කැන්ගරු දේශයේ අපේ දරු­වන් ඉදි­රි­පත් කළ රිද්ම චාරි­කාව | සිළුමිණ

කැන්ගරු දේශයේ අපේ දරු­වන් ඉදි­රි­පත් කළ රිද්ම චාරි­කාව

ශ්‍රී ලාංකේය සංගීතයේ විකාශනය තේමාකරගත් ‘රිද්ම චාරිකා 2017‘ ප්‍රසංගය පසුගියදා ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවර විට්ල්සී කලා සහ සම්මන්ත්‍රණ කේන්ද්‍ර යේදී ඉතා උත්කර්ෂවත් අන්දමින් පැවැත්වුණි.

මෙම ප්‍රසංගය ඉදිරිපත් කළේ වික්ටෝරියානු භාෂා පාසලේ රොක්ස්බර්ග් පාක් සහ එපින් මධ්‍යස්ථාන වල සිංහල භාෂාව හදාරන සිසු දරු දැරියන් විසිනි.

මෙම ප්‍රසංගයට මෙල්බර්න් නුවර කොන්සල් ජනරාල් ප්‍රසන්න ගමගේ, ජනාධිපති සම්බන්ධීකරණ ලේකම් ශිරාල් ලක්තිලක, වික්ටෝරියානු රජයේ බලශක්තිය පිළිබඳ ඇමැතිනී ලිලී ඩි ඇම්බ්‍රෝසියෝ, කම්කරු පාක්ෂික රජයේ මන්ත්‍රීනී බ්‍රන්වික් හාල්ෆ්පෙනි, ලිබරල් පාක්ෂික විපක්ෂයේ මන්ත්‍රීවරයකු වන ශ්‍රී ලාංකික සම්භවයක් ඇති ෙක්‍ර්ග් ඔන්ඩාචි, වික්ටෝරියානු භාෂා පාසලේ විදුහල්පති ෆ්‍රෑන්ක් මලීනෝ, හියුම් මහනගර සභාවේ හිටපු නියෝජ්‍ය නගරාධිපති චන්ද්‍රා දයා බමුණුසිංහ, ආනන්ද විද්‍යාලයේ හිටපු විදුහල්පති කර්නල් ස්ටීවන් කුඩලිගම, සහ උතුරු මෙල්බර්න් ශ්‍රී ලාංකික සංගමයේ සභාපති දයා සිල්වා යන මහත්ම මහත්මීහු ඇතුළු සම්භාවනීය අමුත්තන් රැසක් සහභාගි වූහ.

මෙම ප්‍රසංගයේ විශේෂත්වය වූයේ සංස්කෘතික කටයුතු ඇමැති එස්.බී.නාවින්න මහතාගේ අනුග්‍රහයෙන් මෙම භාෂා පාසලට පරිත්‍යාග කෙරුණු ශ්‍රී ලාංකික සම්ප්‍රදායික බෙර වාදනය කරමින් සංදර්ශනයක් පැවැත්වීමය.

මීට මාස තුනකට පමණ පෙර ජීවිතයේ ප්‍රථම වතාවට බෙරයකට අත තැබූ මෙල්බර්න් නුවර දරුවන් කලා ශීල්පී අසංක තිලකසිරි මහතාගේ ගුරු හරුකම් යටතේ පුහුණුව ලබා මෙවන් හපන්කමක් කිරීමට සමත්වීම සැබැවින්ම අගය කළයුතු කරුණකි.

එජින් මධ්‍යස්ථානයේ සම්බන්ධීකරණ නිලධාරිනී හිමාලි කරුණාසේන මහත්මිය සහ රොක්ස් බර්ග් පාක් මධ්‍යස්ථානයේ සම්බන්ධීකරණ නිලධාරිනී විපුලි ගුණසේකර මහත්මිය ඇතුළු ආචාර්ය මණ්ඩලයේ මග පෙන්වීම යටතේ රිද්ම චාරිකා ප්‍රසංගය පැවැත්විණි.


සිතුවමට පණදුන් ජී.එස්. ප්‍රවීණ චිත්‍ර ශිල්පී ජී.එස්.ප්‍රනාන්දු මහතාගේ ගුණ සැමරුම නිමිත්තෙනි.

