
පැරිස්ගේ පියා මයිකල් ද? ෙබීද?
පැරිස් ජැක්සන් තවමත් නව යොවුන් වියෙහි පසුවන ජනප්‍රිය ගායිකාවක්. සුපිරි ගායක මයිකල් ජැක්සන් ගේ එකම දියණිය ඇයයි. මයිකල් ජැක්සන් ගේ දියණිය වුණත් පැරිස් ගේ සැබෑ පියා කවුරුන්දැයි ඇතැම් අය විවිධ සැක සංකා පහළ කරනවා. පසුගිය කාලය මුළුල්ලේ වරින්වර මතුවූ මේ පීතෘ භාවය පිළිබඳ ප්‍රශ්නය යළිත් මතුවෙලා.
සමහරු පවසන්නේ පැරිස් ගේ සැබෑ පියාණන් මයිකල් නොවන බවයි. මයිකල් කළු ජාතිකයකු බව සැබෑවක්. නමුත් ඔහුගේ දියණිය සුදු ජාතික යුවතියකගේ ස්වරූපය පෙන්වනවා. මේ හේතුවෙන් දෙදෙනා අතර ස්වරූපය බෙහෙවින් වෙනස්. මේ අතර තවත් අයකුගේ බරපතළ ප්‍රකාශයක් නිසා මයිකල් ගේ පීතෘ භාවය ප්‍රශ්න කිරීමකට ලක්වෙලා. ජනප්‍රිය නළුවකු වන මාක් ලෙස්ටර් පවසා ඇත්තේ තම හිත මිත්‍ර මයිකල්ට උදව් කිරීමේ අටියෙන් පැරිස් නම් වූ දියණිය මයිකල්ගේ බිරිය වූ ඩෙඩී රෝව් ගේ කුස තුළ පිළිසිඳ ගැනීමට ජීවවිද්‍යාත්මක සහය ලබා දුන් බවයි. ඔහුගේ ප්‍රකාශයෙන් හැඟෙන්නේ පැරිස්ගේ සැබෑ පියාණන් වන්නේ මාක් බවයි! කෙසේ වෙතත් මයිකල් - ඩෙබී යුවළගේ ප්‍රින්ස් සහ බිගි (පසුව බ්ලැන්කට් ලෙස හැඳින්වූවා) යන පුතුන් දෙදෙනාගේ සැබෑ පීතෘත්වය හිමිවන්නේ මයිකල්ට යැයි පැවසෙනවා.
25 වැනි ජේම්ස් බොන්ඩ් හැදීම ඩෙනිස්ට
ජේම්ස් බොන්ඩ් චිත්‍රපට මාලාවේ 25 වැනි චිත්‍රපටයේ වැඩ කටයුතු ළඟදීම ඇරැඹීමට මේ වනවිට කටයුතු යොදමින් තිබෙන බවයි හොලිවුඩ් ආරංචිවල සටහන් වන්නේ.
ජේම්ස් බොන්ඩ් චරිතයට දැනටමත් ජනප්‍රිය නළුවකු එක්වී සිටිනවා. ඔහු තමයි, ඩැනියල් ක්‍රේග්. මීට පෙර ඔහු ජේම්ස් බොන්ඩ් චරිතයට පණ දුන්නා. මේ චිත්‍රපට මාලාවේ නිෂ්පාදකවරුන් සමඟ පසුගිය දා ඔහු ගිවිසුම් වලට අත්සන් තැබුවා. කොහොම වෙතත්, මේ 25 වැනි චිත්‍රපටය අධ්‍යක්ෂණය කිරීමට සුදුසු සිනමාකරුවකු තවමත් එක්වී නැහැ. පසුගිය සතියේ මේ චිත්‍රපටයේ නිෂ්පාදකවරුන් මුණගැසුණු ඩැනියල් ක්‍රේග්, තමන් ප්‍රිය කරන දක්ෂ අධ්‍යක්ෂ වරයකුගේ නම යෝජනා කර සිටියා. ඔහු තමයි, ඩෙනිස් විලෙනිව්. මෑතකදී අතිශය ජනප්‍රිය වූ ‘සිකරියෝ’, ‘ප්‍රිස්නර්ස්’ සහ ‘අරයිවල්’ වැනි චිත්‍රපට අධ්‍යක්ෂණය කළේ මේ සිනමා කරුවායි. 25 වැනි ජේම්ස් බොන්ඩ් චිත්‍රපටය අධ්‍යක්ෂණය කිරීමට ඔහු සුදුසු යැයි ඔහුගේ නම මීට කලින් ද යෝජනා වී තිබුණා.
