ඊජිප්තුව - කුමක් නිසා මේ දැවැන්ත ගොඩනැගිලි තැනුවේ ද ? | Page 15 | සිළුමිණ

ඊජිප්තුව - කුමක් නිසා මේ දැවැන්ත ගොඩනැගිලි තැනුවේ ද ?

අද දින නම්, නවීන තාක්ෂණයේ පිහිටෙන් දැවැන්ත ගොඩනැගිලි ලෝකයේ හතර කොණේ නිර්මාණය කර ඇත. එහෙත් ඒ එකම එක ගොඩනැගිල්ලක් වත් හරියටම අංශකයකින් දශම ගණනක නිරවද්‍යතාවයකින් යුතුව කිසිම දිශාවකට එල්ල කර තනන්නට ඒ නිර්මාණ කරුවන්ට කිසිම අවශ්‍යතාවක් ඇති වී නැත. අනෙක් දෙය වන්නේ, ඉතා කුඩා නිවසක් ගොඩ නැගුවද, ගොඩ නැගීමෙන් පසු ඉතාම කුඩා හෝ වරදක් හෝ මුල් සැලැස්මට වඩා වෙනසක් දැකීම සාමාන්‍ය දෙයක් වීමය.

ඔබ ඊජිප්තුවේ පිරමීඩ කියා ගූගලේ සොයා බැලුවහොත්, ඒ ගැන දහස් ගණන් ලිපි ලේඛන මෙන්ම වීඩියෝ දර්ශනද දකිනු ඇත. එසේ නැතහොත් විශාල පුස්තකාලයකට යන්න. එහි බොහෝ පොත පත මේ සඳහා ලියැවී ඇති බව ඔබ දකී.

එහෙත් මේ සියලුම ආකාරයේ දේවල් වල එක දෙයක් නම් දකින්නට නැත. එසේ නැතහොත්, ඒ සඳහා උත්තරයක් තවම කිසි කෙනෙක් සොයා ගෙන නැත. එනම් මේ දැවැන්ත ගොඩනැගිලි, මේ තරම් ජ්‍යාමිතික නිරවද්‍යතාවයකින් තැනුවේ කුමක් නිසාද යන්නය.

අපිට තියා, ඊජිප්තුව ගැන ජීවිත කාලයක් ඉගෙන ගත් මහාචාර්යතුමෙකුටවත් මේ ප්‍රශ්නයට උත්තර දෙන්න නොහැකි වනු ඇත. නමුත් ඒ ප්‍රශ්නය ගැන හිතන්නට පෙර, ඉතාම කෙටියෙන් මේ ජ්‍යාමිතික නිවැරදි බව ගැන සොයා බලමු.

අද දින නම්, නවීන තාක්ෂණයේ පිහිටෙන් දැවැන්ත ගොඩනැගිලි ලෝකයේ හතර කොණේ නිර්මාණය කර ඇත. එහෙත් ඒ එකම එක ගොඩනැගිල්ලක් වත් හරියටම අංශකයකින් දශම ගණනක නිරවද්‍යතාවකින් යුතුව කිසිම දිශාවකට එල්ල කර තනන්නට ඒ නිර්මාණ කරුවන්ට කිසිම අවශ්‍යතාවක් ඇති වී නැත. අනෙක් දෙය වන්නේ, ඉතා කුඩා නිවසක් ගොඩ නැගුවද, ගොඩ නැගීමෙන් පසු ඉතාම කුඩා හෝ වරදක් හෝ මුල් සැලැස්මට වඩා වෙනසක් දැකීම සාමාන්‍ය දෙයක් වීමය.

මේ ගොඩනැගිලි වල දිශාව තීරණය කිරීමේ එක්තරා ලාක්ෂණික අවශ්‍යතාවයක් වන්නේ ඉස්ලාමයේ කියවෙන මක්කම දෙසට පල්ලිද තනා තිබීමය. එහෙත් සව්දි අරාබියේ නවීන තාක්ෂණය භාවිතා කරන්නට පෙර තැනූ පල්ලි විශාල ප්‍රමාණයක දිශාව සාවද්‍ය බව සොයා ගෙන ඇත. මෙය සාමාන්‍ය දෙයකි. මේ හැර කිසියම් දිශාවකට එල්ල වන සේ තනන ගොඩනැගිලි ගැන අසා නැත.