දෙස් විදෙස් සංචාරකයින් ඇලුම් කරන මුහුදු වෙරළත්, ඉමහත් ප්‍රසිද්ධියක් උසුලන මහ හෝටලයත්, ඊට ආසන්නවම පිහිටිදුම්රිය ස්ථානයත් නිසා ගල්කිස්ස ප්‍රදේශයේ ඇති රමණීයත්වය තව තවත් ඉහළ නංවයි. මා කුඩා කාලයේ වාසය කළ නිවස පිහිටා තිබුණේ නෞකාවක හැඩයකට ඉදිව තිබූ ගල්කිස්ස ප්‍රධාන වෙළඳ සංකීර්ණයත්, තැපැල් කාර්යාලයත් අතර වූ වටරවුම් පාරේ ය.එදා මගේ නිවසට යාබද නිවසෙහි වෙහෙර විහාරවල සිතුවම් චිත්‍රණය කළ ප්‍රවීණ චිත්‍ර ශිල්පියකු වාසය කළේ ය.ඔහු නමින් මාලිගාවගේ නෝබට් ය.හෙතෙම අපේ රටේ අග්‍රගණ්‍ය චිත්‍රශිල්පියකු වූ දිවංගත මාලිගාවගේ සාර්ලිස් මහතාගේ ඥාතිපුත්‍රයකි. මා කුඩා අවධියේ පාසල් ගොස් නැවත නිවසට පැමිණ පුරුද්දක් ලෙස නෝබට් මහතාගේ නිවසට යන්නේ ඔහු විසින් චිත්‍රණය කරන සිතුවම් බැලීමට ය.එවක නෝබට් මහතාගේ නිවසට නිතර යන එන වැඩිහිටියන් දෙදෙනෙකු විය. ඒ සාර්ලිස් මහතාගේ පුතුණුවකු වූ දිවංගත ප්‍රවීණ චිත්‍ර සහ ගායන ශිල්පී සුසිල්ප්‍රේමරත්න මහතා සහ ප්‍රවීණ චිත්‍ර ශිල්පී ජී.එස්.ප්‍රනාන්දු මහතා ය. ඒ වන විට ජී.එස්.ප්‍රනාන්දු මහතා ද පදිංචි වී සිටියේ වටරවුම් පාරෙහිම ය. එදා මම ජී.එස්.ප්‍රනාන්දු මහතා චිත්‍ර ශිල්පියකු ලෙස දැන සිටි නමුදු ඔහු අපේ රටේ නමගිය කලාකරුවකු බව නොදැන සිටියෙමි.

‘‘එක් චිත්‍රයක් වචන දහසක් වටී” යන වදන් පෙළ විශේෂයෙන් ගැළපෙන්නේ කාටූන් චිත්‍ර කලාව සඳහාය.කාටූන් චිත්‍ර කලාවේ විශේෂත්වය වන්නේ සාම්ප්‍රදායික චිත්‍රවල පවතින සීමාමායිම් අතික්‍රමණය කරමින් නිදහස්ව අදහස් ප්‍රකාශ කිරීමට වරම් හිමිකරගන තිබීම ය.විශේෂයෙන් වචනවලින් ප්‍රකාශකළ නොහැකිවූ යම් කරුණක් විවරණය කිරීමේ දීල කාටුන් චිත්‍රමාධ්‍ය ඉතාම ප්‍රයෝජනවත්වේ. මේ අනුව මාහට මූලාශ්‍ර මගින්අනාවරණයවූ තොරතුරු අනුව ජී.එස්.ප්‍රනාන්දු වූ කලී කාටුන් කලාවේ විෂයක්ෂේත්‍රය මැනවින් අවබෝධකරගෙන එහි පරතෙරටම ගිය නිර්මාණ ශිල්පියකු ලෙස හඳුනාගැනීමට පුළුවන.

වර්ෂ 1904 පෙබරවාරි මස 02 වැනි දින බෙන්තර සුදාගොඩ දී උපත ලද ජී.එස්.ප්‍රනාන්දු මහතා අකුරු කර ඇත්තේ බෙන්තර ගාමිණී විද්‍යාලයෙනි. පසුවඔහුගේපියාගේ වුවමනාව මත කොළඹට පැමිණ සිංහල වෙදකම හැදෑරීම ආරම්භකර තිබේ. එනමුදු එම කාල වකවානුවේ දී ඔහු වඩාත් උනන්දු වී ඇත්තේ පාලි සහ සංස්කෘතික භාෂා ඉගෙන ගැනීමටය. ඒ සඳහා ඔහුට එවක මාලිගාකන්දේ විද්‍යොදය පිරිවෙනෙහි පරිවේනාධිපතිව සිටි මහගොඩ ඥානිස්සර හිමිපාණන්ගෙන් ද උපකාර ලැබී තිබේ.

