රූප­ලා­වන්‍ය කලා­වට උපන් හපන් චිත්‍රා­නිට සම්මා­න­යක් | සිළුමිණ

රූප­ලා­වන්‍ය කලා­වට උපන් හපන් චිත්‍රා­නිට සම්මා­න­යක්

ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යංශයේ කුඩා ව්‍යාපාර සංවර්ධන අංශය සංවිධානය කළ ව්‍යවසාය (2017) කුඩා ව්‍යාපාරිකයන් ඇගයීමේ 'sed awards colombo' උළෙලේදී පසුගියදා කොළඹ දිස්ත්‍රික්කයේ දක්ෂතම රූපලාවන්‍ය ශිල්පිනිය ලෙස ( සියලු අංශ) චිත්‍රානි තිලකරත්න රාජපක්ෂ මහත්මිය සම්මාන දිනාගත්තාය.

පිළියන්දල, බෝකුන්දර සැලෝන් කැරන් හි හිමිකාරිය වන ඇය 2003 වසරේ සිට වසර 16ක් පුරා අඛණ්ඩව රූපලාවන්‍ය ක්ෂේත්‍රයේ නියැළෙන්නීය.කොණ්ඩා සැකසීම, හිසකෙස් පාට ගැන්වීම, පේෂල්, නියපොතු අලංකරණය, සාරි හැඩගැන්වීම, වෙඩින් කේක්, මල් බොකේ සැකසීම, මෙහෙන්දි, නිය සැරසිලි,මනමාලියන් හැඩගැන්වීම, විවිධ පේෂල් වර්ග(ආයුර්වේද රුපලාවන්‍ය ක්‍රම) ඇතුළු විවිධ රූපලාවන්‍ය හැඩ ගැන්වීම් සැලෝන් කැරන් වෙතින් ලබා ගත හැක.

nvQ 4 උපාධිදාරිනියක වන චිත්‍රානි කොළඹ දිස්ත්‍රික්කයේ දක්ෂතම රූපලාවන්‍ය ශිල්පිනිය ලෙස කිහිප අවස්ථාවකදීම සම්මාන දිනාගෙන ඇති අතර 2010 වසරේදි මනාලියන් හැඩගැන්වීමේ තරග රැසකින්ද ජග්‍රහණ හිමිකරගෙන සිටී.

'රූපලාවන්‍ය ක්ෂේත්‍රයේ මෙතරම් දුර ගමනක් ඒමට දුව නිරෝෂා කැරන්ගෙන් ලොකු සහයෝගයක් ලැබෙනවා. මා ළඟට එන පාරිභෝගිකයන්ට සතුටුවිය හැකි සේවාවක් ලබා දීමට මම සෑම විටම උත්සාහ කරනවා. ඒ සඳහා කුඩා ව්‍යාපාර සංවර්ධන අංශ සමග අත්වැල් බැඳගෙන ව්‍යාපාර දියුණු කරගන්නා ලෙස නවක ශිල්පිනියන්ගෙන්ද ඉල්ලා සිටින වා.ජාත්‍යන්තර මට්ටමින් රූපලාවන්‍යාගාරයක් පවත්වාගෙන යමින් අපේ රටේ රූපලාවන්‍ය ක්ෂේත්‍රයේ තව තවත් ඉහළට යෑමට බලාපොරොත්තුව වනවා යැයි චිත්‍රානි අප සමග පැවැසුවාය.

රූපලාවන්‍ය ක්ෂේත්‍රය පිළිබඳව වැඩි දුර තොරතුරු දැනගැනීමට අවශ්‍ය නම් දු.අංක 071-2115121ඔස්සේ චිත්‍රානි හා සම්බන්ධ විය හැක.


කීර්ති-උමාරියා - ආත්මා ගී ගයන සඳදිය මංකඩ 21 දා රත්නපුරේදී

රත්නපුර ප්‍රදේශයේ ප්‍රාදේශීය රෝහල් සඳහා ඩෙංගු රෝගීන්ගේ සංකුලතා පරීක්ෂණ සිදු කිරීමට අවශ්‍ය ස්කෑනර් යන්ත්‍ර පරිත්‍යාග කිරීම පිණිස සංවිධානය කරනු ලබන, කීර්ති පැස්කුවල්,උමාරියා සිංහවංශ සහ ආත්මා ලියනගේ ගී ගයන සඳදිය මංකඩ ගී වස්සානය සංගීත ප්‍රසංගය ලබන 21 වැනි සෙනසුරාදා රත්නපුර නව නගර පුස්තකාල ශ්‍රවනාගාරයේදී පැවැත්වේ. මෙහි සංගීතය මෙහෙයවීම වජිර ඩී.රත්නායක විසිනි. කතනය හේම නලින් කරුණාරත්න ගෙනි. සඳර්න් ඉන්ජිනියර්ස් විසින් මෙය සංවිධානය කරනු ලබයි.


හුණුවටයේ කතාව 21දා කිරිබත්ගොඩ විහාරමහා දේවි විද්‍යාලයීය රංග ශාලාවේදී

හෙන්රි ජයෙසේනයන්ගේ “හුණුවටයේ කතාව” ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය (බටහිර-උතුර) කාර්යාලීය සුභ සාධක සංගමය ප්‍රේක්ෂක ජනයාගේත් පාසල් දරුවන්ගේත් කලා රසාස්වාදය උදෙසා වේදිකා ගත කිරීමට නියමිතය. මෙය දැයේ දරුවන් පොත පත, කලාව ඉවතලා පරිගණකය හා අන්තර්ජාලය සමග වේගවත් ගමනක යෙදන අවස්ථාවක, දරුවන්ගේ මනස සොදුරු ඉසව්වක් කරා ගෙනයාමට ගත් වෑයමකි. මේ මස 21 දා සවස 2.30 හා 6.30 ට වේදිකා ගත කිරිමට නියමිතයි.

Comments