සතර සවිය සහ නෙළුම 26 | සිළුමිණ

සතර සවිය සහ නෙළුම 26

“ජලය සහ මිනිසා” නැමැති වාරි සංස්කෘතික ප්‍රදර්ශනය.දිවයිනේ ප්‍රධාන නගර 25 කදී පැවැත් වුයේ‍. “මිහිඳු සංස්කෘතික” පදනමෙනි.

මෙම පදනමේ අරමුණු තුනක් විය.

1.සාරධර්ම අධ්‍යාපනය ගැන පාසල් දරුවන් දැනුම්වත් කිරිම.

2.පරිසරය සුරැකීම.

3. කෘතවේදිත්වය.

දෙවැනි අරමුණ මුලින් ඉටු කළෙමි. ඒ “ජලය සහ මිනිසා” ප්‍රදර්ශනය කිරීම මගිනි. පළමුවැන්න වු සාරධර්ම අධ්‍යාපනය ගැන විවිධ පළාත්වල පාසල්වලට ගොස් දේශන පැවැත්වීමයි. ඊ‍ට අමතරව නාට්‍ය හා රංග කලාව ගැනත් ජනසන්නිවේදනය ගැනත් දේශන පවත්වමින් තවමත් නිරත වෙමි. ඒ මා තනියෙන්ම නොවේ. තවත් පිරිසක් සමඟිනි. 2002 සිට මා ඇගළුම් කර්මාන්ත ශාලාවල සේවය කරන සේවක සේවිකාවන්ට සාර්ථක ජිවිතයක් සඳහා සාරවත් සිතුවිලි නමින් දේශන මාලාවක් පවත්වමින් සිටිමි. ඒ ආරාධනා ලැබෙන අයුරිනි.

අඩු ආදායම් ලාභී මවුපියන්ගේ දරුවන්ට අභ්‍යාස පොත්, පෑන් පැන්සල් ආදී පාසල් උපකරණ සහ ක්‍රීඩා භාණ්ඩ ප්‍රදර්ශනය කිරීම ද සිදු කර ඇත.ඊට අමතරව ගුරුභවතුන් සහ මවුපියන්ට තම වගකීම නිසි ලෙස ඉටු කරන ආකාරය ගැන ධනාත්මක සිතුවිලි වලින් පෝෂණය කිරිම සිදුවෙමින් පවතී. මේ වන විට “ලයිසියම්” ජාත්‍යන්තර පාසැල් ජාලයේ ශාඛා 8ක ගුරුභවතුන්‍ට මා අමතා ඇත.

එමෙන්ම සාරධර්ම අධ්‍යාපනය යන අරමුණු යටතේ දේශනවලට අමතරව පොත් පත් 25 ක් පමණ රචනා කොට ඇත. මෙයින් 8 ක් ම ළමා පොත් වන අතර අනෙක්වා උපදේශනාත්මක පොත්ය. “ආහාර” නමින්ද ඉතා අගනා කෘතියක් මම සම්පාදනය කළෙමි. මගේ දේශනයේදී හා රචනයේදී ප්‍රමුඛත්වය දෙනු ලබන්නේ ආකල්ප සංවර්ධනය සඳහාය.

