක්ෂාණි
පද රච­නය-නිසල් ප්‍රනාන්දු
සංගී­තය-දුලීක කොදා­ගොඩ 

Comments