එහෙත් පිරමීඩ තැනීමේදී මේ දිශාව ගැන විශේෂ උනන්දුවකින් කටයුතු කර ඇති බවද අවසානයේ දිශාව ලබා ගැනීමේ හැකියාව සැක කර නැති බව පැහැදිලිවම පෙනේ. එනම් ප්‍රධාන සැලැස්ම [Master plan] එක සහ අවසාන ඉදි කිරීම 100%ක්ම එක හා සමානය.

අක්කර දහතුනක වපසරියක් ගන්නා, ටොන් මිලියන හයක් බර මහා පිරමීඩය තනන්නට මිලියන දෙක හමාරක ගල් අවශ්‍ය විය. එහෙත් මෙය අංශක 3/60 නිරවද්‍යතාවයකින් යුතුව උතුරු දෙසට යොමුව ඇත. සමහරවිට ලෝකයේ උතුර දිශාව පසු කලක වෙනස් වන්නට ඇති නිසා මේ ඉතා කුඩා දෝෂය එනවා වෙන්නටද හැක.

මේ ආකාරයේ ගොඩනැගිල්ලක් තැනුවා මදිවාට එය තැනූ නිර්මාණ කරුවන්ට හෝ නිර්මාණ කරුවාට මේ අමතර කරදරයක් වන, හරියටම මේ දිශාව තීරණය කිරීමට ඇති හේතුව කුමක්ද? එපමණක් නොවේ.

පිරමීඩයේ උස 43,200 යන අගයෙන් වැඩි කල විට, හරියටම ඒ අගය වන්නේ, ‘ධ්‍රැවයක සිට පොළවේ ඇති අරය’ යන අගය ලැබේ. පොළවේ ඇති පාදමේ පරිමිතිය ගතහොත් සහ එම අගය 43,200 න් වැඩි කළහොත් ඔබට, ‘පොළවේ සමකය වටා ඇති දුර’ ලැබෙනු ඇත.

මේ 43,200 යන විශේෂිත අගය කුමක්ද ? අහඹු අගයක් යයි ඔබ සිතන්නේද ?

එය කුමක්වත් නොව ‘Precession of earth’ යන පරාමිතිය වේ. ඒ ගැන තරමක් විස්තරයක් කළහොත්; කරකැවෙන බමරයක් දෙස හොඳින් බලන්න. එය කරකැවෙන අතරේ එහි අක්ෂය බමරයේ කරකවීමත් සමඟම, එම කරකැවීමට වඩා බොහෝ අඩු වේගයෙන් කරකැවෙන බව පෙනෙනු ඇත. ලෝකයද බමරයක් සේ මෙසේ කරකැවෙන විට, මෙන්න මේ තම අක්ෂයද සෙමෙන් කැරකේ. එය එක් රවුමක් කරකැවීමට යන කාලය අවුරුදු 43,200ක් වේ.

මේ අගය මින් ශත වර්ෂ ගණනාවකට පෙර ග්‍රීසියේ සිටි හිපාකුස් වැරදි ආකාරයට භාවිතා කර ඇත. එනම් එයින්ම ගම්‍ය වන්නේ, මේ පිරමීඩ තැනූ තාක්ෂණය, ග්‍රීක් අප අසා ඇති ගණිතමය ඥාණයට වඩා ඈත කාලයකට මෙන්ම ඊට වඩා ගැඹුරටද යන බවය.

තවත් ‘අහඹු අගයක්’ ගැන කියනවා නම්, එය ආලෝකයේ ප්‍රවේගය සහ පිරමීඩයේ ජ්‍යාමිතික ඛණ්ඩාංකය වේ. ආලෝකයේ ප්‍රවේගය තත්පරයට මීටර් 299792458කි. පිරමීඩය තනා ඇති උතුරු ඛණ්ඩාංකය 29.9792458 කි. මෙහි දශමස්ථානද ‘අහඹු අගයක්’වන්නේද කියා ඔබ සිතන්නේද?

