හීන ගොඩක් නැති කරගෙන අපිව දාලා යයි කියලා හිතු‍ණේ නැහැ | Page 13 | සිළුමිණ

හීන ගොඩක් නැති කරගෙන අපිව දාලා යයි කියලා හිතු‍ණේ නැහැ

දසුන් නිෂාන් ජීවිතයෙන් සමුගෙන සතිදෙකක් ගෙවී ගොසිනි. ටෙලි නාට්‍යවල ඔහු රඟපෑ කොටස් තවමත් විකාශය වන නිසා ඔහුගේ රුව තවමත් අපට දැකගත හැකියි.එහෙත් තව ටික දිනකින් දසුන් පිළිබඳ මතකය අපගෙන් ගිලිහී යනු ඇත.

එහෙත් දසමසක් කුස දරා දසුන් මෙලොවට බිහිකර තම ලේ කිරිකර පොවා ඇති දැඩි කළ මව තම පුතු ගැන මොනතරම් නම් බලාපොරොත්තු ගොන්නක් සිතේ දරාගෙන ඉන්නට ඇත්ද?

තම පුතු රටක් ආදරය කරන කලාකරුවකු වූ පසු ඒ ගැන ඇය මොන තරම් නම් නිහතමානීව ආඩම්බර වන්නට ඇත්ද?

'අතක් පයක් නොකඩා එක වේලක් බඩගින්නේ නොතියා ලොකු මහත්කළ මගේ පුතා මෙවැනි නොහික්මුණු වැඩක් කර ගනියි කියා නිකම්වත් හිතුණානම් කීයටවත් ආපහු බෝඩිමට යන්න දෙන්නෙ නෑ. මගේ ලෝකයේ රජා මට නැතිවුණා 'යැයි පුතණුවන්ගේ වියෝව දරාගත නොහැකිව හඬාවැලපෙන මව කෙසේ සනසන්නද? මෙලොවට බිහිකළ දා පටන් අනේක දුක් විඳ සමාජයේ උතුම් මිනිසෙක් කරන්නට මවක් දරන වෙහෙස දරුවන්ට නොදැනීම මෙවැනි විපත් සියල්ලටම මුල වෙයි.පසුගිය දා දසුන් නිෂාන් ද සිල්වා තරුණ කලාකරුවාගේ හදිසි සමුගැනීමේ සිදුවීම නිසා රටම කම්පාවට පත්වුහ.දසුන්ගේ දේහය දැක ගැනීමට ගම්පහට ගිය විට ඔහුගේ මව ෂාමා හේරත් පුතුගේ වියෝව දරාගත නොහැකි වේදනාවෙන් විලාප දෙන අයුරු හිත් පිත් ඇති කිසිවකුට බලා සිටිය නොහැකි තරම්ය.

