
කවි සිත
‘කවි සිත පුබුදුවා
ඔප් ගන්වනු මැනවි
ඔබේ සිත මෙන් ම
මෙරමා සිත් සතන්’
එසේ කී මහා කවියා
ඉන්පසු කිසිදු කවියක් නොලියා
කාලයක් ගත කළා
නිශ්ශබ්දතාවේ ගිලී
“කෝ ඔබේ කවි දැන්?”
ආයුබෝ රසිකයෝ
“කවි බුබුළු නැඟි ඇත මසිත,
එකින් එක දිලෙන යුරු
බලා ඉන්නම් සන්සුන්ව
මොහොතින් මොහොත
ගිලිහෙන
මහාචාර්ය සුනන්ද මහේන්ද්‍ර