
1. ජගම - මේ සංස්කෘත තත්සමයෙහි (මහාප්රාණ) ‘ඝ’ නො ව (අල්පප්රාණ) ‘ග’ ම යෙදෙන බව විශේෂයෙන් සැලැකිල්ලට ගත යුතු වෙයි. ‘’ කාරය වෙනුවට බින්දුව යොදන කල් හි ජංගම යනු ද යෙදෙයි. වහරෙහි වඩාත් ප්රචලිත වැ ඇත්තේ ද එය යි. ජගම යනු ඇවිදින, ගමන් කරන, ස්ථිර නොවන යන අරුත් දෙන වදනෙකි. පුරාතන සිංහලයෙහි ‘දැඟුම්’ යනු මේ හා අනුරූප වැ යෙදී ඇති සැටි දැකිය හැකි ය.
2. ජඝා - මෙහි විශේෂයෙන් සැලැකිය යුත්තේ (අල්පප්රාණ) ‘ග’ නො ව (මහාප්රාණ) ‘ඝ’ යෙදෙන බව යි. ‘’ කාරය වෙනුවට බින්දුවට යොදා ‘ජංඝා’ යැ යි යෙදී ම වඩාත් ප්රචලිත ය. මෙයින් කියැවෙනුයේ පයෙහි කෙණ්ඩය යි. ‘ජඝාස්ථි’ නමින් ගැනෙනුයේ කෙණ්ඩ ඇටය යි. සිංහලයෙහි මේ හා අනුරූප වැ ‘දඟ’ යනු යෙදේ.
3. ජඝන - (මහාප්රාණ) ‘ඝ’ හා (දන්තජ) ‘න’ යෙදෙන බව මේ තත්සම පිළිබඳ වැ විශේෂයෙන් දත යුතු වෙයි. ‘ජඝන’ නමින් හැඳින්වෙනුයේ උකුළ යි. පුරාතන සිංහලයෙහි ‘දුවන්’ යනු මේ හා අනුරූප වැ යෙදී ඇති සැටි දක්නා ලැබේ.
4. ජටා - මේ පාලි - සංස්කෘත තත්සමයෙහි (අල්පප්රාණ) ‘ට’ යෙදෙන සැටි කෙරෙහි සැලැකිල්ල යොමු කළ යුතුයි. සිංහලයෙහි මේ හා අනුරූප වැ ‘දළ’ යනු යෙදී ඇත්තේ ය. ජටා නම් එකට කැටි කොට බඳනා ලද කෙස්වැටිය යි. රෙද්දෙන් කළ තලප්පාව ද එ නමින් ගැනේ.
5. ජටිල - මෙහි (අල්පප්රාණ) ‘ටි’ සමඟ (දන්තජ) ‘ල’ යෙදෙන සැටි සැලැකුව මනා ය. ජටිල නම් පෙර දඹදිව වුසූ ජටා බැඳි තවුස් වෙසෙසෙකි.
6. ජඨර - පාලි - සංස්කෘත තත්සමයෙකි. මෙහි යෙදෙනුයේ (මහාප්රාණ) ‘ඨ’ යි. (අල්පප්රාණ) ‘ට’ නොයෙදෙන බව වෙසෙසින් සැලැකිය යුතු යි. ජඨර නම් ආමාශයය නොහොත් උදරය යි. ජඨරීය යනු උදරය නොහොත් ආමාශයය හා සම්බන්ධ යනු යි. ජඨරීය යුෂ යන්නෙන් ආමාශයික යූෂය ගැනේ.
7. ජනනී
සංස්කෘතයෙහි ජනනී නමින් ගැනෙන්නේ මව යි. මෙහි (දන්තජ) ‘න’ පමණක් යෙදෙන බව කෙරෙහි අවධානය යොමු කළ යුතු යි.
8. ජනගහනය - වහරෙහි නිතර ම වරදවා යොදනු ලැබෙන යෙදුමෙකි. ‘ජන’ යන්නට ‘ගහන’ යනු එක් වීමෙන් නිපැදී ඇත්තේ ය. මෙහි ‘ගහන’ යනු සමූහය, අධිකත්වය යන අරුත් දෙයි. එ හෙයින් එහි යෙදෙනුයේ (දන්තජ) ‘න’ ම ය. (මූර්ධජ) ‘ණ’ යෙදීම වරදෙකි. (මූර්ධජ) ‘ණ’ සහිත ‘ගහණ’ යනු ග්රහණය හෙවත් (අල්ලා) ගැනීම යන අරුත දෙන වදනෙකි. ඝාණ ඉන්ද්රියය හෙවත් නාසය ද එ වදනින් කියැවේ. එ හෙයින් ‘ජනගහණය’ යන්නේ අරුත ජනයා ග්රහණයට ගැනීම නොහොත් ජනයා ගේ නාසය යනු යි. ණ - න - ල - ළ අකුරු මාරුවෙන් අරුත වෙනස් වන සැටි මෙයිනුදු මනා වැ පෙනේ.