තවත් දෙයක් නම්, මේ පිරමීඩ තැනුවේ වහළුන් ගෙන් නොවන බවය. බොහෝ අය එසේ විශ්වාස කලද, පැරණි ඊජිප්තු රාජධානියේ වහළුන් නොසිටි බව සොයා ගෙන ඇත. එනම්, කව්රුන් මේ අද්භූත ගොඩනැගිලි තැනුවද ඒවා මහත් භක්තියකින් සහ කැප වීමකින් කල බව පෙනේ. වහලුන් යොදා මේවා හැදුවා නම්, අකමැත්තෙන් කිරීම නිසා සුළු හෝ දෝෂ ඇතිවීමේ සම්භාවිතාවය වැඩි වේ.

තවද මේ පිරමීඩ ඈත අජටාකාශයේ ඇති ඔරායන් තරු පංති වලට ඇති සම්බන්දය ඔබ දන්නවා ඇත. [කරුණාකර මේ ගැන මා ලියා ඇති වෙනත් ලිපි, බ්ලොග් සටහනේ ‘ඊජිප්තුව’ යන මාතෘකාවේ බලන්න. එහි මේ විස්තර ඇත.]

දැන් ප්‍රශ්නය වී ඇත්තේ කුමක් නිසා මේ පිරමීඩ තැනුවේද යන්නය. එහි පරිමාවට සාපේක්‍ෂව, ඇතුළේ ඇති හාස්‍යජනක සේ කුඩාවූ කාමර වල, මැරුණු මිනිසෙක්ගේ කෙමෙන් විනාශ වී යන දේහයක්’ තබන්න මේවා තැනුවා යයි කීම තර්කානුකූල නොවේ. තවද මිය ගිය කෙනෙක් අනිවාර්යයෙන්ම කවදා හෝ දුහුවිලි බවට හැරෙනවා යන සරල යතාර්ථය, මේ අද්විතීය නිර්මාණ කරුවා හෝ නිර්මාණ කරුවන් නොදැන සිටින්නට කිසිම හේතුවක් නැත.

මහා පිරමීඩය යනු ලෝකයේ ඇති කිසියම් ද්‍රව්‍යමය වූ හෝ ද්‍රව්‍යමය නොවූ, අප නොදන්නා පදාර්ථයක් සමඟ සූසරව ඇති වස්තුවක්දෝ යන්න ගැන සැකයක් සිතේ. එනම් මේ මහා පිරමීඩය කිසියම් ආකාරයක ඇන්ටෙනාවක් වත්ද ?

ඇන්ටෙනාවක් සඳහා සරල උදාහරණයක් වන ‘යාගී ඇන්ටෙනාව’ ගනිමු. එහි ඇති ඩයිපෝලයේ දිග, එම ඇන්ටෙනාවෙන් උකහා ගන්නා තරංගයේ ගුණාකාරයකි. ලෝකයෙන් කිසියම් ආකාරයක අප මෙතෙක් සොයා නොගත් ආකාරයක කිසියම් තරංගාකාරයක් මුක්ත වන්නේ නම්, එය ‘ලෝකයේ මාන වලට සමානුපාතික පිරමීඩ නම් ඇන්ටෙනාව’ එම තරංගය උකහා ගෙන අජටාකාශයේ අප නොදන්නා තැනකට අප මෙතෙක් නොදන්නා තාක්‍ෂණයක් භාවිතා කර එල්ල කරන්නේද ?

වෙනත් ආකාරයකින් කිවහොත්, මේ පිරමීඩය අපේ විස්තර ලොවෙන් එළියට යවන ඇන්ටෙනාවක්ද ?