මිනිසා හඳුන්වන විද්‍යාත්මක නාමය “හෝමෝ සේපියන්” යන්නයි. මෙහි අරුත නම් බුද්ධිමත් සත්වයා නැතිනම් සිතන සත්වයා යන්නයි. මේ සත්වයා තුළ තවත් සත්වයෝ දෙදෙනෙක් ජීවත් වෙති ඒ භෞතික සහ අධ්‍යාත්මික සත්වයන් ය. අද වර්තමානයේ බහුතරයක් භෞතික සත්වයා පෝෂණය කරන්නේ අධික තණ්හාවෙනි. සීමාවක් නැත. එහෙත් අධ්‍යාත්මික සත්වයා පෝෂණයෙහි ලා අවශ්‍යවන්නේ දහම සහ සාහිත්‍ය කලාවයි. එක දහමයි. දෙක සාහිත්‍ය කලාවයි. සෑම වි‍ටම සාහිත්‍ය හා කලාව දැනුම දෙවැනි වන්නේ එය පෝෂණය ව‍න්නේ දහමෙන් නිස‍ාය. මගේ දේශනවලදී විවිධ උදාහරණ ගෙන හැර දක්වමි. මෙහිදී ඇල්බට් අයින්ස්ටයින් ගේ ප්‍රකට කියමනක් මා නිතර පල කරමි. එනම් “විද්‍යාවෙන් තොර දහම ආබාධිතයි.දහමෙන් තොර විද්‍යව අන්ධයි” යන්නයි. මා විසින් රචිත පොත් අතර “උතුම් කියුම්”නම් කුඩා පොතකින් ලොකු දෙයක් ඉදිරිපත් කර ඇත. ඒ ලොව ශ්‍රේෂ්ඨ දාර්ශනිකයන්ගේ සහ ගත් කතුවරුන්ගේ සුවිශේෂි ප්‍රකාශනයන් ය.අප පදනමෙන් යන යන තැන හමුවන සුදුසු අය හට “උතුම් කියුම්” නොමිලේ පුදානය කිරිම මගේ සිරිතයි. මෙ වන විට පොත් 3000 ක් තෑගි කොට තිබේ. එපමණක් නොව අනෙක් පොත්ද සුදුසු පරිදි පුස්තකාල වලට මෙන්ම අසරණ අයටද ප්‍රදානය කරමි. මේ පොත් අතර “ගුරුභූමිකා”නිරුපණය ගැන රචිත කෘතියෙන් ගැරුභවතුන්ගේ අධ්‍යාත්මික පෝෂණයට අවශ්‍ය පදාර්ථය ප්‍රදානය කර ඇත.

මිහිඳු සංස්කෘතික පදනමේ තුන්වැනි අරමුණ කෘත‍ෙව්දීත්වය ගැන ජනතාවට කියා දෙමින් ආදර්ශයක් පෙන්වීම යි. ඒ සඳහා “සුවඳ පද්ම” උපහාර සම්මාන නමින් ඉතා උසස් අන්දමින් උපහාර උලෙළක් 2012 සිට මේ වන තෙක් නොකඩවා පවත්ව‍ාගෙන ඒමට හැකි වී ඇත. අද කොළඹ බිෂොප් ශ්‍රවණාගාරයේදී පවත්වනු ලබන්නේ 6 වැනි “සුවඳ පද්ම” උපහාර උලෙළයි. මෙහි සෑම වසරකම ප්‍රධාන ආරාධිතය‍ා වුයේ මහාචාර්ය ජේ.බී. දිසානායක යන්ය. දේශපාලනඥයන්ට ආරාධනා නොකිරිම අපේ ප්‍රතිපත්තියකි. එහෙත් පස්වැනි “සුවඳ පද්ම” උලෙළට වර්තමාන ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමන්ට ආරාධනා කළෙමි. ඊට ප්‍රධාන හේතු කිහිපයක් විය. පසුගිය වසර‍ට මගේ වයස 75 කි. කලා ජිවිතයට වසර 55කි විවාහ ජීවිතයට වසර 50කි. ඊ‍ට වැදගත් නිමිත්ත වුයේ ම‍ෙග් මුල්ම චිත්‍රපටය වු “මාතර ආච්චි” නිෂ්පාදනය සඳහා මට සහය දුන් ෂෙල්‍ටන් කරුණාන‍ායක, පියදාස සමරවික්‍රම, දයානන්ද වන්නි ආරච්චි සහ බ්‍රිගේඩියර් මහින්ද දිසානායක යන මහත්වරුන්ට දිය හැකි උපරිම ගෞරවය හා සම්මානය මෙරට ප්‍රධාන පුරවැසියා අතින් දීම යි.

මෙම සම්මාන උලෙළ වලදී මා විසින් රචිත පොත් දොරට වැඩීමක් ද සිදුවෙයි. ඊටත් එහා ගිය සුවිශේෂ මෙහෙවරක් කිරිමට මට හැකි වී ඇත. එනම් වයසින් වැඩි ආර්ථික තත්වයෙන් දුර්වල කිසිදු කිසිවකු අගය නොකළ කලා ශිල්පීන් හා ශිල්පිනියන්‍ට මුල්‍ය තිළිණ සමඟ “සුවඳ පද්ම” රජත සම්මාන පිරිනැමිමයි. අදත් ජාතික තලයේ සුවිශේෂි පුද්ගලයන් දහසය දෙනකුට “සුවඳ පද්ම”ස්වර්ණ සම්මානයන් පිරිනමන අතර රජත සම්මානයන් විස්සක් ප්‍රදානය කෙ‍ෙරණ බව ඉත‍ා නිහතමානී ආඩම්බරයෙන් මෙහි සඳහන් කරමි‍.

