වීර කාව්‍ය (Epics) ප්ලේටෝගේ වර්ගීකරණයටත් ඔහුගේ ශිෂ්‍ය ඇරිස්ටොටල්ගේ වර්ගීකරණයටත් පොදු සාහිත්‍යාංග අතුරින් එකකි.
බටහිර සාහිත්‍යය ග්‍රීසියෙන් ඇරැඹි බවත් ඒ ක්‍රිපූ 7 සියවස සහ - 8 වන සියවස අතර කාලයේ විසූ බව සැලකෙන හෝමර්ගේ ඉලියඩ් සහ ඔඩිසි යන කෘති දෙකෙන් බවත් සාමාන්‍ය පිළිගැනීමයි. හෝමර් යනු අන්ධ කවියකු බව ඇතැම් තැනක දැක්වෙන අතර එනමින් පුද්ගලයකු කිසිදා නොසිටි බවත්, පුද්ගලයන් කිහිප දෙනෙකු විසින් කරන ලද නිර්මාණ හෝමර් යන නමින් එළිදක්වා ඇති බවත් තවත් තැනෙක සඳහන් ය.
හෝමර් විසින් රචනා කරන ලද කෘති දෙක ඉලියඩ් සහ ඔඩිසි යන නම්වලින් හැඳින්වේ. මේවා ක්‍රි.පූ. 12 හෝ 13 සියවසේ පැවැතිණි’යි සැලකෙන ට්‍රෝජන් යුද්ධය පසුබිම් කැරගෙන එහි වීරයන් වටා ගොතන ලද පද්‍ය වේ. ඒවා වීර කාව්‍ය ලෙස හැඳින්වෙන්නේ එහෙයිනි. පසු කලෙක සාහිත්‍ය විචාරයට බට ග්‍රීක පඬුවන් විසින් මේවා වෙන ම සාහිත්‍යංගයක් ලෙස වර්ග කරන්නට ඇත්තේ ඒවායේ එන නිර්මාණාත්මක විශේෂතාව හා දර්ශනය නිසා විය හැකි ය. ලිඛිත දෑ කියවා වටහාගත හැකි මිනිසුන් දුලබ එතරම් ඈත සමයක අන්තර්ගතයටත් වඩා විස්මෘතිජනක ලෙස මෙම පද්‍ය ආකෘතිගත වී තිබීම එහි ඇති විශේෂත්වය ලෙස සාහිත්‍යධරයෝ පෙන්වා දෙති.
යුද්ධය හා සාමය‚ ගෞරවය හා හෙළාදැකීම සහ ආදරය සහ ද්වේෂය යන තේමා සියල්ලම ඒවායේ අන්තර්ගත ය.
ආකෘතිමය අතින් එපික් කාව්‍යවල විශේෂත්වය නම් ඒවායේ පේළිවල මාත්‍රා පිහිටුවා තිබෙන ආකාරයයි. සෑම කවියක ම පේළි හයක් වන අතර ඒ සෑම පේළියක්ම මාත්‍රා හයකින් යුක්ත ය. ඒ මාත්‍රා හයෙන් මුල් පහ පිළිවෙලින් ගුරු අක්ෂරයක් හා ලඝු අක්ෂරයක් බැගින් පිහිටන ‘අංගුලීය’ (dactilic) මාත්‍රා වන අතර සවැන්න දෙගුරු මාත්‍රාවකි. (spondee) මෙමගින් කවියේ රිද්මය විධිමත් මෙන් ම පේළියෙන් පේළියට විවිධ ද වන ලෙස පවත්වා ගෙන යන බව විචාරකයන්ගේ අදහසයි.
