
වසර හයක් නොකඩවා සම්මාන උළෙල පැවැත්වූවා
හෙළ කලා කෙත පෝෂණය කළ කලාකරුවන් රැසකට උපහාර සමග මුල්‍ය තිළිණ ප්‍රදානය කිරීමේ සුවඳ පද්ම මහා කලා මංගල්‍යය මේ මස 29දා ප.ව 3.00ට කොළඹ බිෂෝප් විද්‍යාලයීය ශ්‍රවණාගාරයේදි පැවැත්වේ. විශිෂ්ට රංගධරයෙක්, වේදිකා නාට්‍ය, සිනමා හා ටෙලි නාට්‍ය අධ්‍යක්ෂවරයෙක්, නිෂ්පාදකවරයෙක්, ලේඛකයෙක් හා ක්ෂේත්‍රයට අදාළ දැනුම බෙදා දෙන දේශකයෙක් වන කලාසූරි සතිස්චන්ද්‍ර එදිරිසිංහයන්ගේ සභාපතිත්වයෙන් යුතු මිහිදු සංස්කෘතික පදනම හයවැනි වරටත් පවතවන සුවඳ පද්ම සම්මාන උළෙල පිළිබඳව සතිස්චන්ද්‍රයන් සමග කළ සංවාදයකි මේ.
සුවඳ පද්ම උපහාර සම්මාන උළෙලේ ඇරැඹුම පිළිබඳව මතකය අවදි කළොත්...
මම 2008, 2009 වසරවල වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ උපදේශකවරයකු ලෙස සේවය කළා.එම කාලයේ වාරිමාර්ග ඇමැතිවරයාව සිටියේ චමල් රාජපක්ෂ මහතා.
'නිල් දියවර කෙත් යායට' වැඩසටහනින් 'ජලය සහ මිනිසා' මැයෙන් ප්‍රදර්ශනයක් සූදානම් කළා. එම කාලයේදි චමල් රාජපක්ෂ අමාත්‍යවරයා කතා නායක පදවි ලබා වාරිමාර්ග අමාත්‍යංශයෙන් ඉවත්ව ගියා. මාගේ සේවා කාලයත් දීර්ඝ වුයේ නෑ.
ප්‍රදර්ශනය පැවැත්වීම එතැනින්ම අසාර්ථක වුණා. ඔය කාලයේදි කිෂූ ගෝමස් මහතාට එම ව්‍යාපෘතිය ගැන කී විට එතුමා අධ්‍යක්ෂවරයා සමග කතාකර එම ප්‍රදර්ශනය අවුරුදු 2ක් තුළ ප්‍රධාන නගර 25ක ප්‍රදර්ශනය කිරීම ආරම්භ කළා. ප්‍රදර්ශනය ආරම්භ කිරීමට තනි පුද්ගලයකුට මුදල් ලබා දීමක් සිදු නොකරන නිසා ඒ සඳහා සංවිධානයක් අවශ්‍යයි කීවා.
එම අවස්ථාවේ හදපු සංවිධානය තමයි 'සුවඳ පද්ම' සංවිධානය.සුවඳ පද්ම සංවිධානයේ අරමුණු තුනයි. එනම් සාරධර්ම අධ්‍යාපනය පිළිබඳව පාසල් දරුවන් සහ වැඩිහිටියන් දැනුම්වත් කිරීම, පරිසරය පිළිබඳව දැනුම්වත් කිරීම, කෘත වේදිත්වය.
ඔබ අපේ රටේ සිටින ප්‍රවීණ රංගන ශිල්පියෙක්..කලා කරුවන් වෙනුවෙන් මෙවැනි කාර්යයක් කිරීමට අදහස් කළේ ඇයි...
සුවඳ පද්ම සංවිධානයේ තෙවැනි අරමුණ කෘත වේදිත්වය තමයි මේ සිදු කරන්නේ.පදනම පටන් අරන් 2017 වසරට අවුරුදු අටයි. 2012 වසරේ දි සුවඳ පද්ම උපහාර උළෙල ආරම්භ කළා. උපහාර උළෙල පවත්වන 6වැනි වතාව මෙය.කලා කරුවන් වු අපි කලාකරුවන් වෙනුවෙන් කිසියම් මෙහෙවරක් කළ යුතුයි.