ජී.එස්.ප්‍රනාන්දු මහතා ස්වකීය කලා දිවියෙහි දොරටු විවෘත කර ගනු ලැබුවේ ද මෙමඅවදියේ දී ය. ඒ ඔහුට අහම්බෙන් හමුවී ඇති ප්‍රවීණ චිත්‍ර ශිල්පී රිචඞ් හේන්රිකස් මහතා ගෙනි.හේන්රිකස් මහතාගේ සමීප ඇසුර මත ජී.එස්.ප්‍රනාන්දු මහතාට එවක අපේ රටේ සිටි ප්‍රකට චිත්‍රශිල්පියකු වූ සාර්ලිස් මහතා හමුවී සිතුවම්කරණය පිළිබඳව වැඩිදුරටත් ඉගෙන ගැනීමට අවස්ථාවඋදා වී තිබේ.ඒවාගේම ඩී.එච්. වින්සර් මුදලිඳු, ඒ. ඩී.ජී.ඇස්.අමරසේකර සහ ඉංග්‍රීසි ජාතිකර සල්ප්ලින් වැනි ප්‍රවීණ චිත්‍ර ශිල්පීන්ගේඇසුරද ඔහුට සිතුවම්කරණය පිළිබඳව ප්‍රමාණවත් අවබෝධයක් ලබා ගැනීමට ඉවහල් වී තිබේ.

අපේ රටේ පිළිගත් ජාතික පුවත්පතකට මුල්වරට දේශපාලන කාටූන් චිත්‍රය නිර්මාණය කරඇත්තේ ජී.එස්.ප්‍රනාන්දු මහතා විසිනි. ඒ වර්ෂ 1931දී ස්වදේශ මිත්‍රයා පුවත්පතට ය.

එම කාටූන් චිත්‍රය මගින් උපහාසයට ලක්කර තිබණේ එවක ඩොනමෝර් කොමිෂමේ වාර්තාව පිළිබඳව ය. ඒවාගේම අපේ රටේ ජාතික පුවත්පතක සිංහල භාෂාවෙන් පළවූ ප්‍රථම සිංහල චිත්‍රකතාව සිතුවම්කරන ලද්දේද ජී.එස්.ප්‍රනාන්දු මහතා විසිනි.වර්ෂ 1951දී පළවූ එහි නම නීලා ය.

වර්ෂ 1934 දී ටයිම්ස් ඔෆ් සිලෝන් පත්‍රයට සම්බන්ධ වූ ජී.එස්.ප්‍රනාන්දු මහතා එම වර්ෂයේ දීම ෂෙල් නැමති සමාගම මගින් සංවිධානය කළ පෝස්ටර් චිත්‍ර තරගයකට චිත්‍ර 07 ක් ඉදිරිපත් කිරීමෙන් එහි ප්‍රථම, දෙවැනි හා තෙවැනි ස්ථාන තුනම හිමිකර ගැනීම ද ඔහුගේ නිර්මාණ දිවියෙහි වැදගත් සන්ධිස්ථානයකි. එමෙන්ම ප්‍රවීණ ගත්කතුවරයකු වූ ආචාර්ය මාර්ටින් වික්‍රමසිංහ සූරීන්ගේ අදහසකට අනුව ගුණසේන සමාගමේ මුද්‍රාවට ගුරුළුගෝමීරුව නිර්මාණය කරමින් කීර්තියට පත්වූ ජී.එස්.ප්‍රනාන්දු මහතා අපේ රටට පහළවූ දුර්ලභ ගණයේ විශිෂ්ටකලාකරුවකු බව මෙහිදී විශේෂයෙන් සඳහන් කළ යුතුවේ.

 


නාලන්දා විද්‍යාලයීය ආදිශිෂ්‍ය සංගමයෙන් ප්‍රේමකීර්ති ද අල්විස් ගී නිර්මාණ සඳකැන් වැසිලා.

 ශ්‍රී ලංකාවේ බිහිවූ අග්‍රගණ්‍ය ගීත රචකයකු වන ප්‍රේමකීර්ති ද අල්විස් මහතා විසින් රචිත තෝරාගත් ගීත ඇතුලත් නිර්මාණශීලී ප්‍රමිතිගත ප්‍රසංගයක් සංවිධානය කිරීමට නාලන්දා විද්‍යලීයීය ආදි ශිෂ්‍ය සංගමය සැලසුම්කොට තිබේ. 2017 නොවැම්බර් 12 දින සවස 6.30ට නෙළුම් පොකුණ රඟහලේදී පැවැත්වීමට කටයුතු සංවිධානයකොට ඇති මෙම ප්‍රසංගයෙහිදී ප්‍රේමකීර්ති ද අල්විස් මහතා පබැඳූ තෝරාගත් ගීත 28ක් ප්‍රවීණ ගායක ගායිකාවන් විසින් ගැයීමට නියමිතය.