ඇන්ටෙනාවක ඩයිපෝලයෙන් උකහා ගන්නා තරංගය තව තවත් ශක්තිමත් කරන්නට ඩයිපෝලයට අමතරව තවත් කොටස් ඇති බව ඔබ දනී. දමා ඇති පින්තුරයේ එය පෙනේ. එය එසේ නම් පිරමීඩය යන ඩයිපෝලයේ අනෙක් කොටස් මොනවාද?

මේ මහා පිරමීඩය ඇති තැන සිට, ‍පොළොවේ හරියටම විරුද්ධ ස්ථානයේ’ කුමක් තිබේද යන්න ගැන ඔබ කියවා සොයා බලා ඇත්ද ? ඔව්, එය මේ මෑත අතීත කාලයේ සොයා ගත් දෙයකි. ‘ගූගල් අර්ත්’ නොතිබුණා නම්, ඒ ගැන සොයන්න ක්‍රමයක් නැත. මේ කාලයේ අන්තර් ජාලය ඇති ඕනෑම කෙනෙකුට මේ ස්ථානය සොයා ගත හැක.

එනම් එම ස්ථානයේ ඇත්තේ අඩි දහස් ගණනක් උස දැවැන්ත කුලුනු තුනක් සහ මහා ගැඹුරැති සිදුරකි. මේවා හුනු ගල් ස්තර වැනි ස්වභාව ධර්මයාගෙන් තැනුණු දේවල් නොවන බව පැහැදිළිය.

චණ්ඩ මුහුදු දිය පහරවල් ගමන් කරන මහා මුහුදේ හුණු ගල් ස්ථර පවතින්නේ නැති බව පැහැදිළිය.

කව්රුන් නම් මේ කුලුනු පැසිෆික් මහා සාගරයේ ගැඹුරු තැනක සවි කර, අඩි හතළිස් දාහක් ගැඹුරැති හිලක් හැදුවේද ? මේ ලකුණු ලෝකයේ මධ්‍යය වෙත යාම සඳහා ඉදි කර ඇත්තේද ?

එසේ නැතහොත් පිරමීඩ යනු; ලෝකය අන්තරීක්‍ෂ කිරණ මධ්‍යයේ කරකැවෙන විට එයින් ඇතිකරන කිසියම් ආකාරයක ශක්තියක් ගොනු කර ගැන්මට නිර්මාණය කරන ලද දැවැන්ත ඩයිනමෝවක කොටස්ද ?

ශත වර්ෂ ගණනාවක් මිනිසා මේ පිරමීඩ සහ ඒ හා සම්බන්ද විස්තර දෙස කුතුහලයෙන් අධ්‍යනය කළේය. පරම්පරා ගණනක් මිනිසුන් මේ ගැන සිතා උත්තරයක් නොමැතිව මිය ගියහ.

අපද ඒ මිනිසුන්ට වඩා වෙනසක් නැති බව පෙනේ. ඒ අතර මේ නිර්මාණකරුවා හෝ නිර්මාණකරුවන් විශ්වයේ කොනක සිට, අප දෙස බලමින් අපට අනුකම්පා කරමින් බලා සිටිනවා විය හැකිය.

ලලිත් කරුණාරත්න

Comments

මාත් 100% ක් ඔබේ අදහස් හා එකඟ වෙනවා. මාත් අවුරැදු ගණනාවක් විවිධ රටවල් වල බ්ලොග් අඩවි, මිතුරන්ගේ අදහස් විශ්ලේශණය කලා. මටත් ලැබුනු අවසන් නිගමනය මෙම පිරමීඩ පෘථිවි වාසීන් නිර්මාණය නොකල බවයි. සමහරවිට විට මාව මානසික රෝගියෙක් ලෙස හංවඩු ගැසීමට හැක. නමුත් තේරැම් ගත යුතු සත්‍ය කෙදිනක හෝ එලියට එනු ඇත. ඔබ පැවසූ කාරනා 100% විදෙස් වාර්තා සමඟ ගැලපේ. පිරමීඩ වසර 150000 ත් 250000 අතර ආයු කාලයක් වනවා. මෙය නිවැරදි කාබන් පරීක්ෂාවක් කල නොහැකියි. එයට හේකුවක් තියෙනවා.

පිටු