
හොලිවුඩ් දැවැන්තයකුට චෝදනා
සිනමා ලොව දැවැන්ත චරිතයක් වන හාවේ වින්ස්ටීන්ට ලිංගික අතවර චෝදනා එල්ල වෙලා. ඇමෙරිකාවේ ‘ද නිව්යෝකර්’ පුවත්පත පළ කළ පුවතක සඳහන් වන්නේ ඒෂියා ආජෙන්ටෝ නම් වූ ජනප්‍රිය නිළිය 21 වැනි වියේ සිටිද්දී වින්ස්ටීන් විසින් ඇයට ලිංගික අතවර කළ බවයි. කෙසේ වෙතත් හොලිවුඩ් සිනමාවේ ඉහළටම ගමන් කරන්නට ඇතැම් නිළියන්ට අවස්ථාව උදා කළේ වින්ස්ටීන් යැයි ද පැවසෙනවා. ඔහු විසින් නිෂ්පාදනය කරන ලද ජනප්‍රියත්වයට පත්වූ චිත්‍රපටවල රඟපෑමට මේ සුරූපිනියන්ට ඉඩ ලබාදීමෙන් තමයි, ඔවුන්ට හොලිවුඩ් සිනමාව තුළ ජය කෙහෙළි නංවන්නට හැකිවුණේ.
ඒත්, ජනප්‍රිය සුපිරි නිළි ලින්ඩ්සේ ලෝහන් සිය ට්විටර් පිටුවෙන් ප්‍රකාශ කළේ වින්ස්ටීන් ට එල්ල වන චෝදනා නිවැරැදි නොවන බවයි. මේ වනවිට 64 වැනි වියෙහි පසුවන මේ දැවැන්තයාට මෙලෙස චෝදනාවන් එල්ල වෙද්දී ඔහුගේ බිරිය වන ජෝජිනා චැප්මන් පසුගියදා ඔහුව හැර ගියේ යැයි වාර්තා වුණා.
ජැකී චෑන් සටන් අතහරියි
ජැකී චෑන් ගේ රංගන විලාසයන් සිනමා රසිකයන්ට අමුතුවෙන් හඳුන්වා දිය යුතු නැහැ. එදා සහ අද පරපුරත් ප්‍රිය කරන මේ අතිදක්ෂ සටන් නළුවා දැන් පසු කරමින් සිටින්නේ තම ජීවිතයේ 63 වැනි වසරයි.
මේ ප්‍රවීණයා පසුගියදා පැවසුවේ තමන් මෙතෙක් රඟපෑ සටන් චරිතවලින් මිදිය යුතු බවයි. මගේ වයස දැන් 63 ක්. මට තවත් සටන් චරිත නිරූපණය කරන්න බැහැ. එදා වගේ ‘රශ් අවර්’ 1, 2, 3, 4, 5 කියලා චිත්‍රපටිවල දිගින් දිගටම එකම චරිත රඟපාන්න බැහැ. මම දැන් වෙනස් වෙන්න ඕනෙ. එහෙම වෙනස් නොවුණොත් ප්‍රේක්ෂකයන් මගෙන් ඈත් වෙයි. ඇමෙරිකානු, චීන, කොරියා, හොංකොං වගේ සිනමාපටවලින් අද වනවිට සටන් නළුවො කොයිතරම් දෙනෙක් ඈත්වෙලා ඉන්නවද? ටික දෙනාටයි රැඳිලා ඉන්න පුළුවන් වුණේ.”
“අද හුඟක් නළුවන්ට ස්ටන්ට් නළුවො නැතුව රඟපාන්න බැහැ. සටන් කරන්න දන්නෙත් නැහැ. ඒ අය දන්නෙ ‘ස්පයිඩර්මෑන්’ වගේ විශේෂ ප්‍රයෝග එකතු කළ චරිත රඟපාන්න විතරයි. සමහර සටන් දර්ශන රඟපාන නළු නිළියො පෙනුමෙන් නම් ලස්සනයි. සටන් බැහැ.” ජැකී චෑන් හොලිවුඩ් මාධ්‍යවලට එලෙස පැවසුවා.
