HOLLYWOOD | සිළුමිණ

HOLLYWOOD

දශකයකට පසු පුසිකැට් ඩෝල්ස් යළිත්

‘පුසිකැට් ඩෝල්ස්’ බටහිර ගී ලොවේ ජනප්‍රියත්වයට පත් වු ගායිකා කණ්ඩායමක්. දශකයකට ආසන්න කාලයක් තිස්සේ මේ අයගෙන් අලුත් ගීත එළි දැක්වුණේ නැහැ. අලුත් නිර්මාණ බිහි වෙන්න නම් ඔවුන් අතර සමගියක් තියෙන්න ඕනෙ‍. සැබවින්ම ගෙවි ගිය කාල සීමාව තුළ ‘පුස්කැට් ඩෝල්ස්’ ලා එකිනෙකා සමඟ අමනාපයෙනුයි පසුවුණේ.

නිකොලි ෂුසිංගර් ගේ නායකත්වයෙන් පෙරටම ගිය මේ කණ්ඩායම විසිරී සිටීමෙන් ගීත රසික කැල දොම්නසට පත්ව සිටියා. ළඟදීම ‘පුසිකැට් ඩෝල්ස්’ ලා යළි එකතුවී අලුත් ගීත ගයන්නටයි සුදානම් වන්නේ. බ්‍රිතාන්‍යයේ ‘සන්’පුවත්පතට ප්‍රකාශයක් කළ මේ සංගීත කණ්ඩායමේ සමීපතයකු පැවසුවේ පැරණි අමනාපකම් අමතක කර නැවතත් රසික පරපුර වෙත සමීප වීම‍ට ‘පුසිකැට් ඩෝල්ස්’ සුදානම් වන බවයි. එහි ආරම්භයක් හැටියට සංගීත ප්‍රසංගයක් පැවැත්වෙනු ඇති බවත් ඔහු පැවසුවා.

අසැබි දසුන් නිසා ජීවිතය එපාවෙලා

මාක් සේලින් ජනප්‍රිය නළුවකු වුණත් ඔහුගේ පෞද්ගලික ජීවතයේ අඳුරු පැත්තක් හෙළි වුණේ පසුගිය අගෝස්තු මාසයේදී ඒ ඔහු‍ෙග් පරිගණකය තුළ තිබූ කුඩා ළමයින්ගේ නිරුවත් ඡායාරූප සහ තවත් අසැබි දර්ශන රැසක් පොලීසිය විසින් සොයාගනු ලැබීමෙන් පසුවයි. මේ සිදුවීමෙන් පසුව මාක්ට එරෙහිව නීතිමය පියවර ක්‍රියාත්මක වුණා.

එවැනි වාතාවරණයක් තුළ අපකීර්තිමත් චරිතයක් බවට පත් වු මාක් පසුගිය දා සිය දිවි හානි කර ගැනීමට උත්සාහ කළ බවයි. හොලිවුඩ් මාධ්‍ය වර්තා කර තිබුණේ. මාක් තම අතක මැණික් කටුව අසලින් කපා ගෙන තිබූ අතර මේ බව දුටු මාක් සමඟ නවාතැනෙහි සිටින මිතුරා වහාම ගිලන් රථයක් කැඳවා ඔහුව රෝහල් ගත කළා. මේ නිසා මාක්ගේ ජීවිතය නැති වුණේ නැහැ.

පොලීසිය පැවසුවේ මාක් සතුව තිබූ පරිගණකයෙහි අසැබි ඡායාරූප 50,000 ක් තිබුණු බවයි.

බීබර් ගේ සිනමා කතන්දරේ ...

‘සුලැන්ඩර් -2’ චිත්‍රපටයේ යොවුන් පරපුර ප්‍රිය කරන ගායක ජස්ටින් බීබර් ගේ රංගනයත් ඇතුළත් වුණා. එය සැලකිය යුතු රඟපෑමක් නම් නොවෙයි. ඒ නිසා ඔහ‍ුගේ පෙනී සිටීම ගැන බොහෝ දෙනකු කතා කළේ නැහැ. ‘සු ලැන්ඩර්-2’ චිත්‍රපටය 2016 පෙබරව‍ාරි මාසයේ සිට තිරගත කිරිම අරැඹුණා.

එදා සිට මේ වනතුරු බීබර් ගේ සිත තුළ රැඳෙන්න ඇත්තේ සිනමා නළුවකු වීමේ බලාපොරාත්තුව බවට කිසිම සැකයක් නැහැ. ඒ නිසා බීබර් පසුගිය දින කිහිපය තිස්සේම සිනමා නළු නිළියන් කිහිප දෙනකුම හමුවී තිබෙනවා‍ට කරුණු දන්නා අය ප්‍රකාශ ක‍ෙළ් බීබර් නළුනිළියන් සමඟ රංගනය ගැන දීර්ඝ ලෙස සාකච්ඡා කළ බවයි.

මේ පෙරළිකාර ගායකයාට දැන් අවශ්‍ය වී ඇත්තේ සිනමා නළු‍වකු ලෙස ඉදිරියට ගමන් කිරිම බවයි ඔහුගේ හිතවතුන් පවසන්නේ . බීබර් ගේ පැරැණි පෙම්වතිය වු ගයිකා සෙලීනා ගෝමස් ද වුඩී ඇලන් නම් වු ප්‍රවීණ අධ්‍යක්ෂකවර‍යාගේ චිත්‍රපටයක රඟපෑව බීබර්ටත් චිත්‍රපට නළුවකු වන්නට හිතුණේ ඒ නිසාද දන්නේ නැහැ.

ප්ලාස්ටික් සුරූපිනිය ෆාරා

ප්ලාස්ටික් සැත්කම් සිදු කර ගන්නට වැඩියෙන්ම කැමැත්තක් දක්වන්නේ නිළි පරපුර තමයි. ෆාරා අබ්රහම් එවැනි සුරූපී නිරූපීකාවක්. ‘ටීන් මම්’නම් වු රියැලිටි වැඩ සටහන් මාලාවෙන් කල එළියට පැමිණි ෆාර‍ාගේ වයස අවුරුදු 26 යි.

ඇයට තමන්ගේ පෙනුම තව තවත් ඔප මට්ටම් කර ගන්නට ඕනෑ වෙලා. ඇය මුලින්ම ප්ලාස්ටික් ස‍ැත්කමක් සිදු කර ගත්තේ ළැම පෙදෙසටයි. තමන්ගේ නිරුපණ කලාවට එවැන්නකින් හොඳ ඉල්ලුමක් ලැබෙන නිසාලූ ඒ සැත්කම කර ගත්තේ. එයින් පසුව පිරුණු ළය මඬලක් හිමි කර ගත් ෆාරා තවත් සැත්කමක් කර ගත්තා. ඒ සැත්කම නාසයටයි. එහි හැඩය වෙනස්කර ගත් ඇය ඉන් පසුව කම්මුල්වලටත් සැත්කම කර ගත්තා. මේ අයුරින් ඇය තම සිරුරේ තවත් බොහෝ අවයව ප්ලාස්ටික් සැත්කම් වලින් හැඩ වැඩ කරගත්තා.

ෆාරා ගේ මේ සැත්කම් මාලාව නිමාවට පත් වුණේ නැහැ. නැවතත් ඇය ලක ලෑස්ති වෙන්නේ මුලින්ම කරගත් සැත්කමට යළිත් මුහුණ දෙන්නලු. 

 

Comments