යාල් දේවී ගැන මොනව හරි කියන්න කීවාම පුංචි බියක් ඇති­වුණා | Page 8 | සිළුමිණ

යාල් දේවී ගැන මොනව හරි කියන්න කීවාම පුංචි බියක් ඇති­වුණා

වසර ගණනාවකට පසුව නැවතත් යාල්දේවී දුම්රිය සිය මංගල ගමන ඇරැඹු දිනය ඔබට මතකද ? එදින උදෑසන සි‍ට රූපවාහිනී, ගුවන්විදුලි නාළිකා මෙන්ම මාධ්‍යයන් සජීවි ලෙස සිය ගුවන් කාලය වෙන් කර තිබු‍ෙණ් මේ ගමන වෙනුවෙන් ජාතික රූපවාහිනියද එදින සිය ජාතික මෙහෙවර ඉටු කරමින් ‘යාල් දේවි’ ගමනේ සුබ පුවත මුළු ලොවටම වික‍ාශය කළා.

ඒදවස මුළු රටට මෙන්ම ඔහුටද සුවිශේෂී දවසක් වුණා. රූපවාහිනී ‍මධ්‍යහන ප්‍රධාන පුවත් ඉදිරිපත් කිරීමට තිබුණේ ඔහුටයි.මැදිරියේ සිදුවු ප්‍රමාද දෝෂයක් නිසා යාල් දේවී ගමනෙහි රූපරාමු ඒවන විට නොලැබීම නිසා ප්‍රධාන පුවත් ශීර්ෂපාඨ වලින් පසුව යාල් දේවිය ගැන ක්ෂණිකව ප්‍රේක්ෂයාට කරුළණු ඉදිරිපත් කිරීමට ඔහුට සිදුවුණා..

නවකයකු ලෙස එකී අභියෝගයට සාර්ථක මුහුණ දෙමින් ඒ කඩඉම ජයගත් ඔහු නමින් චානක ඉනොජ්....ජාතික ‍රූපවාහිනී ප්‍රධාන පුවත් ඉදිරිපත් කරන ඔහුගේ රුව මෙන්ම හඬද දැන් ඔබට හුරුපුරුදුයි....ළෙන්ගතුයි. ‘රසඳුන’මේ කතා බහ වෙන්වන්නේ ඔහුගේ අලුත්ම තොරතුරු සහ මාධ්‍ය ජීවිතය සම්බන්ධවයි.

මාධ්‍ය ක්ෂේත්‍රයට ඔබේ ආගමනය සිදුවන්නේ කොහොමද ?

උසස් පෙළ අවසන් වෙලා වසර කිහිපයකට පසුව තමයි ඒ ආගමනය සිදුවන්නෙ. මගේ මතකය හැටියට 2006 වසරේදී ...ඒ ලංකා පුවත් ජාතික ප්‍රවෘත්ති නියෝජිත අ‍ායතනයේ මාධ්‍යවේදියකු ලෙස සම්බන්ධ වීමට ලැබීමත් එක්ක..

පාසලෙන් ඒ ගමනට මුලික අඩිතාලම තිබෙන්නට ඇති ?

ඇත්තටම මේ වේලාවේ මගේ පාසල පානදුර රාජකීය විද්‍යාලය බොහොම ගෞරවයෙන් සිහිපත් කරනවා. මොකද ? ප්‍රවෘත්ති නිවේදකයකු වීමට කුඩා අවධියේ එතරම් බලාපොරොත්තුවක් නොතිබුණත් පාසලේ මාධ්‍යය ඒකකයේ සාමාජිකයෙක් වගේම, කලා උළෙල, උදෑසන රැස්වීම් මෙහෙයවීම් වැනි ක්‍රියාවලීන්,දහම් පාසලේ නිවේදන ක්‍රියාවලීන් අද පැමිණි ගමනට මුලික අත්දැකීමක් වුණා...

එතකොට ජාතික රූපවාහිනිය හා සම්බන්ධ වෙන්නෙ...

2006 දී ලංකා පුවත් ආයතනය එක්ක වැඩ කරද්දී ප්‍රවෘත්ති හා සම්බන්ධව උනන්දුවක් ඇතිවුණා. මේ කාල වකවානුව තුළ ශ්‍රී TV කියලා චන්ද්‍රකා රූපවාහිනී නාළිකාවක නිදහස් මාධ්‍යවේදියකු ලෙස ප්‍රවෘත්ති උදෑසන පත්තර වගේම තවත් වැඩ සටහන් කිහිපයක්ම කළා...

ඔය අතර 2013 වසරේදී මට හිතුණා ප්‍රධාන නාළීකාවකට සම්බන්ධ වෙන්න. පරීක්ෂණ වලට සහභාගී වුණා. අතර මඟදි හැලුණා...එත් මම උත්සාහය අතහැරියේ නෑ...මේ අතර ජාතික රූපවාහිනියට අලුතින් නිවේදක නිවේදිකාවන් බඳවා ගන්නවා කියලා දැන ගන්න ලැබුණා. මාත් ඒ සඳහා අයඳුම් පතක් යොමුකළා.....3000 කට අධික අයදුම් පත් අතරින් අවසන් 6 දෙනාට තේරිලා මගේ තිබුණු හීනය සැබෑවක් කරගැනීමට පුළුවන් වුණා.