සුපිරි වීරයෝ එකම චිත්‍රපටයේ
‘සුපර්මෑන්’, ‘වන්ඩර් වුමන්’ සහ ‘බැට්මෑන්’ යන වීරයන් සහ වීරවරියන් එක්කර නිර්මාණය කළ ‘ජස්ටිස් ලීග්’ නම් වූ අලුත්ම චිත්‍රපටය නොවැම්බර් 17 දා සිට ලොව පුරා තිරගත වීමට නියමිතයි. මේ වනවිට එම චිත්‍රපටයේ පූර්ව ප්‍රචාරක පටය අන්තර් ජාලයේ යූ ටියුබ් අඩවියෙන් විසුරුවා හැරෙනවා.
යුද්ධය සහ ත්‍රස්තවාදය හේතුවෙන් මුළු ලොවම විනාශයට පත්වන බව හැඟවෙන කතාවක් රැගත් ‘ජස්ටිස් ලීග්’ චිත්‍රපටය, ප්‍රේක්ෂකයන් තුළ කුතුහලය සහ සන්ත්‍රාසය ඇති කිරීමට සමත් වනු ඇතැයි එහි නිෂ්පාදකවරු පවසනවා. සැක් ස්නඩර් සහ ජෝස් වෙඩන් විසින් නිර්මාණය කරන ලද ‘ජස්ටිස් ලීග්’ චිත්‍රපටයේ බැට්මෑන් ලෙස බෙන් ඇෆ්ලෙක් ද, වන්ඩර් වුමන් ලෙස ගැල් ගැඩොට් ද සුපර් මෑන් ලෙස හෙන්රි කැවිල් ද රඟනවා. ඇම්බර් හර්ඩ්, ඇම් ඇඩම්ස් සහ එස්රා මිලර් වැනි තවත් ජනප්‍රිය නළු නිළි පිරිසක් ද මෙහි සෙසු චරිත නිරූපණය කරනවා.
‘ඔස්කා’ අනාවැකි හරියයිද?
මෑතකදී තිරගත කිරීම ඇරැඹුණු ‘බ්ලේඩ් රනර් 2049’ චිත්‍රපටයට මේ දිනවල විචාරක ප්‍රශංසා ලැබෙමින් පවතිනවා. ඇතැම් විචාරකයන් මේ චිත්‍රපටය ගැන අනාවැකි පවසන්නටත් මැළි වන්නේ නැහැ. ඔවුන් ගේ මතය අනුව මේ චිත්‍රපටය ලබන වසරේ පැවැත්වෙන ඔස්කා සම්මාන උලෙළේදී හොඳම චිත්‍රපටය හැටියට ජයග්‍රහණය කරනු නිසැකයිලු. (මීළඟ ඔස්කා සම්මාන උලෙළ පැවැත්වෙන්නේ 2018 මාර්තු මාසයේදී.)
තවත් සමහර විචාරකයන් මේ චිත්‍රපටය හඳුන්වා ඇත්තේ විවිධ යෙදුම්වලින්. ‘මවිතය දනවන සිනමා නිර්මාණය’, ‘උත්කෘෂ්ට චිත්‍රපටය’, ‘ත්‍රාසය මුසු චිත්‍රපටය’ එයින් කිහිපයක්. මේ සියලුම විචාරකයන්ගේ මත දැක්වීම් මීළඟ ඔස්කා සම්මාන රාත්‍රිෙය්දී සැබෑවක් බවට පත් වේ දැයි අපි බලා හිඳිමු.
රයන් ගොස්ලින් සහ හැරිසන් ෆෝඩ් මුල්වරට එකට රඟන ‘බ්ලේඩ් රනර් 2049’ චිත්‍රපටය උණුසුම් රසික ප්‍රතිචාර මැද තිරගත වෙනවා.