
වෙන්නප්පුව ප්‍රදේශයෙන් බිහිවුණු ව්‍යාපාරිකාවකවන මධූ එදිරිසිංහ ලේඛිකාවක, නිළියක මෙන්ම නිරූපිකාවක ලෙස කලා ලෝකයේ දිගු ගමනක් යාමට පෙරුම්පුරන නව පරපුරේ ශිල්පිනියකි.හැකියාවන් ගොන්නකින් සපිරුණු මධු ඇය ගැන මෙසේ කීවා.
මම පාසල් අවධියේ සිටම කලා ක්ෂේත්‍රයේ නිරූපිකාවක් ලෙස වැඩ කළා. ඉන් පසුව දැනට වසර දහයකට පමණ පෙර ඕස්ට්‍රේලියාවේ පදිංචියට ගියා.එහිදී නිරූපණ ක්ෂේත්‍රයට එක්වී එරට වෙළෙඳ දැන්වීම් කිහිපයකට සිය දායක්ත්වය ලබාදෙන ගමන් එරට ශ්‍රි ලාංකිකයන්ගේ ආයතනයකින් නර්ථනය හැදෑරීම කළා. ඉන් පසුව එරට විශ්වවාහිනී ආයතනයේ වැඩසටහන් ඉදිරිපත් කරන්නියක් ලෙස කටයුතු කරන්න වාසනාව ලැබෙනවා.ඉඩ ලැබෙන සෑම අවස්ථාවකම මගේ මවු රටට පැමිණ කිසියම් නිර්මාණයකට සහභාගිවෙන්නේ පුදුම ආසාවකින්. ඒ අනුව පසුගිය කාලයේ ශ්‍රි වික්‍රම රාජසිංහ චිත්‍රපටියේ කුමාරිහාමි කෙනෙකුගේ චරිතයකට රංගනයෙන් දායක වුණා. එය ලබන වසරේදි තිරගතවීමට නියමිතයි. දැනටමත් තවත් චිත්‍රපට කිහිපයකටම ආරාධනා ලැබී තිබුනත් ඉඩ ලැබෙන පරිදි රංගනයේ නියැළෙන්න සිදු වී තිබෙනවා.
මා තුළ පවතින ලේඛන හැකියාවෙන් වැඩක් ගත යුතු නිසා පසුගිය කාලයේ නිමාවු පැතුම් නමින් නවකතාවක් ලියා අවසන්කළා. මේ වනවිට දෙවැනි නවකතාව ලියමින් සිටිනවා. මගේ පියා වසන්ත එදිරිසිංහ මගේ මේ හැකියාවන් ඉදිරියට ගෙන යන්න විශාල සහයෝගයක් ලබාදෙනවා.
විජිතසේන වික්‍රමතිලකට අභිනන්දන සම්මාන
කළුතර සාහිත්‍ය උළෙල පසුගියදා සංස්කෘතික දෙපාර්තමේන්තුවේ අනුග්‍රහයෙන් කළුතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදි පැවැත්විණි. එහිදී කලාකරුවන් පස්දෙනෙකු වෙත අභිනන්දන සම්මාන පිරි නැමුණි. චිත්‍ර කලාව වෙනුවෙන් අභිනන්දන සම්මානය දිස්ත්‍රික් ලේකම් යූ.ඩී.එස් ජයලාල්, කළුතර ප්‍රාදේශිය ලේකම් බුද්ධිකා රුවනි සමරතුංග යන අය ඉදිරිපිටදී අතිරේක දිස්ත්‍රික් ලේකම් විමල් ගුණතුංග මහතා විසින් කලාභූෂණ විජිතසේන වික්‍රමතිලක මහතා වෙත සම්මානය ප්‍රදානය කළ අවස්ථාව.
Somalatha Subasinghe Play House ඉදිරිපත් කරන වාර්ෂික ළමා නාට්‍ය උළෙල 2017 ලයනල් වෙන්ඩ්ට් හිදී
Somalatha Subasinghe Play House ඉදිරිපත් කරන වාර්ෂික ළමා නාට්‍ය උළෙල දෙසැම්බර් 8, 9 සහ 10 දින වලදී සවස 3.30 ට සහ 6.45 ට ලයනල් වෙන්ඩ්ට් රඟහලේ දී වේදිකා ගත කෙරේ.
