සුමති සම්මාන උළෙලේ විචිත්‍ර අවස්ථා | Page 2 | සිළුමිණ

සුමති සම්මාන උළෙලේ විචිත්‍ර අවස්ථා

22 වැනි වරට පැවැත්වූ 2017සුමති ටෙලි සම්මාන උළෙල පසුගිය විසි වැනි දා කොළඹ,නෙළුම් ‍පොකුණ රඟහ‍ලේ දී පැවැත්විණි. එහිදී හොඳම නළුවා ලෙස සුමිත් රත්නායකත්, හොඳම නිළිය ලෙස උමාලි තිලකරත්නත් සම්මාන දිනූ අතර ජනප්‍රියම නිළිය ලෙස නයනතාරා වික්‍රමාරච්චි සහ ජනප්‍රියම නළුවා ලෙස කාවිංග පෙරේරා සම්මාන ලැබුහ.

හොඳම ටෙලි නාට්‍යයට හිමි සම්මානය ස්වාධීන රූපවාහිනියේ විකාශය වූ‘මද්දහන‘ටෙලි නාට්‍යයටත් ජනප්‍රියම ටෙලිනාට්‍ය සම්මානය දෙරණ රූපවාහිනී නාලිකාවෙන් විකාශය වූ ‘දෙවැනි ඉනිම‘ටත් හිමි විය.

නැගී එන නළුවාට හිමි සම්මානය සහ නැගී එන නිළියට හිමි සම්මානය පිළිවෙළින් සජිත අනුත්තර සහ ගයාත්‍රි රාජපක්ෂ දිනා ගත්තේය. මෙවර සුමති සම්මාන උළෙ‍ලේ හොඳම ටෙලිනාට්‍ය අධ්‍යක්ෂවරයා ලෙස සුමිත් රත්නායක ඇගයුමට ලක්විය.

කලාකරුවෙකුට හෝ කලාකාරියකට ජීවිතයේ එක් වරක් පමණක් හිමි වන යූ. ඩබ්ලිව්. සුමතිපාල අනුස්මරණ සම්මානයෙන් මෙවර ස්වර්ණා මල්ලවආරච්චි සහ නීටා ප්‍රනාන්දු පිදුම් ලැබුවාය. පසුගිය වසරේ රූපවාහිනී මාධ්‍යය ඔස්සේ සුවිශේෂී දක්ෂතා ප්‍රකට කළ කලාකරුවෝ සහ කලාකාරිනියෝ 60කට ආසන්න සංඛ්‍යාවක් එහි දී සම්මානයෙන් පිදුම් ලැබුහ.

Comments