සුපිරි තරු අතරේ දි‍ෙ­ල­න්නට වරම් ලැබූ ෂානි ඇන්ජලා | Page 3 | සිළුමිණ

සුපිරි තරු අතරේ දි‍ෙ­ල­න්නට වරම් ලැබූ ෂානි ඇන්ජලා

සිරස සුපර්ස්ටාර් තරගාවලියේ Season -4 වටයේ දී සිය ගායන හැකියාවන් රටටම පෙන්වූ ඇය නමින් ෂානි ඇන්ජලා. තරගාවලියේ අනෙකුත් තරගකරුවන් එකිනෙකාට නොදෙවැනි ලෙස තම දක්ෂතා පෙන්වූ ඇයට එහි අවසන් සය දෙනා දක්වාම පැමිණීමට හැකියාව ලැබුණි.

වැලිවේරිය ප්‍රදේශයේ උපන් ෂානි මේ වන විට ඕස්ට්‍රේලියාවේ පදිංචිව සිටින්නීය. ඇය ගායන ලොවට අත්පොත් තබන්නේ දෙව් මැඳුරේ ගීතිකා කණ්ඩායමෙනි. ගම්පහ සිරිකුරුස විද්‍යාලයෙන් සිප් සතර හැදෑරු ඇය පාසල් අවධියේ සිටම ගායන අංශයෙන් දක්ෂතා දක්වමින් ජන ගායනා තරගවලින් ජයග්‍රහණ ලබාගන්නට සමත්වූවාය. එසේම ජාතික රූපවාහිනිය ඉදිරිපත් කළ ළමා ගම්මානය වැඩ සටහනේ ගායනා අංශයේ දෙවැනි ස්ථානය හිමි කර ගැනීමට සමත් වූයේ සුවිශේෂී දක්ෂතා පෙන්වමිනි.

එමෙන්ම මේ වන විට ඇය ජාතික ගුවන් විදුලියේ ‘බී ‘ශ්‍රේණියේ ගායිකාවකද වන්නීය. ඇයට ගායන ක්ෂේත්‍රයේ දිගු ගමනක් යාමට මූලික අඩිතාලම වූයේ ඇගේ මවයි. නූතනයේ නව රැල්ලට නොයමින් භාවාත්මක ගීත පමණක් ගායනා කරන ඇය නුදුරේදීම ඇගේ නමින් සංයුක්ත තැටියක් කිරීමටද බලාපොරොත්තුවෙයි.

මෙතෙක් ආ ගමන් මගේ ඇයට අතහිත දුන් ගායන ශිල්පී ශිහාන් මිහිරංගද, ඇගේ දෙමාපියන් සහ සංගීත ශිල්පියකු වන සැමියා ප්‍රසන්න නාගහවත්ත ඇතුළු ඇගේ ගමනට ශක්තියක් වූ සියලුම දෙනාට තුති පුද කරන්නීය.

ඇගේ ලිපිනය - 516/32, බණ්ඩාරවත්ත, වැලිවේරිය. 

Comments