
උදයකාන්ත වර්ණසූරියගේ අලුත්ම සිනමා නිර්මාණය වන ‘වස්සානයේ සඳ’ චිත්‍රපටයේ ප්‍රථම විදේශීය මංගල දැක්ම ලබන ඉරිදා ( 8 )සවස 6.15 ට ඕස්ට්‍රේලියාවේ සිඩ්නි නගරයේ රවුස් හිල් හි රීඩින් (Rouse Hills- Reading Cinemas) සිනමාශාලාවේදී පැවැත්වේ.
එමෙන්ම ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් නගරයේ දී ඔක්තෝම්බර් 14 වැනි සෙනෙසුරාදා සවස 3.15 ට ඩැන්ඩිනොන් හි රීඩින් (Dandenong- Reading Cinemas) සිනමාශාලාවේදී ද ඔක්තෝම්බර් 15 වැනි ඉරිදා සවස 6.00 ට එපින් හි රීඩින් (Epping - Reading Cinemas) සිනමාශාලාවේදී ද අමතර දර්ශන පැවැත්වේ. පියුමි හංසමාලි, ඕෂධී හිමාෂා හා ඇන්ජලෝ සන්ජිව් සිනමාවට හඳුන්වා දෙන මෙම චිත්‍රපටයේ අනුජ් රණසිංහ, රවීන්ද්‍ර රන්දෙනිය, ශ්‍රීනාත් මද්දුමගේ, සුවිනීතා වීරසිංහ, අනුලා කරුණාතිලක අනෙකුත් ප්‍රධාන චරිත නිරුපණය කරති.
මෙම චිත්‍රපටයේ අඩක් පමණ ඕස්ට්‍රේලියාවේ දර්ශනීය ස්ථානවල රූපගත කර ඇති අතර කැමරා අධ්‍යක්ෂණය අයෙෂ්මන්ත හෙට්ටිආරච්චිගෙනි.
රෝහණ වීරසිංහ සංගීතය මෙහෙයවා ඇති අතර සංස්කරණය ප්‍රවින් ජයරත්නගෙනි. ඩොනල්ඩ් ජයන්ත අධ්‍යක්ෂණයට සහාය වී ඇති අතර වේශ නිරූපණය ඉන්දික උදාරලංකාගෙනි. මහාචාර්ය සුනිල් ආරියරත්න, බණ්ඩාර ඇහැලියගොඩ, කුලරත්න ආරියවංශ, සුනිල් විමලවිර හා ආරියසිංහ පෙරෙරාගේ ගී රචනා සඳහා සුනිල් එදිරිසිංහ, අමරසිරි පීරිස්, උරේෂා රවිහාරි,ශශිකා නිසංසලා, අමල් පෙරේරා, අභිෂේකා විමලවීර හා දුමාල් වර්ණකුලසූරිය ගීත ගායනා කර ඇත. සැමට නැරඹිය හැකි සුන්දර පවුලේ කතාවක් රැගත් වස්සානයේ සඳ චිත්‍රපටය නිෂ්පාදනය කර ඇත්තේ එච්.ඩී. ප්‍රේමසිරි, මහේෂ් කේ බණ්ඩාර හා උදයකාන්ත වර්ණසූරිය විසිනි.
දයා ද අල්විස්ගේ ගී එකතුව 03 වැනිදා අපේගමදී එළිදැක්වේ
දයාන්විත ගී සමුච්චයකට හේතු වූ අතීත මතක සමගින් දයා ද අල්විස්ගේ ගී එකතුව 'නිමාවක් නොවන ඇරැඹුමක්' කෘතිය ලබන 03 වැනි අඟහරුවාදා පස්වරු 4.00 ට බත්තරමුල්ල අපේගම පරිශ්‍රයේදී එළිදැක්වේ.
