
දීර්ඝ ඉතිහාසයක් ඇති දේශීය සංගීත ක්ෂේත්රය තුළ මෙතෙක් බිහිවූ කිසිදු කලා සංගමයකට ඉටු කිරීමට නොහැකි වූ හෙළ ගායක - ගායිකාවන් වෙනුවෙන් ජීවිතාන්තය දක්වා හිමිකම් කීමට හැකි ස්ථීරසාර විශ්‍රාම වැටුප් යෝජනා ක්‍රමයක් හඳුන්වා දීමට ශ්‍රී ලාංකීය ගායක - ගායිකා සංගමයට හැකිවිය.එය ක්‍රියාවට නංවාලමින් පසුගිය 6 වැනි දින ජනාධිපති ලේකම් කාර්යාලයේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිදුන්ගේ සුරතින් ගායක - ගායිකාවන් 40 දෙනකුට විශ්‍රාම වැටුප් ලබා දීම සිදුකෙරිණි. මෙම විශ්‍රාම වැටුප සඳහා ක්‍රිස්ටෝපර් පෝල්, ෆිලික්ස් ඇන්ටන්, විජේසිරිවර්ධන පොලොන්ඕවිට, ත්‍යාගා එන්. එඞ්වඞ්, වර්නන් පෙරේරා, නන්දා පතිරණ, වික්ටර් විජයන්ත පෙරේරා, රෝහණ සිරිවර්ධන, රංජන් ජයතිලක, ටෝනි හසන්, චන්ද්‍රානි මානෙල් කල්දේරා, ලාලනී සෝමසිරි, සීතා නානායක්කාර, ලෙස්ලි ශාන්ත ද අල්විස්, මයිකල් පෙරේරා, අයිවෝ ඩෙනිස්, අයිරින් ද අල්විස්, රුවන් විජේසේකර, විජේරත්න වරකාගොඩ, චන්ද්‍රිකා සිරිවර්ධන, රූපා ඉන්දුමතී, ලලිත් පොන්නම්පෙරුම, දිනේෂ් නාකන්දල, දයා හේමන්තා අබේසේකර, ලක්ෂ්මන් විජේසේකර, සූරිය කුමාර් මුත්තලගේ, උපාලි පෙරේරා, පුන්‍යා කත්‍රිආරච්චි, ලයනල් ගුණතිලක, ඩබ්ලිව්. ප්‍රේමරත්න, මයිකල් පීරිස්, ජේ.ඒ. රොම්ලස් පෙරේරා, අනිල් කුමාර, මල්ලිකා කහවිට, රංජනි පෙරේරා, නිමල් ගුණසේකර, සෝමසිරි ප්‍රනාන්දු, චන්ද්‍රානි ගුණවර්ධන, ශීලා පරණමානගේ, චන්ද්‍රා රණතුංග යන මහත්ම මහත්මීන් සුදුසුකම් ලැබීය.
ජනාධිපතිතුමන් මුලසුන හෙබවූ මෙම අවස්ථාවට ශ්‍රී ලංකා ගායක - ගායිකා සංගමයේ වත්මන් සභාපති කීර්ති පැස්කුවල්, ලේකම් ජානක වික්‍රමසිංහ, භාණ්ඩාගාරික රෝහාන් ද සිල්වා යන මහත්වරුසහ ගායක ගායිකාවන් විශාල පිරිසක් සහභාගී වූහ.