කවි කල්පනා | සිළුමිණ

කවි කල්පනා

මුතු අකුරු පෙළින් සැදී

මුතු අකුරු පෙළින් සැදී
ලියන හද­වත සිතුම්
ආද­ර­ණිය හසු­න්පත
කොහේ සැඟ­වු­ණිදෝ

ළඟින් හිඳ අප
සෙමින් මිමිණු වදන්
ආද­රය අද
කොහේ සැග­වු­ණිදෝ...

සිහින් තිර­මත ඇති
දකින වත මන­රම්...
නිසල ඔබ සිත
කෙලෙස කැළ­ඹු­ණිදෝ...

මුතු අකුරු පෙළින් සැදී
ලියන හද­වත සිතුම්
ආද­ර­ණිය ඔබ
කොහේ සැඟ­වු­ණිදෝ...

නදීෂා සේනා­රත්න


දිවිය

මහ­මෙ­රක් ලෙස
හැඟුෙණ් වුව ද
අතැ­ඹු­ලක් සේ
හැගෙයි විටෙක


මනොජි අනුෂ්කා


සුසා­නය

පුංචි කාලේ හරි බයයි
යකුන් ඇතැයි කියා

තරුණ කාලෙ බලන්න යයි
යකු­න්ට­වත් බය නෑ කියා

මහලු කාලෙ සැර­සෙ­නවා
නොඑන්න යන බව සිතා

උරු­මය කාටත් පොදුයි
සොබා දහමෙ ඇත ලියා

ජය­සේන කොඩි­තු­වක්කු
 


මගෙ කවිය

බර වැඩි
ඇවැසි නැති
කඩ­ද­හි­යට ද වධ දෙන
වදන් බිම වැටී
දව­සින් දවස
අරු­ත්බර
වදන් දෙක තුන අනගි
ඉති­රි­ කොට
ඉප­දි­යන් මගෙ කවිය

කේ.පී. ඩබ්. ප්‍රියන්ත ජය­ලත්


අංග විකල දෙව්දුව

සියල් පෙති සාඩ­ම්බ­රෙන් සැදි
සුපු­ෂ්පිත කුසු­මක් ලෙසින් නම්
නිමව ආවා නොව මගේ කව
දෙව් දුවක් නම් නොවූ­වාය එය
දියෙන් නැඟ ආ,
ශාන්තව බෙලි­කටු අසුන මත
නැතොත් පද්මා­සන අරා හිඳ
ලතා­ව­ටත් අත් රැස විදා­ලන
සර­ස්ව­ති­යක්, වීනස් දෙව­ඟ­නක්
පූර්ණ­ත්ව­යෙන් දීප්තිය පෑ
ශ්‍රේෂ්ඨ­ත්වය ගැන නිසැක වූ
නැත, එසේ නොව
අත් නැතිව, පා නැතිව, අන්ධව
උපන් මා කව
වැඩී ආයේ වේදනා මැද
දිනෙන් දින අඟ­ලින් අඟල ලෙස
එකතු කර­ගෙන අත්, පා, ඇස්


ලතා ලාලිත පූර්ණ­ත්වය

(ඉංග්‍රීසි බසින් ලියන ඉන්දීය කිවි­ඳිය ඇනා සුජාතා මතායි ගේ “Goddess Without Arms” පද්‍යයේ පරි­ව­ර්ත­නය)
දේ.වි. ගාල්ලගේ


සරුං­ගල්

එදා ඔබෙ සවිය ලැබ
ළපටි මම හද තුටින්
සරුං­ගල් යැවූ­වෙ­මි­ වලාකුළ­ටත් උඩින්
නෑසේවී සර­ස­රය
හඬ නැඟුව රැළි වෙතින්
ඔබ නැතිව ගෙබිම මත
වැති­රිලා එය දුකින්...

සුළං පහ­රට එක්ව
උඩු ගුවනේ පාවෙලා
සරුංගල් දකිමි
අහස් කුස සර­සලා
වළාකුළ­කට උඩින්
සුර­ කු­ම­රු­ෙවක් වෙලා
ඔබේ රැව දකි­න්නෙමි
අද අහස දෙස බලා..