අනුන්ගේ බිරියක් බලහත්කාරයෙන් පැහැරගෙන යාමක් නිසා ඇති විණි යැයි සැලකෙන ට්‍රෝජන් යුද්ධයේ දී සටන් කළ රණකාමීන්ගේ වීරත්වය හුවා දැක්වෙන ඉලියඩ්‚ පසු කලෙක මහා ඇලෙක්සැන්ඩර් අධිරාජයාගේ මෙන් ම නැපෝලියන් බොනපාට්ගේ ද හස්තසාර ග්රන්ථයක් වැ පැවැති බව පැවසේ. යුද්ධයේ දේශපාලනය දේශපාලනයේ යුද්ධය සහ එහි ප්‍රතිවිපාක ගැන එහි දිවෙන යටිපෙළ හඳුනා ගැනීම වැදගත් බව බොනපාට් වරෙක් පවසා තිබිණි.
ඉලියඩ් හි කතාව සැකෙවින් මෙසේ ය.
ට්රෝය් හි රජු වන ප්රියම්ගේ පුත් පැරිස් ස්පාර්ටාවේ (ග්‍රීසියේ) මෙලෙනස් රජු වෙත පැමිණෙයි. මෙලෙනස් රජුට හදිසි මුහුදු ගමනක යෙදෙන්නට සිදුවන අතර ඒ අවසරයෙන් පැරිස් කුමරා මෙලෙනස් රජුගේ හෙලන් නම් වූ අති සුරූපි බිසව රැගෙන ට්රෝය් වෙත පළා යයි. මෙලෙනස් සේනාවක් රැස්කොට සිය බිරිය මුදා ගැනීම පිනිස ට්රෝය් වෙත යයි. සටන මෙලනස්ගේ සොයුරු ආගමෙනොන් විසින් මෙහෙයවනු ලබන අතර නායකත්වය උසුලන්නේ කීර්මත් රණ ශූරයකු වන යුලිසිස්‚ මහා වීර ඇචිලස්‚ යොධ බලැති ඇජැක්ස් දෙවියන් සමග සබඳකම් පවත්වන දියෝමෙඩිස් සහ මහා පැනැසුරු නෙස්ටල් යන පස් දෙනා විසිනි.
ට්‍රෝයි පාර්ශ්වයට නායකත්වය දෙන්නේ පැරිස්ගේ සොහොයුරු හෙක්ටර් ය. දෙපාර්ශ්වයට ම බොහෝ රටවලින් සහ සෙන්පතිවරුන්ගෙන් ආධාර ලැබේ. දෙවිවරු ද දෙපස බෙදී සිටිති. වසර ගණනාවක් යුද්ධය ඇවිළී යයි. ජයග්රාහකයාට කුමරිය හිමිවීමේ එකඟතාව මත පැරිස් සහ මෙලනස් අතර ද්වන්ධ සටනකි. එයින් පැරිස් පරාජයට පත් වුවත් ජයග්රාහකයාට හෙලන් බාරදීම සිදු නොවෙයි. දහ අට වසරකට පසු හෙක්ටර්‚ ඇචිලීස් අතින් මරණයට පත් වේ. ඒ අනුව ට්රෝය් කණ්ඩායමට යුද්ධය අවසන් කරන්නට සිදු වේ. කුමරිය ආපසු ලබා ගන්නා මෙලෙනස් ඇතුළු පිරිස ග්‍රීසිය බලා නැව් නගිති.
