
ඩී.එස් සේනානායක විද්‍යාලයේ නර්ථන සංසඳයේ සිසුන් ඉදිරිපත්කරන චලන ප්‍රසංගය අනිද්දා(05) විදුහල්පති ආර්. එම්. එම්.රත්නායක මහතා හා අධ්‍යාපන ලේකම්තුමාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට නියමිතයි. ඒ ගැන පාසලේ නර්ථන ආචාර්ය ජගත් ගුණවර්ධන මහතා සමග කළ කතා බහකි මේ.
'චලන'මොන වගේ අත්දැකීමක්ද..
චලන සිසුන්ගේ නර්ථන හැකියාව පෙන්වන ප්‍රසංගයක්. මෙහි බෙර වාදනයත් සමග අතීතයේ සිට පැවත එන පාරමිපරික නැටුම් මුසුකර ඉතා අලංකාර වු නර්ථන ශෛලීන් ඇතුලත්කර තිබෙනවා.
ඩී.එස් සේනානායක විදුහලේ වසර පහක හයක පමණ කාලයක සිට නර්ථන අංශයේ ඇතිව තිබෙන නව පිබීදීමත්, සිසුන් ලබාගත් ජයග්‍රහණත් හේතුවෙන් මෙවැනි ප්‍රසංගයක් පැවැත්විය යුතු යැයි විදුහල්පති ආර්. එම්. එම් රත්නායක මහතා ඇතුළු ආචාර්ය මණ්ඩලයේ අදහසක් තිබුණා.
කලක සිට පැවැති එම අදහස අනිද්දා(දෙසැම්බර් 05) 12.30ට සවස 5.00 අධ්‍යාපන ලේකම් තුමාගේ ප්‍රධානත්වයෙන් පාසලේආර්.අයි. ටී අලස් ශාලාවේදි පැවත්වීමට සියලු කටයුතු සුදානම්කර තිබෙනවා.
*ඔබේ පාසලේ මෙවැනි ප්‍රසංගයක් පැවැත්වීමට තරම් නර්ථන හැකියාවෙන් පිරිපුන් සිසුන් පිරිසක් සිටිනවාද...
අපේ පාසලේ දැනට වසර පහක හයක පමණ සිට නර්ථයෙන් විශාල පිබිදීමක් සිදුව තිබෙනවා. ඒ බව පසුගිය 2012, 2013, 2014, 2017,වසරවල ලැබූ ජයග්‍රහණත් පාසල තුළ පැවැත්වු වෙස් මංගල්‍ය, දෙවොල්මඩු ශාන්ති කර්ම ආදියෙන් මනාවට පෙන්නුම්කරනවා.
මෙවැනි දක්ෂ සිසුන් පිරිසක් සිටින අපේ පාසලට මෙවැනි ප්‍රසංගයක් පැවැතිවීම ඉතා පහසුයි. නර්ථනය උගන්වන මුදිත තොටගමුව, රුක්ෂාන් පුෂ්පකුමාර, යසින්තා වීරතුංග, ගුරුමහත්ම, මහත්මියන් ඇතුළු සියලුම ගුරුවරුන්ගේ සහයෝගය ලැබෙනවා. විශේෂයෙන් නැවත වරක් මතක්කළ යුතුයි විදුහල්පතිතුමා සියලු අඩුපාඩු සොයා බලමින් මෙම ප්‍රසංගය සාර්ථක කරගැනීමට විශාල සහයෝගයක් ලබා දෙනවා.
*ප්‍රසංගයට සහභාගිවන සිසු දරුවන් ගැන සඳහන් කළොත්...
ප්‍රසංගයට පාසලේ ප්‍රාථමික, ද්විතීයික යන සියලුම අංශයන් සහභාගි වනවා විවිධ නර්ථනයන්ගෙන්.එයට අමතරව සංගීත සහ චිත්‍ර කලාව හදාරන සිසුන් ප්‍රසංගයේ සංගීතයෙන් සහ පසුතල නිර්මාණයෙන් සහාය දක්වනවා. මේ සියලුම දරුවන් දක්ෂයන්. ඔවුන් නර්ථනයට මෙතරම් දක්ෂ නොවුනානම් වසර ගණනාවකදී එක දිගටම මෙතරම් ජයග්‍රහණ ලැබිය නොහැකියි.
*'චලන' ප්‍රසංගය නැරඹිය හැකි වන්නේ පාසල් සිසුන්ට පමණක්ද..
සිසුන්ට මෙන්ම නැරඹීමට කැමැත්තක් දක්වන ඕනෑම අයකුට නර්ථන ප්‍රසංගය නැරඹිය හැකියි. පාසල් ළමුන්ගේ දර්ශනය 12.30ටත් මහජන ප්‍රදර්ශනය පස්වරු 5.30ටත් පැවැත්වෙනවා.
ඒ ගැන වැඩි විස්තර දැන ගැනීමට අවශ්‍යනම් 077-2653248 ජගත් ඇමතීමෙන් හෝ 0702403719 මිදුල ඇමතීමෙන් ලබා ගත හැකියි.