කවි කල්පනා | සිළුමිණ

කවි කල්පනා

ග්ලයි­ෆො­සෙට් භාවි­ත­යට ඉඩ ඉල්ලා සංදේ­ශ­යක් කැබි­න­ට්ටු­වට

- පුව­තක්

ග්ලයි­ෆො­සෙට්
මහ පොළො­වත්
දිය කඩි­තිත්
ගස් වැලුත්
කුරා කුහු­ඹි­ය­නුත්
සුන්නත් දූලි කර­ගෙන
වකු­ග­ඩුත්
පෙණ­හ­ලුත්
බඩ වැලුත්
ඉහ මොළත්
වන­සන
නිහඬ මාරයා

රත්න­සිරි පති­රණ


සර­සවි පෙම්වතා සහ සම­න­ලිය

ඉකි ගසා රතු වෙච්ච දෑසින්
ආද­රය මා සොයා යන විට
“මං කැම­තියි කඳුළුවලට”
ඔබ සර­දම් කරයි පැමිණ...

දරා­ගත හැකි පපුවේ කැක්කුම්
වෙන්වෙලා යන බව කියයි නම්
ළංවෙලා හිඳ කොනි­ත්තන විට
සිති­ජ­යක් සේ මුණ ගැසෙයි අප...

පුරුදු කර ගැට හංග­ගෙන මං
පුළුන් රොද­කට පෙම් බඳි­න්නම්
දිනෙක සර­සවි තුරුළ අත්හැර
කැටුව යන්නට කඳව රැස්කර..

හැඟුම් සහ­ගත ලොවේ රිද­වුම්
ඔබේ මොළ­කැටි නොරි­ස්සු­ණු­කම්
යකුළු පහ­රින් දැදු­රු­වෙයි සිත්
යකුළු පහ­රින් දැදු­රු­වෙයි සිත්

රැයේ මැදි­යම සුව යහන් වැඳ
එවන කෙටි පණි­වුඩ තරම්
මිහි­රිවේ නම් ජීවිතේ දුක්
පන්ති ගැටු­මක් කොහිද අප­ටත්


මහින්ද කුමාර දළු­පොත


ඩැෆ­ඩිල් කුසුම් ගොමු­ව­කදී

වලා­කු­ළක කඳු­හෙල් තැනි තලාව පිස
හු‍ෙද­ක­ලාව සැරි­සැ­රු­වෙමි රැගෙන කුරුලු වෙස

පුදුම දසුන හදි­සි­යේම නෙත් අග දැවටුණ
ඩැෆ­ඩිල් මල් ගොමු­වකි රන් පැහැ­යෙන් බැබ‍ළෙන

විල්තීරේ තුරු සෙව­ණ­වට පෙනි පෙනි ගුමු සෙවණේ
පෙති සල­මින් රඟන රැඟුම දුටු­වෙමු මද පවනේ

විහි­දුන එක පෙළට දිගට ලස්සන විල් ඉවුර දිගේ
කිරි මං පෙත ගුවන මගේ දුදු­ලන තරු එළිය වගේ

දස දහ­සක කුසු­ම්ව­ලිය හැඩට පෙළට දිග හැරී
නෙත රස­ඳුන ගෙන දුන්නා පිය­කරු නැටු­මක සරී

කවි සිත අන්දෙස නොහැරි පිය­කරු නැටු­මක සරී
මෙවැනි සතුටු සමු­දා­යන් මින්පෙර නැත හමු­වෙලා

නැටු­මට බට කුසුම් වලිය සම­ඟින් ඩැෆ­ඩිල්ලේ
සතු­ටින් පිරි වරුව ගෙවමි සුවසේ නැල­විල්ලේ


කලහේ කුමා­ර­දාස ලිය­නගේ


වන වදුලේ වස­න්තය

යහ­පත වෙනු­වෙන් කැප­වුණු වර­දට පසල් දන­ව්වට පිටත් කළේ
හද­වත මානව දයා ගුණ­යෙ­නුයි පෙර­මඟ බාධක යට­පත් කළේ
වන­පෙත හා ගංක­රය හැදි­න­ගෙන පළ කළ පෑනෙන් සියත් බලේ
හිත­වත! පිය පිය­සේන කහ­ඳ­ගම මහ ගැමි­යා­ණෙනි වියත් කුලේ

ඇළේ දොළේ හා හේනේ කුඹුරේ දිගා මඩුල්ලේ බිම් තැන්නේ
හද පතුලේ ඉකි ගසන හැගුම් ගැන ගෙන නැති බැරි ගැමි­යන්නේ
සිය සහලේ නෑ පිරි­සක් අතරේ වාගෙයි උන් ළඟ ඔබ උන්නේ

වන වදුලේ නව වස­න්ත­යක් සේ අපේ මතක තුළ ඔබ ඉන්නේ
මහා­චාර්ය දර්ශන රත්නා­යක


තහ­නම් ප්‍රේමය

මහ වැස්ස­කට
අහු­වෙන්න...
බලා­ගෙන ඉන්න
ගහක් වගේ...