හා හා පුරා කියලා ප්‍රවෘත්ති ඉදිරිපත් කළ පළමු දවස ඔබට මදකද ?

ඒ දවස මගේ ජීවිතයේ බොහොම සුන්දර මෙන්ම අමරණීය වු දවසක් . ඒ 2014 අප්‍රේල් 01 වනදා උදෑසන පැයෙන් පැය පුවත් ඉදිරිපත් කිරීමට අවස්ථාව ලැබුණේ.

එදින තවත් සුවිශේෂි දවසක් වුණා කියලත් අපට දැනගන්නට ලැබුණා.ඔය කියන්නේ යාල්දේවී සිදුවීම වෙන්න ඇති ඇත්තට‍ම එදා නවක ප්‍රවෘත්ති නිවේදකයකු ලෙස තවත් එක් කඩඉමක් පසුකළ දවසක් කියන්නට පුළුවන්.

ඔය කියන සිදුවීම වෙනකොට මම ජාතික රූපවාහිනියට ආධුනිකයි. එදා යාල්දේවී යාපනයට මංගල ගමන් ඇරැඹුම ගැන හැම නාළිකාවකම වාගේ සජිවි වැඩසටහනක් කළා දහවල් 12.00 පුවත් ඉදිරිපත් කරන්න තිබුණේ මටයි. ප්‍රමාද දෝෂයක් නිසා ඒ වන විටත් යාල්දේවි රූපරාමු අපේ මැදිරියට ලැබි තිබුණේ නැහැ. නිෂ්පාදක තුමා කීවා ශීර්ෂ පාඨ වලින් පස්සේ යාල් දේවි ගැන මොනවහරි ‍ප්‍රේක්ෂකයන්ට ඉදිරිපත් කරන්න කියලා පුංචි බයකුත් හිතුණා..

ඒත් මම ඒ අභියෝගයට සාර්ථකව මුහුණ දීලා විනාඩි 4 පමණ කාලයක් ‘යාල්දේවිය’ගැන ප්‍රේක්ෂකාට කරුණු ඉදිරිපත් කළ නවකයකු ලෙස එදා මා කළ ඒ දෙය ගැන ප්‍රවෘත්ති අංශයේ සියලු දෙනාගේ ඇගයීමට පාත්‍ර වුණා 2016 වසරෙ සි‍ට රාත්‍රි ප්‍රධාන පුවත් ඉදිරිපත් කිරීමට මට අවස්ථ‍ාව හිමිවු‍ණේ ඒ නිසයි...කියලයි මා හිතන්නේ...

විශේෂයෙන් කියන්න ඕනෑ දිනපතා එදිනෙදා සිදුවන අලුත් දෑ පිළිබඳ අන්තර් ජාලයෙන්, එදිනෙදා පුවත් පත් වලින් මම දැනුම ලබා ගන්නවා . ඒනිසා තමයි ඒදවසේ මට ලැබුණු ඒ අභියෝගාත්මක වගකීම අකුරට කරන්නට හැකියාව ලැබුණේ .

පසුකාලීනව ඔබේ අරමුණ වුණේ ප්‍රවෘත්ති නිවේදකයකු වීම . එහෙත් වෘත්තීය වශයෙන් ඔබ රූපවාහිනිය තෝරා නොගන්නේ ඇයි ?

මගේ පළමු රැකිය‍ාව බවට පත්වුණේ ලංකා පුවත් ආයතනය...මේවන වි‍ටත් එහි ස්ථාවර ගමනක් ගොඩනඟාගෙන තිබෙන නිසා ස්ථිර වෘත්තිය බවට ලංකා පුවත් ආයතනය තෝරාගන්නේ ඒනිසයි.

අනෙක් කාරණය තමයි මේ වෘත්තීන් දෙක අන්ත දෙකක් . පරිසරයන් දෙකක් . ඒනිසා මම ලැබෙන අත්දැකීම් හා දැනුම එකිනෙකට පරස්පරයි....සියල්ල බොහොම සමබරව කරගෙන යනවා.

මෙතෙක් ආ ගමන් මගේ ඔබට අතහිත දුන් අය මතක් කළොත්....?

‍විශේෂ‍යෙන් මගේ දෙමාපියන් පාසලේ ගුරුවරුන් මගේම ලංකා පුවත් ආයතනයේ සියලු දෙනාත්, ජාතික රූපවාහිනියේ ප්‍රවෘත්ති අංශයේ ප්‍රධානි ඇතුළු නිෂ්පාදකවරුන් ඇතුළු සියලු දෙනා මේ මොහොතේ සිහිපත් කරන්න කැමතියි.

විශේෂයෙන් මගේ බිරිය රොෂාණි ඉෂංකා ඇය තමයි එදිනෙදා මා පුවත් ඉදිරිපත් කිරීමේදි සිදුවුණු අඩුපාඩු පෙන්වා දෙමින් මගේ තීරකයා විදිහට කටයුතු කරන්නෙ.

Comments

පිටු