මෙම උපහාර සම්මාන උලෙළ මා හඳුන්වන්නේ කලා කරුවකු කලාකරුවන් පිරිවරාගෙන කලාකරුවන්ට උපහාර සම්මාන ප්‍රදාන කලා මංගල්‍යයක් යනුවෙනි. ආරම්භයේ සිට මෙම කර්තව්‍ය මා පිරිසිදුව විනිවිද භාවයකින් සංවිධානය කරන නිසා විශ්වාසය තහවුරු කර ගැනීමට මම සමත් විමි. මෙවැනි දෙයක් කිරිමට මට ආදර්ශය ලැබුණේ අපේ තත්ත‍ාගෙනි.

මා කුඩා කල දුටු සුන්දර දිනයකි, සිංහල හින්දු අලුත් අවුරුදු දිනය. ඒ නිමිත්තෙන් අපේ තාත්තා අවුරුදු උත්සවයක් පවත්වා ලොකු කුඩා බොහෝ දෙනකුට තෑගි දෙනවා මා කුඩා කල දැක්කෙමි. දරුවන් ආදර්ශයට ගන්නේ මුලින්ම තම දෙමවුපියන්ය.

අද පවත්වනු ලබන “සුවඳ පද්ම” උත්සවයේදී අ‍ාචාර්ය එඩ්වින් අරියදාස මැතිතුමාට සහ ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් මැතිතුමාට මුදලින් තෑගි පිරිනැමීමක් ද සිදු කරනු ලැබේ.

මෙම උලෙළේ සුවිශේෂ අ‍ාරාධිතයන් අතර එඩ්වින් ආරියදාස, සුමිත්‍රා පීරිස්,මහාචාර්ය කුසුමා කරුණාරත්න,සංස්කෘතික දෙපාර්තුමේන්තුවේ අධ්‍යක්ෂ අනුෂා ගෝකුල යන මහත්ම මහත්මීන්ද අනුග්‍රාහක ආයතනයන් නියෝජනය කරමින් ධම්මික පෙරේරා,නන්දන වික්‍රමගේ, අමාලි නානායක්කාර සහ ගාමිණි අමරසිංහ යන මහත්ම මහත්මින්ද වෙති.

“මිහිඳු සංස්කෘතික”පදනම පවත්වනු ලබන මෙම කලා මංග්‍යයේදී රාජ්‍ය සේවිකාවකට අ‍ාරාධනා කළ පළමු අවස්ථාවද මෙයයි. අනුෂා ගෝකුල ප්‍රනාන්දු මැතිනියට ආරාධනා කළේ, මෙතෙක් මා දුටු හොඳ රාජ්‍ය සේවිකාවන් අතරින් සිත්ගත් තැනැත්තිය වශයෙනි. අපේ ආරාධනය එතුමියට කරන ගෞරවයක් ලෙසින්ද අපි සලකන්නෙමු.

මෙම උත්සවයට අපේ දේශිය සංස්කෘතියට අදාළව අනවශ්‍ය පහත් නැටුම් ගැයුම් නොමැතිව පවත්වන්නකි.ආරාධිත දේශනය කැලණිය විශ්ව විද්‍යාලයේ සිංහල අධ්‍යයන අංශයේ මහාචාර්ය දර්ශන රත්නායකයන්ගෙනි.විශාරද එඩ්වඩ් ජයකොඩි. විශාරද සුනිල් එදිරිසිංහ.සහ විශාරද ජගත් වික්‍රමසිංහ වැනි ප්‍රබුද්ධයන් නිස්සරණාධ්‍යාශයෙන් මෙම උලෙළ වර්ණවත් කරන අය වෙති. සංගීතය ජයන්ත රත්නායක‍ට පැවරී ඇති අතර නර්තන විශේෂාංගයන් චන්දන වික්‍රමසිංහයන්ගෙනි. මිනිසුන් සිතාගෙන සිටිනවා, මිනිසුන්ට හුඟක් වැඩ කරන්න තියෙනවාය කියා. නැහැ. මිනිසුන්ට ඇත්තේ එක වැඩයි. ඒ මිනිසුන්ට වැඩ කිරීමයි. මා කරන එක වැඩක් තමයි “සුවඳ පද්ම” උපකාර කරන සැමට පිං 

ලබන සති­යට

Comments