ප්‍රේමකීර්ති ද අල්විස් මහතා විසින් රචිත ගීත ඇතුළත් දැවැන්‍තම ප්‍රසාංගික අත්දැකීම වන සඳකැන් වැසිලා වෙනුවෙන් වික්ටර් රත්නායක,සුනිල් එදිරිසිංහ , ටී.එම්.ජයරත්න , ප්‍රියා සූරියසේන,සමන් ද සිල්වා, සුසිල් ප්‍රනාන්දු , රොඩ්නි වර්ණකුල,සෙව්වන්දි රණතුංග, නදිනි ප්‍රේමදාස ජනිත් ඉද්දමල්ගොඩ සහ පවන් මල්ලවආරච්චි ගීතවත් වීමට නියමිතය.සුරේෂ් මාලියද්දගේ ස්වරරටාවන්ගෙන් හැඩවන සඳකැන් වැසිලා ප්‍රතිභාපූර්ණ සන්නිවේදක සමන් ආතාවුදහෙට්ටිගේ ආමන්ත්‍රණයෙන් විචිත්‍රවත් වේ.බුද්ධිමත් රසවින්දනය උදෙසා නාලන්දා විද්‍යාලයීය ආදිශිෂ්‍ය සංගමය රසික දන වෙත තිළිණ කරනු ලබන මෙම සුවිශේෂී ප්‍රසංගයෙහි නර්තන නිර්මාණය චන්න විජේවර්ධන විසිනි.


අනුරුද්ධ ජයසිංහගේ ‘එක දවසක අපි‘ Diolog Viu විනෝදේ තුළින්

අනුරුද්ධ ජයසිංහ අධ්‍යක්ෂණය කළ ආචාර්ය අරෝෂ ප්‍රනාන්දුගේ විධායක නිෂ්පාදනයක් වන එක දවසක අපි චිත්‍රපටය ළඟදීම ප්‍රධාන පෙළේ සිනමා ශාලා මගින් සහ විනෝදේ මොබයිල් App එක මගින් තිරගත කෙරේ. පුබුදු චතුරංග, නයනතාරා වික්‍රමආරච්චි ප්‍රධාන චරිත සඳහා රංගනයෙන් දායකවන මෙම චිත්‍රපටය ශ්‍රී ලාංකේය තරුණ ප්‍රජාව කේන්ද්‍ර කරගත් කතා තේමාවක් ඔස්සේ දිගහැරෙන්නක් වන අතර සමාජ අරගලයන් කිහිපයක්ම ඉදිරිපත් කරනු ලබයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම සන්නිවේදන සේවා සැපයුම්කරුවන Diolog Axiata සමාගම හඳුන්වාදෙන විනෝදේ මොබයිල් App එක මගින් ඉදිරිපත් කරන ප්‍රථම චිත්‍රපටය ලෙස එක දවසකි අපි හැඳින්විය හැකිය. Diolog Viu යනු ශ්‍රී ලංකාවේ වීඩියෝ විප්ලවය වන අතර මෙමගින් පාරිභෝගිකයා කැමැති චිත්‍රපට, ටෙලි නාට්‍ය, == , ක්‍රීඩා වැඩ සටහන්, දෙස් විදෙස් රූපවාහිනී නාළිකා ඇතුළු තවත් බොහෝ දේ නැරඹිය හැකිය. විනෝදේ යනු දහස් ගණන් සිංහල, දෙමළ චිත්‍රපට සහ වීඩියෝ අතටම ගෙන එන මොබයිල් App එකකි.මෙමගින් තෝරාගත් Diolog පාරිභෝගිකයන්ට මාස 12 ක් පුරාද, අනෙකුත් ජංගම දුරකතන ජාල පාරිභෝගිකයන්ට මාස 2 ක් පුරා ද මාසික ගාස්තු නොමැතිව රිසි සේ නැරඹීමේ අවස්ථාව සලසා දී තිබේ.


නාට්‍ය අර්ථ කථනය 31 වැනිදා කොළඹදී

ප්‍රවීණ නාට්‍ය වේදී එම්. සෆීර් මෙහෙයවන කොළඹ නාට්‍ය කථිකාව ‘නාට්‍ය අර්ථ කථනය‘ වාර්තා චිත්‍රපටය සහ සංවාදය ලබන 31 වැනිදා සවස 5.00 ට ජර්මන් සංස්කෘතික මධ්‍යස්ථානයේදී පැවැත්වේ.

 

Comments