පිය­සීලී විජේ­නා­යක
 


නව ගෲෂා

මටත් වඩා පෙම් කළ කවි­ය­ටත් වඩා
උදක් පුතණු සෙනෙ­හස ඉහ උඩින් තියා
සඳක් නැගෙන තුරු සිටියා අහස පුරා
නැකැත් තරුව සමඟින් සඳ නොපෙනී ගියා..

සඳ­වත හොඳයි සඳ මඩ­ලක සෙස්සන්ට
දිය­වර හොඳයි ගම් බිම් ඇති දරු­වන්ට
කුස­ගිනි හැබැයි බෑ පිය­වර නැග යන්ට
ඇස ළඟ බබා හිනැ­හෙ­නවා මගෙ හිතට

සතු­ටින් තබ­න්නට පුතු ජීවි­තය හෙට
වෙහෙෙසමි වෙහෙ­සු­නෙමි වෙහෙසිය හැකිය මට
මලක සුවඳ හසුවී මද පව­න­කට
කතා නොකර ඒ මල හිනැ­හුණා මට..

ගී පද වගේ ඇසු­ණත් විහ­ඟුන් නාද
නෑ කිසි සැකක් උන් හඬ­නව ඇති නේද?
මුව­රද මිසක් පෑරෙන බව කුරුලු හද
කීයෙන් කී දෙනෙක් කවි­යක ලිය­න­වද

වැල් පාලමේ එල්ලී අප එගොඩ වුණා
පල්ලම බැලුවෙ නෑ හිත ගැස්සෙ­තියි කියා
පොඩි පුතු නැව් නැගී දුරු රට යන්න ගියා
ගෲෂා සිටී පාළම ළඟ දෑස අයා

විනීතා. බී. අබේ­වි­ක්‍රම


රෝස මල්

සෑම බස් නැව­තු­ම­කම
අතක් අත්හැරී ඇත
හිතක් බිම වැටී ඇත...

ඉතා ගැඹු­රට කැන්නො­තින් හෙම
තාර යට ලේ ගලනු දැකි­යැකි
අංශු විදි­හට විසිරි පැති­රුණු
නේක පැහැ හද­වත්ම දැකි­තැක...

එහෙම වෙන එක
නොකිය සිටි­යට
සෑම පෙම­කම රෝස මල් ඇත


කාංචනා අමි­ලානි
(‘බූම­රං­ගය ඔබේ ඇස් දෙක’ කාව්‍ය සංග්‍ර­හ­යෙනි)


අප­මණ නුඹෙ පෙම

කුසුම් ලොව රැජිණ කටු මත්තෙහි රැඳිලා
විසෙස් බවම වෙයි මල් අත­රෙහි පිපිලා
නුඹේ ප්‍රේමය ඒ සුන්දර බව ලැබිලා
පියුම සෙව්වන්දි සුව­ඳින් ලොව පිරිලා
උඩ­ඟුව දමන වන මැද මොන­රිඳු ගමන
අව­සෙස් සකුණ පැරදී විළි­යෙන් තබන
පෙන්වන නැටුම පිල් කල­ඹෙක ගුණ වරුණ
සමවේ සෙනේ නුඹෙ මට සැම­කල් තිළිණ
සිව් පා කුලේ අග­රජ කිරු­ළට උරුම
කෙස­රිඳ ගමන ඔදතෙද බල­යෙක මහිම
රුදු වග වලස් ඈ ගරු දක්වන අරුම
ඔබෙ පෙම මට වටී සිහ­රජ කෙස තරම
රෑ කල නිවි නිවී දැල්වෙන එළි අවට
චම­ත්කාර සිතුම් බිඳු දන­වන කලට
ක‍දෝ පැණි එළිය ඌට අබ­රණ ගතට
ආද­ර­යම නුඹේ මුතු­හර මගෙ ගෙලට
මීදුම් පටල අත­රින් දසු­නක වැතිර
හිඳි සත් ගිරක ලස්සන විඳි­නෙමි නිතර
හිම­ගිර අග රජයි සෙසු කඳු­වැටි අතර
හිමා­ල­ය­කති නුඹෙ පෙම මා හද පැතිර