විශේෂයෙන් මෙවැනි කාල වකවානුවක බොහොම අසරණ වු කලාකරුවන් රැසක් සිටිනවා. කලාව වෙනුවෙන් සුවිශාල මෙහෙවරක් සිදුකළ ඔවුන්ව නිසි ඇගයීමක් සිදු නොවු කලාකරුවන්ව ඇගයීම වැනි පරාර්ථ කාමි අරමුණු රැසක් පෙරදැරි කරගෙන මේ උපහාර උළෙල පවත්වනවා.
මෙවර සුවඳ පද්ම සම්මාන උළෙලේ මුල්‍යමය තිළිණ සහ සම්මානයට බදුන්වන කලා කරුවන් කවුරුන්ද...
සම්මාන උළෙල කොටස් තුනයි.'සුසේවාභිමානී' විශේෂ මුල්‍යමය තිළිණයන් ලබන්නේ ආචාර්ය ලෙස්ටර් ජේමිස් පීරිස් මහතා සහ ආචාර්ය එඩ්වින් ආරියදාසයන්. මාලිනී ෆොන්සේකා, රවීන්ද්‍ර රන්දෙණිය, ශ්‍රියානි අමරසේන,නීටා ප්‍රනාන්දු, ශ්‍රියන්ත මෙන්ඩිස්, බණ්ඩාර ඇහැලියගොඩ, රෝහණ වීරසිංහ, තිලකරත්න කුරුවිට බණ්ඩාර, එම්.ඩී මහින්දපාල, ආරියදාස වීරමන්, ටෙනිසන් පෙරේරා, කුලසිරි බුදවත්ත, හේමපාල ධර්මසේන, සංජය හෙයියන්තුඩුව, තිලක් ගොඩමාන්න, සිරිසේන ප්‍රේමලාල් යන අය සුවඳ පද්ම 'ස්වර්ණ උපහාර සම්මානයෙන් පිදුම් ලබනවා.
ලයනල් ගුණතිලක, ජයතිස්ස අලහකෝන්, පෑලියගොඩ දයානන්ද, ලයනල් ගුණරත්න, නෙතලි නානායක්කාර, මල්ලිකා කහවිට, සරත් සන්දනායක, ආනන්ද වික්‍රමගේ, නීල් අලස්, සුසිල් පෙරේරා, ලියෝනි කොතලාවල, ගුණවතී ගුණවර්ධන, ගාමිණී අම්බලන්ගොඩ, සමදරා කෝට්ටගේ, ආනන්ද ෆොන්සේකා, කේ.ඒ පියකරු, යසී අබේරත්න, සෝමසිරි ලියනගේ, ප්‍රේමරත්න රූපසිංහ, ෆ්‍රෑන්ක් කුරුකුලසුරිය යන කලා කරුවන්ට සුවඳ පද්ම 'රජත' උපහාර සම්මානය මුල්‍ය තිළිණ සමග පිළිගන්වනවා.(ව්‍යාපාර, සාහිත්‍ය, වේදිකාව) ආදි විවිධ ක්ෂේත්‍ර නියෝජනය කරන අයට මෙම සම්මාන ප්‍රදානය කරනවා.
වර්තමාන සමාජය තුළ සම්මාන උළෙලක් පවත්වනවාය යන්න භාරදුර කාර්යයක්. ඔබ වැනි තනි පුද්ගලයකුට මෙතරම් වගකීමක් කිරීමට සහාය දෙන ක්ෂේත්‍රයේ අනෙකුත් කලා ශිල්පීන් හා සංවිධාන ගැන සඳහන් කළොත්..
'සුසේවාභිමානී' සම්මානය ලබා දෙන දෙදෙනාට රුපියල් 50,000ක මුදලක් සහ රජත සම්මානලාභීන්ට සුළු මුදල් පරිත්‍යාගයක් සිඳුකරනවා.ඒ සඳහා අනුග්‍රාහක භවතුන් සිටිනවා. ඔවුන් නැතිනම් තනියම මේවැනි භාරදුර කාර්යයක් කරන්න ලැබෙන්නේ නෑ. නම් වශයෙන් කීමට නොහැකි වීම ගැන කණගාටුව ප්‍රකාශ කරනවා. කලාකරුවෙක් කලාකරුවන් පිරිවරාගෙන කලාකරුවන්ට උපහාර දක්වන කලා මංගල්‍යයක් ලෙසයි සුවඳ පද්ම සම්මාන උළෙල හඳුන්වන්නේ.
