මැලේසියානු අගමැති අද (17) ශ්‍රී ලංකාවට | Page 10 | සිළුමිණ

මැලේසියානු අගමැති අද (17) ශ්‍රී ලංකාවට

 මැලේසියානු අගමැති ශ්‍රී මොහොමඩ් නජිබ් අබ්දුල් රෂාක් මහතා අද (17) ශ්‍රී ලංකාවට පැමිණේ. ශ්‍රී ලංකා රජයේ නිල ඇරියුමක් පරිදි මෙරට සංචාරය කරන ඒ මහතා දෙසැම්බර් 17 සිට 19 දක්වා මෙරට රැඳී සිටින අතර, ඒ දෙදින තුළ ද්විපාර්ශ්වීය රාජතාන්ත්‍රික හමුවීම් කිහිපයක් යෙදී තිබේ.

මැලේසියානු අගමැතිවරයා සහ එම ආර්යාව ශ්‍රී ලංකාවේ ගත කරන කාලය තුළ මැලේසියානු අග්‍රාමාත්‍ය ශ්‍රී මොහොමඩ් නජිබ් අබ්දුල් රෂාක් මහතාගේ පරිවාර ඇමැතිවරයා ලෙස ඉඩම් හා පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ ඇමැති ගයන්ත

කරුණාතිලක මහතා පත් කර තිබේ. 

Comments