
මිරා රාජ්පුට් රංගනයට?
ජනප්‍රිය නළු ශාහිඩ් කපූර්ගේ ආදරණීය බිරිය මීරා රාජ්පුට්. ඇය බොලිවුඩ් සිනමා ලෝකයට කිසිදු අයුරකින් සම්බන්ධවූ කෙනකු නොවෙයි. ඇය බැංකු නිලධාරිනියක්. ඒ වුණත් රූප ශ්‍රීයෙන් අඩුවක් නැති මිරා, සිනමා නිළියකට නම් ගැළපෙනවා. ඒ නිසාදෝ ළඟදීම බොලිවුඩ් සිනමාවට එක්වීමේ අදහසක් ඇගේ සිත තුළ ජනිත වෙලා. ඇගේ කැමැත්තට ඉඩ දී ඇති ශාහිඩ්, ඇයට ඒ වෙනුවෙන් උපරිම සහයෝගය දෙන්නට බලාපොරොත්තු වෙනවාලු.
මෑතකදී එක්තරා මාධ්‍යවේදියකු ශාහිඩ් ගෙන් ඇසුවේ මීරා, බොලිවුඩ් නිළියක ලෙස ඉදිරියට ගමන් කළොත් එයට කැමැති ද කියලයි. එයට පිළිතුරු දුන් ශාහිඩ් පැවසුවේ සිනමා රංගනයට පිවිසෙන්නට මීරා තුළ අකැමැත්තක් නැති නම් තමන් ඇයට ඒ වෙනුවෙන් උදවු කරන බවයි. කොහොම වෙතත් මිරා මේ වනවිට තම ජීවිතය ගත කරමින් සිටින්නේ කාර්ය බහුලවයි.
එක අතකින් වෘත්තීය ජීවිතය සහ අනෙක් අතින් ශෘහ ජීවිතය තුළ බිරියක සහ මවක ලෙසින් වගකීම් රැසක ඇය පැටලිලා. බොලිවුඩයේ සුපිරි නිළියන් කිහිප දෙනකු ම මවු පදවිය ලබා තම දරු දැරියන් වෙනුවෙන් කාලය කැප කරද්දී සිනමා රංගනයටත් එකතු වෙනවා. කරීනා කපූර්, ඓශ්චර්යා රායි සහ සෝහා අලි ඛාන් එයින් තිදෙනෙක්. ඉතින්, මීරාටත් ඔවුන් අනුගමනය කරමින් සිනමා රංගනයට පිවිසිය හැකි යැයි ශාහිඩ් සහ ඇගේ හිතවත් පිරිස පවසනවා.
රන්වීර්ට මනෝ චිකිත්සක ප්‍රතිකාර
අතිශය කාර්ය බහුලවීම නිසා බොලිවුඩයේ නළු නිළියන් ආතතියෙන් නොපෙළුණොත් තරමක පුදුමයක්. අද ඔවුන්ට එතරම්ම වැඩ. මෙහෙම එක දිගට චිත්‍රපටවල වැඩ කටයුතුවල සිරවී සිටිද්දීම සංකීර්ණ චරිත රඟපාන්න ලැබුණොත්, කිසි සැකයක් නැහැ.
තත්ත්වය තවත් ‘බරපතළ’ වේවි. වසරක් තිස්සේ රූගත වෙමින් තිබෙන සන්ජේලීලා භන්කාලිගේ ‘පද්මාවතී’ චිත්‍රපටයේත් එවැනි සංකීර්ණ, අභියෝගාත්මක චරිතයක් තිබෙනවා. ඒ, අලව්දීන් ඛිල්ජි නම් වූ චරිතයයි.
මේ චරිතය නිරූපණය කිරීමේ භාරදූර වගකීම පැවරී ඇත්තේ රන්වීර් සිංට යි. අලවුදීන් වැනි ක්‍රෑර ගති ඇති පුද්ගලයෙකුගේ චරිතයට ආරූඪ වී රඟපෑ රන්වීර් ගේ මානසික තත්ත්වය ද වෙනස් වූ බවයි සමහරු පවසන්නේ. තමන්ට ලැබෙන කුමන චරිතයක් හෝ ගැඹුරින් අධ්‍යයනය කොට රඟපෑම රන්වීර්ගේ සිරිතක්.
ඔහු අලවුදීන් බිල්ජිගේ යථා ස්වරූපය හොඳින් විමසීමෙන් පසුවයි, ඒ චරිතය පණ ගන්වා ඇත්තේ. මේ හේතුවෙන් ඒ චරිතය රඟපෑමෙන් පසුව රන්වීර් ට යළි සැබෑ ජීවිතයට පිවිසෙන්නට අපහසු වෙලා. කාගේත් උපදෙස් අනුව ඔහුට මනෝ වෛද්‍යවරයෙකුගෙන් ප්‍රතිකාර ලබන්නට සිදුවූ බවයි ආරංචිවල සඳහන් වන්නේ.
මුම්බායි නුවර රෝහලකට ඇතුළත් වූ රන්වීර් මනෝ වෛද්‍යවරයකුගෙන් අවස්ථා තුනකදී සේවාව ලබාගෙන ඇතැයි පැවසෙනවා. මේ වනවිට රන්වීර්ගේ මානසික තත්ත්වය යහපත් වී තිබෙනවාලු. මෙවැනි අසීරු අවස්ථා පසු කරමින් නිර්මාණය වන ‘පද්මාවතී’, නොවැම්බර් 30 දා සිට තිරගත කිරීමට නියමිතයි.