කේට් - ලෙනාඩෝ ආදර වදන් කියන හැටි
‘ද මවුන්ටන් බිට්වීන් අස්’ චිත්‍රපටය ළඟදීම තිරගත වීමට නියමිතයි. මෙහි ප්‍රධාන නිළිය කේට් වින්ස්ලට්. මේ චිත්‍රපටය තිරගත කිරීම ඇරැඹෙන්නේ ‘ටයිටැනික්’ චිත්‍රපටය තිරගත කර වසර 20 ක් සපිරෙන දිනයේදී වීම විශේෂත්වයක්. රසික පරපුරේ හදවත් සසල කළ රෝස් ගේ චරිතය නිරූපණය කළ කේට් වින්ස්ලට් ඒ දිනය එනතුරු බලා සිටින්නේ නොඉවසිල්ලෙන්.
එදා ඇය ‘ටයිටැනික්’ චිත්‍රපටයේ නිරූපණය කළ ප්‍රේමාන්විත රංගනය තවමත් ඇගේ මතකයෙන් බැහැර වී නැහැ. ඒ නිසා තමයි, ඇය මාධ්‍ය හමුවලදී එදා ‘ටයිටැනික්’ චිත්‍රපටයේ රඟපාද්දී පැවසූ ආදර වදන් තවමත් මුමුණන්නේ. ඇය විතරක් නොවෙයි. ඇගේ පෙම්වතා ලෙස රඟපෑ ලෙනාඩෝ ඩි කැප්රියෝත් කේට් ගේ වදන් වලට ප්‍රතිචාර දක්වන්නේ ඔහු එදා ‘ටයිටැනික්’ චිත්‍රපටයේ රඟපාමින් පැවසූ ප්‍රේමය මුසුවූ දෙබස් යළි පැවසීමෙන්. “එදා ‘ටයිටැනික්’ චිත්‍රපටයේ රඟපාද්දී මගේ වයස 21 යි. ලෙනාඩෝ ගේ වයස 22 යි. අද මට 42 යි. ලෙනාඩෝගේ වයස 43 යි.” කේට් මේ වදන් සිනහ නංවමින් පැවසුවේ ‘ඒ.බී.සී. චැනලයේ වැඩසටහනකට එක්වෙමින්.
රිකී මාටින් කඳුළු සලයි
ජනප්‍රිය ගායක රිකී මාටින්ගේ උපන් බිම පිහිටි පුවටෝ රිකෝ පසුගියදා හැමූ මාරියා චණ්ඩ මාරුතයට හසුවුණා. මේ හේතුවෙන් එහි විදුලි බලය, ජල සැපයුම, ආහාර ද්‍රව්‍ය ලබා ගැනීම සහ සන්නිවේදනය ඇතුළු සියලු කටයුතු ඇණ හිටියා.
පසුගියදා රිකී මාටින් මේ බව සිය ඉන්ස්ටග්‍රෑම් පිටුවෙහි සටහන් කළා. ඒ සමඟම තවත් විශේෂ කරුණක් ද සිහිපත් කළා... “මම දැන් හරිම කනස්සල්ලෙන් ඉන්නේ. මගේ සහෝදරයා ගැන කිසිම ආරංචියක් මේ තාක් දැන ගන්න ලැබුණෙ නැහැ. එයා ඉන්නෙ පුවටෝරිකෝ වල. එයාට මොනව වුණාද කියල කිසිම ආරංචියක් නැහැ.”
මේ සටහන සමඟ ඔහු හැම දෙනාගෙන් ම අයැද සිටියේ විනාශයට පත්වූ පුවටෝරිකෝ ජන ජීවිතය යළි නඟා සිටුවන්නට අවශ්‍ය ආධාර ලබාදෙන ලෙසයි. මේ වනවිට රිකී මාටින්ගේ ඉන්ස්ටග්‍රෑම් පිටුව සමඟ සම්බන්ධවී සිටින රසික පිරිස මිලියන 8.9 ක් ලු.