
ජෙනිෆර් වැඩිය කැමැති එළුකිරිවලටලු
සිනමා රංගනයට විරාමයක් තබන්න සුපිරි නිළි ජෙනිෆර් ලෝරන්ස් සැරසෙනවා. හොලිවුඩ් පුරයෙන් මඳකට සමුගෙන තමන් උපන් ගම් ප්‍රදේශයට ගොස් ගොවිපොළක් මිලදී ගෙන එහි වැඩ කටයුතු බලා කියාගෙන කාලය ගත කරන්නලු ඇය වඩාත් ම කැමැති. “මට දැන් අවශ්‍ය ෆාම් එකක් අරගෙන වැඩ කරන්නයි. විශේෂයෙන්ම එළුවන් ඇති කරලා කිරි ගන්න මම කැමැතියි ” රංගනය වෙනුවෙන් ලොව වැඩිම මුදලක් අය කරන ඔස්කාර් සම්මානයෙන් පිදුම් ලද ජෙනිෆර් මෙලෙස කීවේ ඇමරිකානු ඔන්ලයින් පුවත් පතකටයි. ‘එලී‘ නම් වූ එම පුවත් පත පවසන්නේ දේශපාලන කටයුතු වලට පිවිසීමේ කැමැත්තක්ද ඇය තුළ තිබෙන බවයි. ඇමරිකානු රාජ්‍ය නොවන සංවිධාන සමඟ එකතු වී නාස්තිය සහ දූෂණයට එරෙහිව කටයුතු කිරීමට ජෙනිෆර් තීරණය කර ඇති බව ඇය පැවසුවේ යැයිද එම පුවත් පත සඳහන් කර තිබුණා. 1990 අගේස්තු 15 දා ඇමරිකාවේ කෙන්ටකි ප්‍රදේශයේ ගැමි පරිසරයක හැදුණු වැඩුණු ජෙනිෆර් අධ්‍යාපනය ලැබුවේද ඊට ආසන්න ප්‍රදේශයක පිහිටි පාසලකයි.
තවත් ගිලියන් කෙනෙක්
“එක්ස් ෆයිල්ස්” (X - Files) ටෙලි නාට්‍ය මාලාව නිසා ලාංකික ප්‍රේක්ෂකයන් අතර ජනප්‍රිය වූ සුපිරි නිළි ගිලියන් ඇන්ඩර්සන් පසුගියදා ලන්ඩන් නුවර සිනමා හලකට ගොඩවුණේ තම යොවුන් දියණියත් එක්කයි. ඒ ‘ද ක්‍රවුන් ‘ නම් වූ ජනප්‍රිය ටෙලි නාට්‍ය මාලාවේ දෙවැනි අදියරේ මංගල දර්ශනයක් නරඹන්නටයි. (මෙම ටෙලි නාට්‍යය බ්‍රිතාන්‍යයේ දෙවැනි එළිසබත් රැජන කේන්ද්‍ර කර ගනිමින් නිර්මාණය වූවක් ).
