සිනා කතා | Page 2 | සිළුමිණ

සිනා කතා

 ඉල්ලුමක් තියෙන රස්සාවක්

'මේ කෙල්ල අපේ එකම දුව වෙච්ච කොට ඒ ළමයාව දීග තල දෙන්න ඕන හරි හමන් රස්සාවක් කරන සල්ලි භාගේ යහමින් තියෙන කෙනෙකුට නේද හාමිනේ ? මොකක්ද ඔය හාදයා කරනවයි කියන රස්සාව. ' තම දුව කරකාර බැදීමට කැමැත්ත පළකරමින් පැමිණි තරුණයා පිළිබඳ අජිත් ඇසුවේ තම බිරියගෙනි.

'ඒ ළමයා කරන රස්සාව නම් හොඳ ඉල්ලුමක් තියෙන රස්සාවක්. ඒ හින්දා ඒ ළමයා ගැන සල්ලි භාගෙත් යහමින් ගැවසෙනවා ඇති.මේ හන්දියේ පෙට්‍රල් සෙඩ් එකේ තෙල් ගහන්නෙ ඔය ළමයලු අනේ. 'නෙල්මා කීවේ දෑස් නටවමිනි.

 

ඒක මාර බෝම්බයක්නෙ

'මම ඒ කතාව කීවේ ඒ ළමයා ගීත ගායනා තරගයෙන් එළියට විසිවුණේ අපරාදේ කියන එක අපේ යෙදුමකින් උලුප්පලා පෙන්නන්න මිසක් වැරැදි අර්ථයකින් නෙමෙයිනේ.ඒත් මේ අම්මණ්ඩි ඒකට දීලා තියෙන අර්ථයේ හැමෝම හිතන්ඩ බැරිනෑ මම මහා කුහකයෙක් කියලා.බලාගෙන ගියාම මේ ගෑනි මාර බෝම්බයක්නේ. ' විමලදාස සමරවීර සමඟ කීවේ තද කලකිරීමෙනි.

'හා..හා.. කට..කට.. ඕවා කියලා උඹත් අර මන්ත්‍රීතුමා වගේ ඕනෑ නැති තවත් ලෙඩක් දාගන්ඩද හදන්නේ? ' සමරවීර කීවේ දබරැඟිල්ල තම තොල් ඉදිරියේ තබමිනි.

 

කොහොම බඳින්ඩද?

'අපේ කසාදේ කෙරෙන දවස ආපු ගමන් ඔයා මොකක් හරි බොරුවක් කටින් පිට කරලා ඒක මඟ හරිනවා.අද නම් මට ඔයාගෙන් ඒකට ස්ථීර පිළිතුරක් ඕනේ හොඳද? ඔයා කවදද මාව බඳින්නේ කියලා මට කියන්ඩ. ' තම පෙම්වතා හමුවූ අමිතා ඔහුට කීවේ තිර අදිටනකිනි.

'මෙහේ වගකිවයුතු රස්සාවක් කළාට මම ලංකාවේ පුරවැසියන් නෙමෙයිනේ.ඉතින් කොහොමද ළමයෝ එහෙම තියෙද්දී මම ඔයාව කසාද බඳින්නෙ. 'කරුණාසේන කිවේ බේරෙන්න බැරිම තැනය.

 

ජාතියේ පෙරගමන් කරුවෝ

'තාත්තේ ජාතියේ පෙර ගමන් කරුවෝ කියන්නේ කලාකරුවන්ටද ? ' ඉෂාර තම පියාගෙන් විමසුවේ පාඩම් පොතක් කියවමින් සිටියදීය.

'ඔව් පුතේ ජාතියේ පෙර ගමන් කරුවෝ වගේම අභීත, අදීන අයත් ඔය කලා කරුවෝ අතර ඉන්නවා .අපිව හූරාගෙන කන විදේශීය කොම්පැනි වල සල්ලි වලින් දෙන සම්මාන ප්‍රතික්ෂේප කරන අදීන කලාකාරයොත් ඔය අතර ඉන්නවා. 'පියා පුතාගේ හිස අතගා කීවේය.

'ඉතින් මුලින් එහෙම කරලා පස්සේ NGO සල්ලි වලින් ජීවත් වෙන්ඩයි,ලොක්කො පිරිනමන බොළඳ තනතුරු වලට වහ වැටිලා වල්ගේ වනන්නයි ගත්තාම ඒ අයට තවදුරටත් පෙර ගමන් කරුවෝ කියලා හඳුන්වන්න පුළුවන්ද? ' ඉෂාර ඇසීය.

 

එකේ වැරුද්දක් තියෙනවද

' ඔය ඉස්කෝලේදී පාව්ච්චි කරන පොතක් නේද ඒක ඔහොම නවන එක වටිනවද? තම පුතු පාසල් පොතක් දෙකට නවාගෙන සුරතේ රඳවා සිටිනු දුටු නිහාල් කෝපයෙන් රවා බලමින් තම පුතාගෙන් ඇසුවේ තමා සේවය කළ පොලිස් ස්ථානයට යාම සඳහා කබාය පැළඳ ගනිමින් සිටියදීය.

තාත්තට පොලීසියේදී නීතියත් නවන්ඩ පුළුවන්නම් මේ පොතක් නැවුවට වැරැද්දක් තියෙනවද?පුතා ඇසුවේ පොලිස් නිළධාරියකු වූ නිරුත්තර කරමිනි.

 

කියන්නෙම ඒක

යුෂ්මතිය තමන්ගේ ස්වාමි පුර්ෂයාගෙන් දික්කසාද වෙන්ඩ මේ උසාවියෙන් අවසර ඉල්ලා සිටින්නෙ මොන හේතුවක් මතද? පැමිණිලි කූඩුවේ සිටි විත්තිකාරිය වෙත තියුණු බැල්මක් හෙළු විනිශ්චයකාරයා ඇසිය.

' ස්වාමීනී 'මොකක් හරි දේකට අපි දෙන්නා අතර ආරවුලක් ඇති වුනු ගමන් ' තමුසේ ඉන්න මේ ගෙදරට බෝම්බයක් ගහන්ඩ වටිනවා.කියලා මේකී ගත් කටටම කියනවා.ඒකට බය වෙලයි මම මෙයාගෙන් වෙන් වෙන්ඩ හිතුවේ.පැම්ණිලිකාරිය විත්ති කූඩුවේ සිටි තම සැමියා දෙසට ඇඟිල්ලක් දිගු කරමින් කීවාය. 

 

Comments