'දසුන් පුතා මට හරිම ආඩම්බරයක්.කුඩා කාලයේ පටන්ම ඉගෙනුමට වගේම බාහිර වැඩවලටත් හරිම දක්ෂයි. අපි මහනුවර අස්ගිරියෙ පදිංචිව සිටින කාලෙ නුවර ශ්‍රී සුමංගල විද්‍යාලයට තමයි පුතා පාසල් ගියේ. පසුව ගම්පහ වේවැල්දෙණියට පදිංචියට ඒමත් සමගම මීරිගම කණිෂ්ඨ විද්‍යාලයටත් පසුව ගම්පහ බණ්ඩාරනායක විද්‍යාලයටත් ගියා. පරිගණක මෘදුකාංග ඉංජිනේරු උපාධිය ලැබූවේ කොළඹ විශ්වවිද්‍යාලයෙන්.උපාධිය ලැබූවත් රඟපෑමට තිබූ අසාව නිසා රැකියාවකට ගියේ නෑ. කුඩා කාලෙ ඉඳන්ම පුදුම ආසාවක් තිබුණේ රංගන ශිල්පියෙක් වෙන්න. ඒ නිසාමයි ඉගෙන ගත් දෙයින් ප්‍රයෝජනයක් ගත්තෙ නැත්තෙ. සාමාන්‍ය පෙළ කරන කාලෙ සිට දැන හඳුනාගත් තරුණියක් සමග අවුරුදු 13ක් ආදරයකර පසුගිය කාලයේ විවාහ ගිවිස ගත්තා. මම දන්න තරමින් ඒ දුවත් සමග පුතා සතුටින් සිටියා. ඒත් ටික කලක සිට පුතාට විවාහ උත්සවයක් ගන්න වුවමනාවක් තිබුණේ නෑ.දසුන්ගේ තාත්තා කැනඩාවෙ රැකියාව කරන්නෙ දරුවන් කුඩා කාලයේ සිටමයි. මම මෙහෙ ව්‍යාපාරයක් කරගෙන යනවා. ඉන්න එකම මල්ලී ජාත්‍යන්තර පාසලක උසස් පෙළ හදාරනවා. පසුගිය 17පුතා ගෙදර ඇවිත් ආපහු ගියේ 20 වැනිදා. වෙනදා වගේ වැඩිය කතා බහක් තිබුණේ නෑ. කල්පනාවෙන්ම කාලය ගත කළා. ගෙදරින් යන විටත් මල්ලිගෙ මූණ ඉඹලා අම්මව හොඳට බලාගන්න, මොනව හරි අඩුපාඩුවක් තිබෙනවනම් කියන්න කියලා තමයි ගිහින් තියෙන්නෙ. අලුතෙන් ඉදිකරගෙන යන නිවසේ ඉදිකිරීම් අවසන්කර ගැනීමට නොහැකිවීම ගැනත් පුතා හිටියේ දුකෙන්. අම්මෙ මේ දවස්වල සල්ලි නැහැ සල්ලි හොයාගෙන ගෙයි ඉතිරි වැඩ කරමු කීවා. හැමෝටම හොඳ මග යන්න පාර කියන පුතා මෙතරම් ‍හීන ගොඩක් නැතිකරගෙන අපිව දාලා යයි කියල හීනෙන් හරි හිතුණා නම් ආපහු බෝඩිමට යන්න දෙන්නෙ නෑ.'

දසුන් මේ විපත කරගන්නට හේතුවන්නට ඇතැයි සැකකරන සිදුවීම දසුන්ගේ මව අප හා කියන්නට ගියත් දසුන්ගේ මිතුරන් මවට ඒ බව නොකියන ලෙස පැවසීමත් සමග ඇය තවත් වැඩියමක් අප හා පැවසීමට මැලි වුවාය.

මා සමග සිටියානම් මෙවැනි

විපතක් කරගන්න ඉඩතියන්නේ නෑ

ඉරෝෂ් බාලසූරිය යනු දසුන් කලාලොවට හඳුන්වාදුන් චරිතයයි.

දසුන්ගේ මේ වියෝව පිළිබඳව ඔහු පැවසුවේ මෙවන් අදහසක්.

'දසුන් කියන්නෙ මම දැකපු අහිංසක නිහතමානී ළමයෙක්. හැමෝටම හරිම කීකරුයි.දසුන් උසස් පෙළ කරන කාලෙ මගේ දැන්වීම් ආයතනයට ඇවිත් අයියෙ මම රඟපාන්න ආසයි මට අවස්ථාවක් අරන් දෙන්න කිව්වා. ඇත්තෙන්ම ඔහු අහිංසක ළමයෙක් බව මම දැනගන හිටිය නිසා මම ඔහුට උදව් කරන්නම් කියලා පොරොන්දු වුණා.ඒ විදිහට තමයි 2009 වසරේ