ගිලියන් ගේ දියණියගේ නම පිපර් මේරු කෝල්ටිස්. 29 වැනි වියෙහි පසුවන ඇගේ ස්වරූපය බෙහෙවින්ම ගිලියන් ට සමානයි. පිපර් ගේ පියා කැනේඩියානු ටෙලි නාට්‍ය කලා අධ්යක්ෂවරයකු වන ක්ලයිඩි කෝල්ටිස් ඔහු සහ ගිලියන් විවාහ වී සිටියේ 1994 - 1997 අතර කාලයේදීයි 1997 දී ක්ලයිඩි ගෙන් වෙන්වූ ගිලියන් 2004 දී ජුලියන් ඔසේන් නමි වූ චිත්‍රපට අධ්යක්ෂවරයා සමඟ විවාහ වුණා. නමුත් ඒ විවාහය 2006 දී අවසන් වුණා ගිලියන් ට තවත් දරුවන් දෙදෙනකු සිටිනවා. ඒ මාක් ග්‍රිෆිත් නම් වූ ව්‍යාපාරිකයා සමඟ දිවිගෙවූ කාලයේදියි. ගිලියන් මෑතකදී හෙළි කර සිටියේ තමන් මානසික රෝගී තත්වයකින් පෙළෙමින් සිටිය බවයි “මේ අසනීපයෙන් හිටිය දවස්වල මම කාලය ගත කළේ හරිම අපහසුවකින්. මට ඒ දවස්වල ගෙදරින් එළියට යන්න හිතුණෙ නැහැ.” ගිලියන් සිනමා ශාලාවෙන් පිටව යද්දී මාධ්‍යවේදියකු සමඟ පැවැති කෙටි කතා බහකදී පැවසුවා. කෙසේ වෙතත් ඒ අඳුරු අතීතය මුළුමනින්ම හෙළිකරන්නට අකැමැති ඇය පැවසුවේ ඒ තොරතුරු යම් දවසක හෙළි කරන්නේ තමන් විසින් ලියනු ලබන ග්රන්ථයකින් යැයි ඇය කියා සිටියා.
ග්‍රැමී සම්මාන තරග බිම සූදානම්
ගී ලොව එකලු කරන ග්රැමි සම්මාන උළෙල 60 වැනි වතාවටත් පැවැත්වීමට නියමිතයි. ලබන ජනවාරි 28 වැනි දින නිවියෝක් හි මැඩිසන් චතුරස්‍ර උද්‍යානයේ දී ජය දද බඳින මේ මියුරු රාත්රියේදී පිරිනැමෙන සම්මාන වෙනුවෙන් නිර්දේශිත ගායක ගායිකාවන්ගේ නම් දැනටමත් ප්‍රකාශයට පත්වී හමාරයි. ඒ අනුව මෙවර සමිමාන උළෙලට නිර්දේශිත නම් වලින් වැඩිම සම්මාන ප්‍රමාණයකට යෝජනා වී ඇත්තේ සුපිරි ගායක ජේ – ඉසෙඩි ගේ නමයි. මෙහිදී සිදුවී ඇති තවත් විශේෂත්වයක් වන්නේ ගායිකා කැටී පෙරී ගේ නම කිසිදු ප්‍රධාන සම්මානයකට නිර්දේශ නොවීමයි.
ජේ – ඉසෙඩි ගේ “4 ‐ 4 ” වසරේ හොඳම ගීත ඇල්බමය ට හිමිවන සම්මානයට නිර්දේශ වී තිබෙන අතර, මෙහි ඇතුළත් වන “ද ස්ටෝරි ඔෆ් ඔි - ජේ ” ගීතය වසරේ හොඳම ගීතයට හිමිවන සම්මානයට නිර්දේශ වී තිබෙනවා.
“4 ‐ 4 ”ගීත ඇල්බමය සමඟ තරග වදින්නේ බෲනෝ මාස් ගේ “24 කේ මැජික් නවසීලන්ත පොප් ගායක ලෝඩිස් ගේ “මෙලෝ ඩ්‍රාමා”), චයිල්ඩිෂ් ගැමිබිනෝ ගේ “අවේකන් මයි ලව්”සහ කෙන්ඩ්රීක් ලාමා ගේ “ඩෑම්” යන ගීත ඇල්බම යි. මෙම සම්මාන උළෙලේදී සැලකිල්ලට ගෙන ඇත්තේ 2016 ඔක්තෝබර් සිට 2017 සැප්තැමිබර් අතර කාලය තුළදී නිර්මාණය වූ ගීතයි.