සරත් කුමාර වික්‍ර­මගේ


දොළ පාර

වන­පෙත මුදුනෙ දිය උල්පත් එකතු වෙලා
දොළ ආරක් බවට පත්වී පහළ ගලා
ගැමි සුන්ද­ර­ත්වය රැක දෙන නොපිරි හෙළා
මෙය සම්ප­තක් ලෙස දිය දම උරුම කලා

පෙණ පිඬු මතු­ක­රන් ගල්පර අතර වැදී
තුරු­ලිය යටින් රිංගා රිද්මෙ­කට ඇදී
දිය­වර සදා දී සිහි­ලැල් ගතිය දිදී
නිබ­ඳව ගලයි ජන හද­වත් අතර බැඳී

වන අඩ­වියේ ජීවත් වන රැයද දිවා
සිවුපා උරග හා වන විහ­ඟු­නට පවා
සහ­නය සල­ස­වන පව­තින පහස නිවා
සුන්දර බවක් පෙන්වයි අම සිසිල මවා

කෙත් බ්ම් නිය­ඟ­යට විය­ළෙන්න‍ට නෑර
යල මහ දෙකම නිසි­කළ කර සරු සාර
ජන­සෙත උදා­ක­රවා ඇති නෙක වාර
ගම­ටම කප්රු­කකි මේ පොඩි දොළ පාර

මන බැඳි කුඩ මසුන් එහි ඇති විවිද ගනේ
පාවෙන පෙඳ පාසි ගල්පර අතර පෙනේ
කැදලි තනා මේ අස­බඩ නතර වුණේ
කොර­වක් රෑන දොළ වෙත ඇති බැවින සෙනේ


අප­රැක්කේ සුනිල්


ගංඟාව

කටුක වූ
හමු­වීම්
පසු ­කර
මේ යන
දිගු ගම­නක
පාඩම් නිතින්
ඉගෙන ගෙන


කරු­ණා­රත්න අත්ත­නා­යක


සුවඳ -සුළඟ

වියළි තණ බිමක
හිනා­වෙ­න්නට තත­මන
මල් කැකු­ළක
නෑඹුල් සිනා පොද
දකි­න්නට මං
පෙරුම් පිරුවා

මිහිරි මත­කය
අලුත් කෙරුවා
ජීවිතේ ගැන
සිහින දුටුවා

වෙන­දාට කලින්
හිරු අවදි වුවා
පැතුම් පොදි ගෙන
සුබ පත­න්නට
පෙර මඟට ආවා

පමා වැඩි දැයි
කියා සිතුණා
මල් කුමරි පෙති විදහා හැරලා
සුවඳ අර­ගෙන
සුළඟ ඉස්සර වෙලා තිබුණා.


මේදනී මැණි­ක්කු­ඹුර


ආයුබෝවන්

ජිවි­තයේ ආත්මීය වන්ද­නා­වක යෙදී
සෝළතැවු­ල්පත් ආත්ම­යක
පියා­පත් පිරි­ම­දින
විහ­ගෙකි අද මගේ ආද­රය

නේක වූ බවුන් වඩවා
භව­ගාමී මේ ගොර බිරම් සසර ඉම
බලා පැද­කුණු කොට
ජීවි­තයේ අපිස් බව­ගින් මිදි
නැව­තුනු ගමන් මඟ අර­ඹ­න්නට යළිත්
කාලය ඇවි­දින්

සසර සැරි සරා අහිමි හිමි සොයා­වුත්
දුකම අනු­භව කර­න්නට කියා දුන්
භව­ගාමී නුඹේ ආද­ර­යම
නිමි­ත්තකි අද මට
වඩ­න්නට කම­ට­හන්,
ඉදින් නුඹ උවැ­සි­යක,
වැසූ දොර­ගුළු යළිදු හැර­දුන්
නිර්වාණ මාව­තට

චම්මින්ද වෙල­ගෙ­දර


පොඩි මුනුපුරු

මුදු මුව මඬල සන­හයි හද මිහිර මගේ
හරි ලස්ස­නයි දඟ­ක­රයි මද පවන වගේ
ඉද හිට හඬන විට කවි­යක විරිත නැ‍ගේ
පොඩි මුනු­පු­රා­ටයි හිමි පරපුර කිරුළ අගේ