සම්මාන උළෙල වර්ණවත් කිරීමට සහභාගිවන කලාකරුවන් සම්බන්ධකරගන්නේ කිසියම් තෝරා බේරා ගැනීමකින්ද...
මෙම සම්මාන උළෙල නව පරපුරේ නළු නිළියන්ව සම්බන්ධ කරගන්නා පාලමක්. එඩ්වඩ් ජයකොඩි, ගීතා කාන්ති ජයකොඩි, මොරින් චාරුනී, චිත්‍රා වරකාගොඩ, හයිසින්ත් විජේරත්න, රුවන් වික්‍රමසිංහ, ජනක් ප්‍රේමලාල්, දමයන්ති ෆොන්සේකා, යමුනා මාලනී පෙරේරා, ගිරිරාජ් කෞෂල්‍ය, ශාලිකා එදිරිසිංහ, කුලසිරි මල්ලිකාරච්චි, ඕෂධී හේවාමද්දුම, තිලක් කලුලියනගේ, සමාධි අරුණඡායා, අනුරාධා එදිරිසිංහ සම්මාන උළෙලේ මල්දම් පැළඳවීම සහ මල් කළඹ පිළිගැන්වීම සිදු කරනවා. විවිධ වයස් සීමාවන් නියෝජනය කරන කලා ශිල්පීන් සම්බන්ධ කරගත්තේ කලා කරුවන් අතර සුහදතාව වර්ධනය කර ගැනීමට.
විශාරද සුනිල් එදිරිසිංහ, මීනා කුමාරි, යශෝදා විමලධර්ම, ජයන්තා රුක්මනී, අමිත්ත වීරසිහ, දමිතා අබේරත්න, උදේනි අල්විස්, කාවිංග පෙරේරා, විශ්ව කොඩිකාර, දිල්හානි ඒකනායක, මහින්ද ප්‍රසාද් මස්ඉඹුල, මේනකා පීරිස්, වොල්ගා කල්පනී, සුජානි මේනකා, පබෝදා සංදීපනි සම්මාන උළෙලේ හේතුපාඨ ප්‍රකාශ කිරීමෙන් සහභාගි වනවා.
සංගීතය මෙහෙයවීමෙන් ජයන්ත රත්නායකත්, නර්තන නිර්මාණයෙන් චන්දන වික්‍රමසිංහත්, ගීත ගායනය වික්ටර් රත්නායක, සුනිල් එදිරිසිංහ, එඩ්වඩ් ජයකොඩි හා ජගත් වික්‍රමසිංහ උළෙල වර්ණවත් කිරීමට සංගීතයෙන් දායක වෙනවා.
සුවඳ පද්ම සම්මාන උළෙල ඉදිරියටත් පවත්වාගෙන යෑමට සුබ පතන අතරම කලා ක්ෂේත්‍රයට ආදරය කරන රසික රසිකාවියන් වෙනුවෙන් යම්කිසි පණිවුඩයක් ලබා දෙන්න තියෙනවද..
මම කලාවට පිවිස දශක පහකටත් වැඩියි. සෑහෙන කාල පරිච්චේදයක් කලාවේ විවිධ අත්දැකීම් ලැබුවා. අපි තරුණ කාලයට වඩා අද බොහෝ වෙනස් සිතුම් පැතුම් තිබෙන තරුණ පිරිසක් සිටින්නෙ. ඔවුන්ව හරි මග ගෙනියන්න ප්‍රවීණයන් ලෙස ගන්නා විවිධ උත්සාහ අතර එක් උත්සාහයක් තමයි මේ සම්මාන උළෙල.රසිකයන් කලා කරුවන්ට බොහොම ආදරය කරනවා. ඒ අයට හොඳ නිර්මාණ ලබාදීම අපේ වගකීමක්.ඒ සඳහා මියයනතුරුම කැපවී ක්‍රියාකරන චරිතයක් මම.සම්මාන උළෙලට සහභාගි වන්නට බලාපොරොත්තු වන මගේ ආදරණීය රසික රසිකාවියන්ට 077-3011308 දුරකථන අංකයට දැනුම් දීමෙන් ඒ සඳහා අවස්ථාව ලබාගත හැකියි.