පෙනිලෝප් ගේ අලුත්ම රංගනය
ජනප්‍රිය රහස් පරීක්ෂක නවකථා රචිකාවියක වූ අගතා ක්‍රිස්ටි ලියූ කතාවක් ඇසුරින් නිර්මාණය කෙරෙන “මර්ඩර් ඉන් ඔරියන්ටි එක්ස්ප්‍රස් ” චිත්‍රපටයේ ප්‍රධාන චරිතයක් නිරූපණය කිරීමේ වරම ජනප්‍රිය නිළි පෙනිලෝප් කෲස්ට හිමි වී තිබෙනවා. ඇය එහි රඟන්නේ රහස් පරීක්ෂක වරියකගේ චරිතයක්. මෙම නවකථාව අගතා ක්‍රිස්ටි රචනා කර ඇත්තේ 1934 දීයි. එය ඇසුරින් “මර්ඩර් ඉන් ඔරියන්ටි එක්ස්ප්‍රස් ” මුල්ම චිත්‍රපටය 1974 දී නිර්මාණය වී තිර ගතවී තිබෙනවා. ඉන් පසුව 2001 දී රූපවාහිනී චිත්‍රපටයක් ලෙස නිර්මාණය වූ මෙය 2010 දී ටෙලි වෘත්තාන්තයක් ලෙස විකාශය වුණා. “එම චිත්‍රපටයේ එක දර්ශනයක මමයි තව කිහිප දෙනකුයි වැගන් එකක හිරවෙලා ඉන්නවා. අද චිත්‍රපටිය බලද්දී මටම බය හිතූණා. ඒත් මේ චිත්‍රපටිය ලන්ඩන් වල රූ ගත කළ මාසයක විතර කාලය තුළදී හොඳ අත්දැකීමක් ලැබුවාය කියලයි මම හිතන්නෙ. ” පෙනිලෝප් එලෙස කීවේ “මර්ඩර් ඉන් ඔරියන්ටි එක්ස්ප්‍රස් ” මංගල දර්ශනය නැරඹීමෙන් පසුවයි.
මිස්ටර් බීන් ට යළි පිය පදවිය
මිස්ටර් බීන් තුන්වැනි වතාවටත් පිය පදවිය ලබන්න සූදානම් වෙනවලු. මේ ආරංචිය මිස්ටර් බීන් ගේ චරිත නිරූපණයක් කියල නම් හිතන්න එපා. මෙය ඇත්තක්. මිස්ටර් බීන් ගේ චරිතයට පණ දෙන රෝවන් ඇටිකින්සන් ගේ දෙවැනි බිරියට තමයි මේ දරුවා ලැබෙන්නෙ. හැබැයි දැන් නම් රෝවන් ඇටිකින්සන් ගේ වයස අවුරුදු 62 ක්. රෝවන් මීට පෙර විවාහ කරගෙන සිටියේ සුනේත්‍රා ශාස්ත්‍රි වයි ඇය බී බී සී රූපවාහිනියේ වේෂ නිරූපණ ශිල්පිනියක්. රෝවන් සහ සුනේත්‍රා ගේ විවාහ දිවියට වසර 25 ක් පිරෙද්දී 2013 දී දෙදෙනා වෙන් වුණා.
එම විවාහයෙන් ඔවුන් දෙදෙනාට දරුවන් දෙදෙනකු සිටිනවා. වැඩිමලා ( බෙන් ) ගේ වයස අවුරුදු 25 යි. දියණිය ලිලී ගේ වයස 21 ක්. තම පියා නැවත වතාවක් පියකු වන්නට යන බව දැන ගත් ලිලී වහාම තම වාසගම වෙනස් කර, ඇටිකින්සන් වෙනුවට ශාස්ත්‍රී ලෙස තම මවගේ වාසගම යොදා ගත්තා. “මේක හරිම පුදුම දෙයක් මෙච්චර කාලයක් ලිලී ඇටිකින්සන් වුණ මම දැන් ලිලී ශාස්ත්‍රී. තාත්තා අපෙන් වෙන් වීම ඇත්තටම දුකක් ” ලිලී පැවසුවා. රෝවන් ඇටිකින්සන් දැන් විවාහ කරගෙන සිටින්නේ ලුවිස් ෆෝර්ඩ්. ඇය චැනල් 4 රූපවාහිනියේ නිවේදිකාවක්.