ට්‍රෝජන් සටනේ දී ග්‍රීකයන්ට සහාය පිණිස ඉතාකා දූපත් වෙතින් ගොස් සටනට සහභාගි වූ ඔඩිසියස් නම් සෙන්පතියකු සටනින් අනතුරුව පෙරළා සිය රට බලා ඊමේ දී මුහුණ දෙන ත්‍රාසජනක අත්දැකීම් විස්තර කෙරෙමින් ඔඩිසි රචිත ය. ඔඩිසියස්ගේ බිරිය පෙනිලෝපා නම් රුවැත්තියකි. ඇය සිය සැමියා ආපසු එනතෙක් බලා සිටියි. ආපසු ගමනේ දී ඔඩිසියස්ට නොයෙකුත් අදෘශ්‍යමාන බලවේග පීඩා කරන අයුරු මෙහි දීර්ඝ ලෙස විස්තර කෙරේ. ඒවායින් ගැලවී සිය නගරය වෙත ආපසු එන ඔහු දකින්නේ සිය පිය බිරිය මුහුණ පා ඇති පීඩාවයි. ඔඩිසියස් මළ බව ප්‍රකාශයට පත් කොට ඇත. ඇගේ අත ගැනීම පිණිස කඩවසම් පුරුෂයෝ වලි කති. ස්වයංවරයක් පැවැත්වීමට දින නියම වේ. එදින ඔඩිසියස් නගරයට පැමිණෙයි. එවිට ඔහු ද මහලු වෙසක් ගෙන ස්වයංවරයට සහභාගි වෙයි. පෙනිලෝපා කිසිවකුටත් පරිහරණය කළ නොහැකි සිය සැමියාට පමණක් අවනත මහ දුන්න පෙන්වා එහි දඬු කඳ නවන පුද්ගලයා සමග යාමට කැමැත්ත පළ කරන්නීය. අනෙක් තරගකරුවන්ට එය කළ නොහැකි වන නමුත් ඔඩිසියස් පහසුවෙන් එය කරයි. එවිට පෙනිලෝපා ඔහුට හිමි වන අතර ඔහු පියවි වෙසින් ඇය හා එක්වෙයි. ඔඩිසි යන පදය වීර චාරිකාව යන අරුතින් වත්මනෙහි භාවිත ය.
මේ කාව්‍ය පසු කලෙක ග්‍රීසියේ සමද්යප සංවාද මණ්ඩපවල දී බොහෝ සෙයින් සාකච්ඡාවට භාජනය වී ඇති අතර ප්ලේටෝගේ ප්ලැටොනිස්ම් නම් ඇතැන්ස් අකඩමියේ හා ඇරිස්ටොටල්ගේ ලයිසියම් නමැති ශාස්ත්රාලයේ දී අධ්‍යයනය කරනු ලැබ ඇත. ඇරිස්ටොල්ගේ පොයෙටික්ස් නම් කෘතියේ වීර කාව්‍ය වෙන ම සාහිත්‍යංගයක් ලෙස දක්වා ඇත.
එහෙත් මෙවැනි මහා වීර කාව්‍ය සැමදා නොපැවැති අතර ඒවා ඉතා සිමීත වීමෙන් එම සාහිත්‍යංගය අතීතයට පමණක් සීමා වූ පුරාතන වටිනාකමක් පමණක් ඇති එකක් සේ අද සැලකේ.
කිපූ 2000 පමණ සමයේ සුමේරියානු රජකු විසින් රචිත ‘ගිල්යාමෙශ්’ නම් කෘතිය ලොව මුල් ම වීර කාව්‍යය ලෙස සැලකුම් ලබයි. ඒහෙත් එය සොයා ගනු ලැබ ඇත්තේ මින් වසර කිහිපයකට පෙර වන අතර හෝමර්ගේ කෘති මෙන් එය විද්වතුන්ගේ සම්භාවනාවට පාත්‍ර වී නොමැති තරම් ය.
ක්‍රිපූ 70 වසරේ දී රොමයේ මහා කිවි වර්ජිල් විසින් රචිත අනෙයිඩ් සහ කි.පූ. 43 සිට ක්‍රි.ව. 18 දක්වා විසූ තවත් රෝම මහා කවියකු වන ඔවිඩ් විසින් රචිත මෙටමොෆොසිස් ද වීර කාව්‍ය ලෙස පසු කලෙක සාහිත්‍යයට එක්ව ඇත.නිවැරදි කිරීමයි
පසුගිය දෙසැම්බර් 10 දා නව කතිකාව 9 දෘශ්‍ය කාව්‍ය යන හිසින් යුත් ලිපියේ දෙවන ඡෙදයේ ගායන පදමාලා නම් පදය ඉදිරියේ වරහන් තුළ diagrammatic නම් ඉංග්‍රිසි වචනය කිසියම් දොසකින් යෙදී ඇති අතර එතැනට නියමිත ඉංග්‍රිසි වචනය dithyrambic බව කරුණාවෙන් සලකන්න.