දේදුනු ආකාසේ රඟන පුංචි සමනළිය | සිළුමිණ

දේදුනු ආකාසේ රඟන පුංචි සමනළිය

සහේළි සදිත්මා

අලුත් අවුරුද්දේ රසඳුන අලුත් විදියට හැඩ කරන්න අපිට ඕන වුණා. හා හා පුරා කියලා අද රසඳුනේ තුන් වැනි පිටුව හැඩ කරන්න පුංචි සමනළියක්ව ඒ වෙනුවෙන්ම තෝර ගත්තා. ඇය කලාව තුළ සිය රංගන හැකියාව අපුරු ලෙස පෙන්වා දීලා කලාවට නැතිවම බැරි ළමා නිළියක් බවට පත් වී සිටිනවා. හැමෝම ආදරේ කරන ඇය නමින් සහේළි. මේ පුංචි සමනළිය එක්ක ගෙවුණු කාලය තුළ ඇය අපිට කියූ මොනවද කියලා බලන්න...

 අලුත් අවුරුද්දේ කොහොමද සහේළිට?

හොඳයි.

අලුත් අවුරුද්දේ අලුත් පන්තියට යන්න අලුත් ඇදුම්,පොත් අරගෙනද ඉන්නේ ?

ඔව්.

දැන් කීවැනි පන්තියටද යන්නේ ?

අලුත් අවුරුද්දේ මම යන්නේ 5 වසරට.

සහේළි කොහොමද ක්ෂේත්‍රයට සම්බන්ධ වුණේ?

Tv Commercial වලින් තමා ආවේ.

මුල්ම ටෙලිනාට්‍ය ?

සිරස tv එකේ ගිය ටෙලිනාට්‍ය.

මුලින්ම සම්මානයක් ගත්ත දවස මතකද?

ඔව්. ආනන්ද අන්කල්ගේ සාරා ටෙලි නාට්‍යයට තමා මුලින්ම සම්මානයක් ලැබුණේ. රයිගම් සම්මාන උළෙලේදී සහ සුමති සම්මාන උළෙලේදී සම්මාන ලැබුණා. සම්මාන ලැබුණු වෙලාවේදී ලොකු සතුටක් දැනුණා.

මේ දවස්වල ඔයා රඟපාන 'දේදුනු ආකාසේ' චිත්‍රපටය බලපු අය මොනවද කියන්නේ?

ගොඩක් හොඳයි කියනවා.ලස්සනට ඔයා එකේ රඟපානවනවා කියනවා.

දැන් චිත්‍රපට කීයක විතර රංගනයෙන් දායකත්වය දුන්නාද?

තාම 2 යි. බන්ධන චිත්‍රපටයටයි, දේදුනු ආකාසේ චිත්‍රපටයටයි.

චූටි වයසේදීම කැමරාවක් ඉදිරියට යද්දී බය හිතුණේ නැද්ද?

එහෙම නම් බය හිතුණේ නැහැ. මාමලා නැන්දලා මට ගොඩක් උදවු කළා.

ඔයා වැඩිපුරම කැමැති මොන පැත්තෙන් ඉදිරියට යන්නද?

මම රඟපාන්න ආසයි.ගොඩක්ම ආස නටන්න.

සහේළි, අම්මට කියලා හදාගෙන කන්න කැමැති දේ මොනවද?

පොල් රොටිවලට ගොඩක් ආසයි.

සහේළිට චූටි නංගියෙක් ඉන්නවා නේද? එයා අක්කාව tv එකේ දකිද්දී මොනවද කියන්නේ?

ඔව්. එයා සදිනි. මාව දකිද්දී අන්න අක්කා කියනවා. එයා ගොඩක් දඟයි. ඒ නිසා එයාව ෆොටෝ ෂූට් වලට විතරයි එක්කගෙන යන්නේ.

දැන් ශිෂත්වයට සුදානම් වෙන්න තියෙනවා නේද?

ඔව්. මම ශිෂ්‍යත්වය ලියන්න ඉන්නේ.ඒ නිසා මුල් තැන දෙන්නේ ඉගෙනීමේ වැඩ කටයුතුවලට.

මඟ හැරෙන පාඩම් කොහොමද ඉගෙන ගන්නේ

ස්කෝලෙන් ලොකු සහයෝගයක් දෙනවා මට. මඟ හැරුණු පාඩම් ටීචර්ලා, යාළුවෝ කියලා දෙනවා.

හඬ කැවීම් වලට සම්බන්ධ වුණා කියලා ආරංචියක් ආවා.

ඔව්. නෙත් fm එකේ සත්‍යා කියන නාට්‍යට සත්‍යා විදියට හඬ කැවීමෙන් දායක වෙනවා.

 

Comments