
යළිත් අතීත ඉතිහාසයට අප රැගෙන යන සුජීව ගුණරත්නගේ කුළුඳුල් සිනමා ගෙත්තම 'කාල' පසුගිය 27 වැනිදා සිට සී.ඊ.එල්. මණ්ඩලයේ සිනමා ශාලා රැසක තිරගත කීරීම ඇරැඹිණි. 'කාල' රංගන දායකත්වය සඳහා මහේන්ද්‍ර පෙරේරා, මාදනී මල්වත්තගේ, ඩබ්ලිව්.ජයසිරි, නීටා ප්‍රනාන්දු, ජගත් මණුවර්ණ, ජනක් ප්‍රේමලාල්, විශ්ව කොඩිකාර, ධර්මප්‍රිය ඩයස්, දසුන් පතිරණ, දයාදේව එදිරිසිංහ, සූර්යා දයාරුවන්, නෙතලි නානායක්කාර, සේනක ටයිටස්, නඳුන් අකලංක, අචින්ත කලණ, ජලේස චාරුනේත්‍ර ඇතුළු විශාල පිරිසක් එක්ව ඇත. මෙය ඩී.කේ. ආටිගලගේ තිර රචනයකි.
කැමරාකරණයෙන් චන්දන ජයසිංහ, සංස්කරණයෙන් රංගන සිංහාරගේ සමගින් ලක්රුවන් ද සේරම්, අංග රචනයෙන් නාරද තොටගමුව, සංගීත අධ්‍යක්‍ෂණයෙන් දර්ශණ රුවන් දිසානායක, ගීත රචනය අමිල තේනුවර, රජී වසන්ත වෙල්ගම, රවී සිරිවර්ධන, සමගින් සුජීව ගුණරත්නගෙනි. ගායනයෙන් සූර්යයා දයාරුවන්, සමන් ලෙනින්, හිමාෂ මනුප්‍රිය දිසානායක, තුසිත සිම්සන්, සචිනි නිසංසලා සමග සචිනි උදාරි රණවක එක්ව ඇත. මෙය ලයිව් වර්ක්ස් ක්‍රියේෂන්ස් වෙනුවෙන් සුජීව ගුණරත්න, නදිනි බමුණුසිංහ හා ප්‍රදීප් ලක්‍ෂාන්තගේ නිපැයුමකි.
සිංහබාහු රටවටා
මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍රයන්ගේ විශිෂ්ටතම නාට්‍ය නිර්මාණය සිංහබාහු අද(29)දින ප.ව 3.30ට සහ ප.ව 6.45ට බොරැල්ල නාමෙල් මාලනි පුංචි තියටර් හිදීත් නොවැම්බර් මස 11දින ප.ව 3.30ට සහ ප.ව 6.45ට කළුතර නගර ශාලාවේදීත් රඟ දැක්වේ.
රූකඩ රාජ්ජේ දෙතැනක දී
රූකඩ රාජ්ජේ නාට්‍ය අද(29) දින ප.ව 3.30ට සහ 6.30ට පොලොන්්නරුව බුද්ධි මණ්ඩපයේදීත් නොවැම්බර් මස 05දින ප.ව 3.30ට සහ 6.30ට මහනුවර ශාන්ත අන්තෝනි විද්‍යාලයීය රඟහලේදී රඟ දැක්වීමට කටයුතු යොදා ඇත.
මල්වඩම් අනවශ්‍යයි දෙතැනක
මල්වඩම් අනවශ්‍යයි නාට්‍යය අනිද්දා(31)දින පෙ.ව 10.30ට සහ ප.ව 2.30ට පිටිපන NSBM green university හිදීත් නොවැම්බර් මස 08දින පෙ.ව 10.30ට සහ ප.ව 2.00ට මරදාන කාර්මික විද්‍යාලයීය ශාලාවේදිත් වේදිකා ගත කිරීමට හවුස් ඔෆ් ඩ්‍රාමා ආයතනය කටයුතු යොදා ඇත.
හඬ නිහඬ අද හංවැල්ලේ
ආචාර්ය ජයලත් මනෝරත්න නවතම නාට්‍ය නිර්මාණය 'හඬ නිහඬ වේදිකා නාට්‍ය' අද(29) දින හංවැල්ල රාජසිංහ විද්‍යාලයේදි සවස 3.00ට සහ 6.30ට වේදිකා ගත කෙරේ. ඩබ්ලිව්. ජයසිරි, ලක්ෂ්මන් මෙන්ඩිස්, සංජීව දිසානායක, රවීන්ද්‍ර යසස්, ෆර්නි රෝෂනී, ලංකා බණ්ඩාරනායක මෙහි රංගනයෙන් දායක වේ. සංගීතය නවරත්න ගමගේ ගෙනි.