Somalatha Subasinghe Play House විසින් නිෂ්පාදනය කරනු ලැබූ සෝමලතා සුබසිංහ විසින් රචිත චන්දන අලුත්ගේ විසින් අධ්‍යක්ෂණය කරන'වලස් පවුල' ලබන 8 හා 9 යන දිනයන් හිදීත්, සෝමලතා සුබසිංහ විසින් රචනා කොට අධ්‍යක්ෂණය කරනු ලැබූ 'රත්මලී' සහ 'පුංචි අපට දැන් තේරෙයි' යන නාට්‍ය ද්විත්වය ලබන 10 දින දීත් මෙහිදී වේදිකා ගත කිරීමට නියමිතය. ජන කතා සහ සුරංගනා කතා කිහිපයක් පදනම් කොට ගෙන අර්ධ සංගීතමය නාට්‍ය ලෙස මෙම නාට්‍ය ත්‍රිත්වය නිෂ්පාදනය කොට ඇත. ආදරය, මානව දයාව සහ ලෝකය පිළිබඳව දැනුවත් වීමේ වැදගත්කම මෙම නාට්‍ය තුළින් දරුවාට පැහැදිලි කරයි.
සිනමා හා රූපවාහිනී රංගනය පිළිබඳ පාඨමාලාවට සිසුන් බඳවා ගැනේ
ජනමාධ්‍යවේදි සැම්සන් විජේරත්න මහතා විසින් සිනමාව හා රූපවාහිනී තිර රචනය, වේශ නිරූපණය, අංග රචනය, කලා අධක්ෂණය,රංගනය පිළිබඳ නවතම පාඨමාලාවක් ආරම්භ කිරීමට සැලසුම්කර ඇත.
අවුරුදු 10-16අතර සිසුන් සඳහා මෙය විවෘතව පවතින අතර මෙම සිසුන් සියලු දෙනාටම නවතම සිනමා කෘතියේ රඟපෑමටද අත්දැකීම් ඇති විද්වතුන්ගේ දෙසුම්වලටද කැමරාව ඉදිරිපිට රංගන පුහුණුවටද අවස්ථාව උදාවනු ඇත.
මේ සඳහා ඇතුලත් වීමට ඔබගේ අයදුම්පත [email protected]යන විද්‍යුත් ලිපිනයට නැතිනම් 0717368336යන දුරකථන අංකයට නම ලිපිනය එස්.එම්.එස් කරන්න.
රංගනය සඳහා අවස්ථාවක්
රූකඩ රාජ්ජේ, වෙලාවකට පිස්සු වගෙයි, මාශා සහ වලහා වැනි ප්‍රසිද්ධ වේදිකා නාට්‍ය රචනා කොට අධ්‍යක්ෂණය කළ රාජ්‍ය සම්මාන දිනු කලා භූෂණ, ප්‍රවීණ වේදිකා නාට්‍ය ශිල්පී ඩී කුමාරගේ මෙහෙයවනු ලබන කලුතර කුමාරගේ නාට්‍ය පාසලට (යොවුන් හා ළමා) සම්බන්ධ වී නොමිලේ රංගනය හදාරා දැනට ආදායම් ලබමින් ප්‍රදර්ශනය වන වේදිකා නාට්‍යවල රඟපෑමට අවස්ථාව උදාකරගන්න. (දැනටමත් ඔබ රංගන කාර්යයේ නියැළෙන්නේ නම් දැනට ආදායම් ලබමින් ප්‍රදර්ශනය වන වේදිකා නාට්‍යවලට සම්බන්ධවිය හැකිය) රංගනයට කැමති බාහිර කරදරවලින් නිදහස්, කැප කිරීමක් කළ හැකි ආධුනික හා ප්‍රවීණ තරුණ තරුණියන් 0716330078, 0342281363අංකයට අමතා සම්බන්ධ විය හැක.