ඉරා­න­යෙන් හමුවූ වසර අට­ද­හ­සක් පැරැණි වයින් | Page 2 | සිළුමිණ

ඉරා­න­යෙන් හමුවූ වසර අට­ද­හ­සක් පැරැණි වයින්

මීට දින කිහිපයකට පෙර පුරාවිද්‍යා ලෝකයේ ඉතා වැදගත් සොයාගැනීමක් ජෝර්ජියාවෙන් අසන්නට ලැබුණා. ඒ තමයි වයින් භාවිතා කිරීම ගැන තිබෙන ලොව පැරැණිතම සාක්ෂි හමුවීම. එනම් වසර අටදහසක් පැරැණි වයින් හා සම්බන්ධ සාක්ෂි හමුවීම. මීට පෙර වයින් පිළිබඳව තිබූ පැරැණිතම සාක්ෂිය වන ක්‍රි.පු. 5000ක් තරම් ඈතඅතීතයේ තිබූ වයින් හමුවී තිබුණේ ඉරානයේ සැග්‍රොස් කඳුවැටියෙනි. ජෝර්ජියාවෙන් සිදු කරන ලද මෙම සොයාගැනීම ඉරානයේ වයින් වලට වඩා තවත් වසර 1000ක් පමණ පැරැණි වීම නිසා ආදි මිනිසුන්ගේ වයින් පානය නියෝලිතික යුගය දක්වා දිව යනවා.

එනම් මිනිසුන් ගල් ආයුධ භාවිතා කරන විටත් වයින් පානය කර තිබෙනවා.වයින් පිළිබඳ සාක්ෂි ලැබීම ඉතාමත් වැදගත් වන්නේ බටහිර ලෝකයේ ශිෂ්ඨාචාරය වයින් වටා ගොඩනැඟී තිබීම නිසායි. එනම් ඖෂධයක් ලෙසින් භාවිතය, සමාජීය කටයුතු සඳහා යොදා ගැනීම, ඉතා වටිනා වස්තුවක් ලෙසින් භාවිතා කිරීම, ආගමික කටයුතු සඳහා භාවිතය හා ආහාර සැදීම සඳහා ආදි මිනිසුන් වයින් යොදාගෙන තිබීමෙන් එම මිනිසුන් සතුව දියුණු ශිෂ්ඨාචාරයක් තිබුණු බව ලොවට කියාපාන බව ආචාර්ය බටියුක් පවසනවා. කැනඩාවේ ටොරොන්ටෝ විශ්වවිද්‍යාලයේ ආචාර්යවරයකු වන ආචාර්ය ස්ටීවන් බටියුක් මෙම සොයාගැනීම සඳහා දායක වූ පුද්ගලයකු වනවා.

ජෝර්ජියාවේ අගනගරයට දකුණු දෙසට වන්නට පිහිටි පුරාවිද්‍යා කැණීම් ස්ථාන දෙකකින් හමුවූ මැටි බඳුන් කිහිපයක් මෙම සොයාගැනීමට පාදක වී තිබෙනවා. මෙම සමහර බඳුන් වල මිදි පොකුරු හා නටන මිනිසුන් කැටයම් කර තිබෙනවා. මෙම බඳුන් වලින් අටක වයින් තිබූ බවට සාක්ෂි හමුවී තිබෙන අතර එයින් පැරැණිතම වයින් ක්‍රි.පූ. 5980ක එනම් මීට වසර 8000කට පෙර සාදන ලද ඒවා බව සොයාගෙන තිබෙනවා. ලොව තිබෙන දියුණුම තාක්ෂණය භාවිතයෙන් සිදු කර තිබෙන මෙම පරීක්ෂණය මඟින් ටාටරික් ඇසිඩ්, මැලික් හා සිට්‍රික් වැනි කාබනික අම්ල සොයාගැනීමට හැකිවී තිබෙන අතර ඒවා මිදි වයින් වලින් හමුවන රසායනික සංඝටක වනවා.

මෙම බඳුන් වල වටිනාකම තවමත් තක්සේරු කර නොමැති අතර එම බඳුන් වලින් එක් බඳුනක පිටපතක් සේ සැකසූ බඳුනක් මේ වනවිට ජෝර්ජියාවේ බෝර්ඩෙක්ස් වයින් කෞතුකාගාරයේ මහජන ප්‍රදර්ශනයට තබා තිබෙනවා. 

Comments