
මේ දිනවල ඉන්දීය කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන එක්දින ක්‍රිකට් තරගාවලියේ පළමු තරගයට නායක විරාත් කෝලි ක්‍රීඩා කළේ නැහැ. එම තරගයෙන් ශ්‍රී ලංකා කණ්ඩායම ජයග්‍රහණය කළ අතර ඉන්දීය කණ්ඩායම අන්ත පරාජයක් ලැබුවා. කෝලි මෙම තරගයට ක්‍රීඩානොකිරීමට හේතුව දැන් හෙළිවි තිබෙනවා. ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමේ නායක විරාත් කෝලි හා බොලිවුඩ් නිළි අන්ෂ්කා ෂර්මා අතර පැවැති ආදරය මල්පල ගන්වමින් පසුගියදා (11 වැනිදා) ඔවුන් දෙදෙනා යුග දිවියට පිවිසියා. ඉතාලියේ මිලානෝ නුවර හෝටලයක ඉතා දැඩි ආරක්ෂක රැකවල් මධ්‍ය යේ ඉන්දීය විවාහ චාරිත්‍ර අනුව මෙම ‘මෙහෙන්දි‘ උත්සවය පැවැත්වුණා.
එම අවස්ථාවට දෙදෙනාගේම පවුලේ අය සහ හිතවතුන් පමණක් සහභාගි වූ බව මාධ්‍ය වාර්තා කරනවා. 2013 වසරේදී රූපවාහිනී දැන්වීමක් රූගත කිරීමට ගිය අවස්ථාවකදී මුණ ගැසී ඇති දෙදෙනා පෙම්වතුන් බවට පත්වී ඇති අතර ඉන්පසු විවිධ හේතු නිසා ඔවුන් දෙදෙනා වෙන්වුණු සහ එක්වුණු පුවත් බොලිවුඩ් පුරයේ වඩාත් කතාබහට ලක්වුණා.
එසේම වරක් විරාත්කෝලි සහභාගි වුණු ක්‍රිකට් තරගයක් අතර තුර ක්‍රීඩක විවේකාගාරයට ගිය අනුෂ්කාගේ ඡායාරූපයක් ක්‍රීඩාලෝකයේද වඩාත් කතාබහට ලක්වුණා. කෙසේ වෙතත් බොලිවුඩ් ලෝකයටත් ක්‍රීඩාලෝකයටත් වරින්වර පුවත් මැවූ මේ දෙදෙනාගේ ප්‍රේම කතාවේ දෙවැනි අදියර ආරම්භ කරමින් මෙලෙස විවාහ ගිවිස ගැනීම වෙනුවෙන් ශාරුක් ඛාන් ඇතුළු බොලිවුඩ් තාරකා රැසක් සිය ට්විටර් ගිණුම් ඔස්සේ සුබ පැතුම් එක්කර තිබේ.
විවාහ උත්සවයේ මුල් අවස්ථාව මේ අකාරයට ඉතාලියේ සිදුකළ කෝලි අනුෂ්කා විවාහය උත්සවාකාරයෙන් ලබන 26 වැනිදා පවත්වන්නට නියමිත බවද වාර්තා වේ.