මලින්ද සුදර්ශන සංස්කරණය කළ නිමාවක් නොවන ඇරැඹුමක් කෘතිය ජනගත කිරීමේ උළෙල ගායනයෙන් රසගන්වන්නේ නිර්මලා රණතුංග, රෝහණ බෝගොඩ, පුණ්‍යා කත්‍රිආරච්චි, රූපා ඉන්දුමතී, ඉන්ද්‍රානි බෝගොඩ,රොහාන් ශාන්ත බුලේගොඩ, සෙව්වන්දි රණතුංග හා අනුරාධා නන්දසිරි විසිනි.
මෙහි සංගීතය මෙහෙයවිම ජාතික ගුවන් විදුලියේ ලලිත් වික්‍රමරත්න වන අතර කථනය සුමනා නෙල්ලම්පිටිය ගෙනි.
දඹදිව් රජෙක් DVD තැටිය දොරට වැඩුම අද
සමරසිරි සංස්කෘතික සුබ සාධක කලා සංගමයේ සභාපති සමරසිරි දඩල්ලගේ නිෂ්පාදනයෙන් හා අධ්‍යක්ෂණයෙන් දායක වු දඹදිව් රජෙක් dvd තැටිය දොරට වැඩුම අද දින උදේ 9.30ට නුගේගොඩ ගංසභා හන්දිය අසල ජම්බුගස්මුල්ල මාවත ගෞතම විහාරයේදී පැවැත්වේ.
ශ්‍රිමත් ඉන්ද්‍රජිත් ලියනගේ, සමරසිරි දඩල්ලගේ, දිල්මි ගුණරත්න, දිනුෂා සඳමාලි, ප්‍රසන්න කාරියප්පෙරුම, නිරන්ජනී අමරජීව, රනිල් කොතලාවල, ලලිත් විජේරත්න, මේනකා මෙන්ඩිස්, නිශාන්ති ලක්මාලි, කමල් රාජපක්ෂ ඇතුළු රංගන ශල්පීහු රැසක් මෙහි රංගනයෙහි නියැළෙති.
දුෂ්නාත්ට මාස‍්කෝ සම්මාන
ශ්‍රී ලංකා රූපවාහිනි සංස්ථාවේ ප්‍රවෘත්ති අංශයේ නිවේදකයකු, මාධ්‍යවේදියකු වන දුෂාන්ත දර්ශන මහතා පසුගියදා මාස්කෝ 2017 මාධ්‍යවේදී විශිෂ්ටතා සම්මානයෙන් පිදුම් ලැබුවා.
ඒ විද්යුත් හා මුද්‍රිත ජනමාධ්‍ය ක්ෂේත්‍රයේ විවිධ ඉසව් තුළ සදාචාරාත්මක සිය මාධ්‍ය වගකීම ඉටුකිරීම වෙනුවෙන්. ශ්‍රී ලංකා ජනසන්නිවේදකයින්ගේ සංගමය මඟින් සංවිධානය කළ මෙය කොළඹ රමාඩා හෝටල් පරිශ්‍රයේදී පැවැත්වූ අතර ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ කතා නායක කරු ජයසූරිය මහතා ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගී විය.
මාර හොරු 07 වැනිදා මරදාන ටවර්හිදී
ආදි නාලන්දීය 82 කණ්ඩායමට ආධාර පිනිස සුරේෂ් අබේසේකර නිෂ්පාදනය කළ, අනුර විතානාච්චි අධ්‍යක්ෂණය කළ ඉතාලි ජාතික දාරියෝ ෆෝගේ පරිවර්තන හාස්‍ය නාට්‍ය 'මාර හොරු' ලබන 07 වැනිදා සවස මරදාන ටවර් රඟහලේදී වේදිකා ගතකෙරේ.
සාරංග දිසාසේකර, නයනා කුමාරි, හසනිකා කරලායද්ද, සුමිත් ශාන්තප්‍රිය, ජෙහාන් ශ්‍රී කාන්ත සහ ගයා ක්‍රිෂාන් මෙයට රංගනයෙන් දායක වෙති.