ලස්සන මල් කැකුළු මිදුලේ තැනින් තැන
ඒ හැම පරා­දයි සිරි­යා­වට පිපී එන
කැල­ණිය නදිය අස­බඬ මා දිනුව තැන
ගී පද ඇසේ මගෙ පොඩි මුනුපුරා ගැන

පොඩි පා පැදිය මත නැඟ පා යුගළ සලා
සුර­තල් කුරු­ල්ලෙකු ලෙස මා පුබුදු කළා
මව් කිරි සුවඳ විහි­දයි මුළු සිරුර පුරා
පොඩි මුනුපුරා සිප ගන්නෙමි තුරුල් වෙලා

පිය­සිරි පී. මීගොඩ


මළ­වුන්ගේ වැස්ස

හෙටින් උදා­වන අපේ නැවුම් ලොව
දැහැමි මඟක් වෙත යොමු­කර ලන්නට
කැති පොලු අවි නොව පේමයේ අසි­පත
අර­ගෙන එනු මැන සුහිත් මිතු­රනේ..

ජාතිය ආගම පරයා එසැ­වෙන
මිනි­ස­ත්කම හද තරු­ලට ගනු මැන
මම­ත්වයේ මඩ වගු­රින් ගොඩ­විත්
පර­හි­ත­කා­මීව නැගී සිටිනු මැන..

ඔබත් මමත් නිති ඉපිද මියෙන මේ
ඇට කටු ගඩො­ළින් නිම­වුණ ලෝකයේ
පැළුණු දෙතොල් එතෙ­රට දික් කර­ගෙන
සුඛ විහ­රණ මැද ඉන්නට හැකි වෙද
සිතව් මිතු­රනේ නැගෙව් මිතු­රනේ
මිනි­සුන් වෙසෙනා එලොව තන­න්නට

ශ්‍රීමත් ඉන්ද්‍ර­ජිත් ලිය­නගේ


රාජ්‍ය සාහිත්‍ය සම්මා­නය ‘සම­හර කම­ට­හන්’ කාව්‍ය සංග්‍ර­හ­යට

අභ්‍යන්තර කටයුතු වයඹ සංවර්ධන හා සංස්කෘතික ඇමැති එස්. බී. නාවින්න මහතා අතින් ලක්ෂාන්ත අතුෙකා්රළ කවියා සම්මාන ලැබූ මොහොත...

මෙවර රාජ්‍ය සාහිත්‍ය සම්මාන පිදීම පසු­ගි­යදා උත්ක­ර්ෂ­වත් අන්ද­මින් නෙළුම් පොකුණ රඟ­හ­ලේදී පැවැ­ත්විණි. එහිදි ලේඛ­ක­යන් හා ඔවුන්ගේ කෘති අග­ය­මින් සම්මාන ප්‍රදා­නය ජනා­ධි­පති මෛත්‍රි­පාල සිරි­සේන මහ­තාගේ අතින් සිදු­විය. මෙහිදි 2016 වසරේ ප්‍රශ­ස්තම කාව්‍ය සංග්‍ර­හය ලෙස ලක්ෂාන්ත අතු­කෝ­රල කවියා විසින් ලියන ලද ‘සම­හර කම­ට­හන්’ කෘතිය සම්මා­න­යෙන් පිදුම් ලැබීය. 2006 වස­රේදී ඔහු විසින් ලියන ලද ප්‍රථම කාව්‍ය සංග්‍ර­හය වන ‘අමා­වකේ සඳක් සිඹිමි’ කාව්‍ය සංග්‍ර­හය ද සම්මා­න­යෙන් පිදුම් ලැබීය. ඉන් පසුව ලියන ලද ‘යටි වියන’ කාව්‍ය සංග්‍ර­හය ද රාජ්‍ය සාහිත්‍ය සම්මා­නය සහ ගොඩගේ සාහිත්‍ය සම්මා­නය හිමි­කර ගත්තේය.

 සේයාරුව - ශාන් රූපස්සර

Comments