
ශේන්ගෙයි රනිල්ගෙයි සම්බන්ධයක් තියෙනවද සැබෑ ජීවිතේ?
ශේන් කියන්නේ විද්‍යාඥයෙක්නේ. ඒ චරිතය ටිකක් බැරෑරුම් චරිතයක්. නමුත් සැබෑ ජීවිතයේදී මම හරි සරලව නිදහසේ සිටින අයෙක්. නමුත් මම හරි අසාවෙන් හිටියේ මේ වගේ චරිතයක් රඟ දක්වන්න.
ඔබ රඟපාන්න සිහින මවන තවත් චරිත තියනවද...?
ඔව්. මම හරි කැමැතියි භික්ෂුවකගේ චරිතයක් රඟ දක්වන්න. මේ වෙනකොට එය සිහිනයක් සැබෑ වෙමින් පවතිනවා. මම වැඩ භාරගත් ටෙලි නාට්‍යයක මට ස්වාමීන් වහන්සේ කෙනෙකුගේ චරිතයක් ලැබිලා තියනවා.
රූපවාහිනී වැඩසටහන් අධ්‍යක්ෂවරයෙක් ලෙස පැමිණි ගමන්මග ගැන කීවොත්?
මම ජනමාධ්‍ය පිළිබඳව මෙන්ම වැසටහන් නිෂ්පාදනය සහ අධ්‍යක්ෂණය පිළිබඳවත් හදාරා තිබෙනවා. දැනට රූපවාහිනී වැඩසටහන් කිහිපයකටම අධ්‍යක්ෂණයෙන් සහ සහය නිෂ්පාදනයෙන් සහය දුන්නා. දැනට මිතුරෙක් සමඟ එක්ව නිෂ්පාදන ආයතනයක් පවත්වාගෙන යනවා.
ඔබගේ ගමන්මඟ සිහිපත් කළොත්..?
මම රංගනයට එකතු වුණේ 2001දි. සිරස ආයතනයේ සිටි අනුර ජයවර්ධන මහතා තමයි මාව රංගන ක්ෂේත්‍රයට හඳුන්වා දුන්නේ. ඒ බාඳුරා දේශය ටෙලි නාට්‍යය හරහා. එතෙක් මෙතෙක් කාලය තුළ මම ටෙලි නාට්‍ය විසි හයක රඟපා තිබෙනවා. ඒවගෙන් හයක ප්‍රධාන චරිතය රඟ දැක්වූවා. ඊට අමතරව චිත්‍ර පට තුනකට දායකත්වය ලබා දී තිබෙනවා.
ඔබ පැමිණි මග පිළිබඳව මොනවාද හිත්න්නේ..?
විශාල සතුටක් තියෙනවා පැමිණි ගමන ගැන. නමුත් මම හරි හෙමින් මේ ගමන ආව කෙනෙක්. මම හැමදේම ඉගෙන ගනිමිනුයි ඉදිරියට ආවෙ. නොදැන ගිහින් අතරමං වෙනවාට වඩා ඉගෙන ගනිමින් හෙමින් යන ගමනේ ප්‍රශන ගැටලු අඩුයි. මම මේ යන ක්‍රමයට කැමැතියි.
ක්ෂේත්‍රයේ සිටින අන් අය වගේ වෙන්න හිතෙන්නේ නැත්ද ඔබට..?
ඇත්තෙන්ම නැහැ. රැල්ලට ගිහින් මගදී හති වැටිලා නතර වෙනවාට වඩා හෙමින් ආරක්ෂිතව යන මේ ගමන ඇත්තෙන්ම සුරක්ෂිතයි. මගේ ඉලක්කය වේගයෙන් කෙටි ගමනක් නෙමෙයි. හෙමින් දීර්ඝ ගමනක්.
ඉදිරියේදී එන්න තියෙන නව නිර්මාණ මොනවාද..?
ගීත කිහිපයකටම නිෂ්පාදනයෙන් සහ සහය නිෂ්පාදනයෙන් සම්බන්ධ වීමට නියමිතයි. මේ දිනවල රූගත කරන නාට්‍ය දෙකක් වගේම මම රංගනයෙන් සහය වුණු ජයප්‍රකාශ් මහතාගේ ආදර නිල් දෑස ප්‍රචාරය වීමට නියමිතයි.
ඔබ චරිත පිළිබඳ දැඩි අවධානයක් යොමු කරනවා. ඇයි ඒ.?
මම හිතනවා චරිත තෝරා බේරාගෙන ඒවාට සහය වීම මගේ ගමනට ශක්තියක් කියලා. ලැබෙන ඕනම එකක් නෙමෙයි රසිකයන්ගේ සිත්වල ජීවමාන වෙන්න හැකි නිර්මාණවලට මම කැමැත්තෙන් සහභාගී වෙනවා.
ඒ විදිහට ජනතාව අතර වැඩි ප්‍රතිචාර ලැබුණු නිර්මාණ මොනවාද..?
අපි නොදන්න ලයිව් සහ හෝල්ට් යන නිර්මාණ දෙකට විශාල ප්‍රතිචාර ලැබුණා.
ඔබගේ පෞද්ගලික ජීවිතය පිළිබඳ සඳහන් කළොත්?
මම මහනුවර වත්තේගම ප්‍රදේශයේ. මමයි අම්මයි විතරයි මගේ පවුලේ ඉන්නේ.