මතට එරෙහිව ගුවන් හමුදාවත් සීරුවෙන් | Page 819 | සිළුමිණ

මතට එරෙහිව ගුවන් හමුදාවත් සීරුවෙන්

මත්ද්‍රව්‍ය ජාවාරම මැඬපැවැත්වීම සඳහා ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ හතළිස් දෙනකුගෙන් යුත් නිලධාරීන් පිරිසක් තෝරාගෙන, ඔවුන්ට විශේෂ පුහුණුවක් ලබා දී, පූර්ණකාලීන ක්‍රියාකාරිකයන් ලෙස දිවයින පුරා සේවයේ යෙදවීමට පියවර ගෙන තිබේ.

මෙසේ ගුවන් හමුදාවේ තෝරාගත් නිලධාරීන් පිරිසක් මත්ද්‍රව්‍ය නිවාරණය සම්බන්ධයෙන් විශේෂ පුහුණුවක් ලබාදී සේවයෙහි යෙදවීමට අදහස් කොට ඇත්තේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් විවිධ සූක්ෂ්ම උපක්‍රම මගින් මෙරට මත්ද්‍රව්‍ය අලෙවි කිරීමෙන් සහ අන් අයට ඒවා බෝ කිරීම වැනි කටයුතුවල යෙදීම මුළුමනින්ම නතර කළ යුතුයි යන ස්ථාවරයේ සිටිමිනි. තවද මේ බළකාය විසින් ග්‍රාමීයව වෙසෙන පුද්ගලයන්ගේ අධ්‍යාපනික අවශ්‍යතා ඉටු කිරීමටත්, ඔවුන්ගේ සෞඛ්‍ය මට්ටම වැ‍ඩිදියුණු කිරීමටත් කටයුතු කිරීමට නියමිතය. 

Comments

පිටු