ලාඕජී දැන්වීමට දසුන්ව සම්බන්ධ කළේ. මට මතකයි මම දසුන්ටත්, මවටත් රාත්‍රි අපේ ගෙදර නැවතුම් දී පසුදා කොළඹ එක්කගෙන ආවා දැන්වීම් රූගත කරන ස්ථානයට. එහෙම ඇවිත් තමයි මුලින්ම ක්ෂේත්‍රයට අවතීර්ණ වුවේ. ඉන් පසුව ඩැන්ඩෙක්ස් ෂැම්පු දැන්වීමට සම්බන්ධ වුණා. දසුන් දවසින් දවස ක්ෂේත්‍රයේ ඉහළටම යනවා බලාගෙන සිටියේ හරිම සතුටින්. පසුගිය කාලයේ මගේ විදේශ ගතවීමත් සමග මට දසුන්ව මග හැරුණා. මට දුක ඔහු මා සමග සිටියානම් කීයටවත් මෙවැනි විපතක් කරගන්න ඉඩතියන්නේ නෑ. දෙමවුපියන්ගෙන් වෙන් වී කලාවට පිවිස නොදන්න ලෝකයක අතරමං ව වල්මත් වු නිසයි මෙවැනි විපතක් කරගත්තේ. මේවා අනෙක් තරුණ පිරිසත් ආදර්ශයට ගත යුතුයි. රංගන ක්ෂේත්‍රයේ ඉදිරියටම යන්න හැකියාවක් සහ බුද්ධියක් තියෙන තරුණයෙක් වුවත් අවසානයේ ඔහු ගත්තීරණය නිසා අවසානයේ දුක උරුම වුණේ ඔහු‍ගේ මවට විතරමයි.“

කලාකරුවන්, රසිකයන් විශාල පිරිසක් පැමිණ තම සහෘදයාට අවසන් බුහුමන් දැක්වුයේ මෙවන් විපතක් නැවත ඉපදෙන සසරේ සිදු නොවේවා යන පැතුමින් යුතුවයි. දසුන් ඔබට නිවන් සුව අත්වේවා!

Comments

Man lankawe newey jeewath wenne.wenin rataka.eth man koi welawe th hiru gossip intr net eken wisthara balanawa... harima kanagatuy maranaya.. MAN MATA KIYA GANNA ONA DASUN GE AMMA TA TH LANKAWE INNA SIYALUMA DEMAWU PIYANTA TH THAMAN GE DARUWAN TA WISHESHAYEN ADARAYA PILIBANDA PRASHNAYAKADI EGOLLAN TA EGOLLAN GE HADAWATHA TA AHUN KAN DENNA IDA ARINNA.... ADARAYA KIYANNE IBEMA ATHI WENA DEYAK IBEMA NATHI WENNA TH PULUWAN ADARAYA KIYANA DE NATHI UNA TA PASSE OGOLLAN DEMA PIYAN HATIYA TA DARUWAN TA BALEN MEYA EKKA MA INNA MEHE MA KARANNA KALA YUTHUY WAGE BALAKIREEM KARANNA GIYA MA EYA LA TA JEEWITHE EPA WENAWA ADARE KIYANA DE NATHI UNA TA PASSE EYA KASADA BANDALA DARUWO INNAWA DEPALA ARAWA MEWA KIYA LA BALA KARA LA WADAK NAHA EYA LA TA EYA LA GE HADAWATHA TA AHUM KAN DENNA IDA SALASANNA nath nam wenne akal marana witharay Dasun ge amma dasun ta adare athi pana wage Pana raka gannay danne natthe Adare idiriyedi katawa th ona widiha ta hithanna karanna baha Pawu ahinsaka dasun JEEWITHE KISIMA DAWASAKA KISIMA AMMA THATTHA KENEK THARUNA DARUWAN GE ADARA PRASHNA WALADI BALA KIREEM KARANNA YANNA EPA AHINSAKA WATINA JEEWITHA NATHI WELA JEEWATH WELA INNA AYA DUK WINDEEMAK PAMANAY WENNE

පිටු