තුෂාරි නේරංජා වික්‍ර­ම­සිංහ


ඔබ හා මම

ඈත සිති­ජයේ
අහ­සයි මුහු­දයි එක්වීලා
එන­මුදු,
කාසි පනම් අත­මිට නැති දා‍
ඔ­බයි මමයි
දෙප­ස­කට වෙලා

සුමිත් ප්‍රේම­ලාල් ප්‍රිය­ද­ර්ශන


සු.මි.

(සුනිල් මිහි­ඳු­කුල සහෘ­ද­යා­ණන් වියෝ වී තෙම­සකි.)

සුමි­හිරි
හද­ව­තකි
නිසල වූ නමුත්
සදා­කල්
සුව­ඳ­වත්


ජෝර්ජ් රොබි­න්සන් ද සිල්වා


මන­රම්ය රාත්‍රිය

මිනිස්සු නිදති
නොනිදා හිඳිමු අපි
ජීවිතේ සුව යහන
වැතිර ඉන්නට බිඳක්..

සොඳු­රුයි
පරම රම­ණි­යයි
මන­රම් වූ රැයක
නොනිදා හිඳින විට..

අහස චන්ද්‍රයා සමඟ ය
රතු රෝස පදු­රට
මලක් ඇවි­දින්
හොර හොරෙන් බලයි අප දෙස
රැයේ සොමි­ගුණ විඳියි...

විය­පත් ය අප
එක් සිත් අපේ තරු­ණය
සැමදා දකින රාත්‍රිය ද
තව­මත් යොවුන් වියෙහි ය...

මිනිස්සු නිදති
ඒත් නොනිදා හිඳිමු අපි

ජය­සේ­කර මලවි ආරච්චි


කුණු කානු උතුරා ගලා ගොස්

පාර­වල් යට වෙන තර­මට
කොළ­ඹට වහි­න­වට
මං හරි කැම­තියි..

එකි­නෙකා හඳු­නා­ගෙන
පාළු හු‍ෙද­ක­ලාව රජ­යන කොළඹ අහස යට
සැම­දෙන මොහො­ත­කට
නතර වෙනවා ආව­රණ යට..

වැස්සට බනින්නට හරි
එකි­නෙකා කතා කර­නවා
නගර සැල­සු­මක් ගැන
කොච්චර ලස්ස­නද එත­කොට කොළඹ

ශක්තිය සත්කු­මාර


දුර ඈත ඉඳලා

දුර ඈත ඉඳලා දෑසින් කතාවී
නෙත් කැල්ම ගඟුලේ කිමිදී සිනාවී
සංසාර පැතුමේ
බැඳි ඒ සෙනේහේ
සැමදා දිලේවී
සඳ තාරකා සේ

උන්මාද සිප වැලඳ ගැනු­මෙන් බැඳී නෑ
මේ දේව ගීතේ දුක් සෝ සුසුම් නෑ
හද බැඳණු සෙනෙහේ
උතුරා ගලන්නේ
රහ­සේම තාමත්
දර ඈත ඉඳලා

සසරේ ගෙනා සුවඳ පූජා­සනේ
නොමැකී රැඳේ වාසනා ජීවිතේ..
පෙර සේම අද­ටත්
අද සේම මතු­ව­ටත්
අපේ ආදරේ ප්‍රේම­ණී­යයි
සුර­ම්‍යයි


චන්ද්‍රිකා දිසා­නා­යක


හස­රැල්ල

සුපුන් සඳ පායලා
වලාකුළු පහස ලැබ
විසු­රන රැස් දහර
බක­මුණු වවුල­නට

සුන­ඛ­යන් නරි රැළට
නිසා­චර සතුන් හට
පිපි කුමුදු මල් වලට
විහි­දු­වන සඳ කිරණ

ක්‍රෝධ­යෙන් පිරුණු සිත්
මුදු මොලොක් මලක් මෙන්
මෙලෙක් කළ හස­රැල්ල
නුඹේ මුව කමල මත
තබා ඒ රැස් දහර
බැස ගියා සුපුන් සඳ

නුඹ සමඟ
නුඹ නැතිව කිසි­දි­නෙක
සඳ එපා
සිටිමි ගන අඳුර තුළ

සුග­ත­දාස කුරු­විට


නොදන්වා පැමි­ණෙන අමුත්ත

පැමි­ණි­යේය ඔහු
ළඟ ළඟම ළඟ ළඟ නිවෙස් වෙත
පැමිණේ ද නොදන්වා
නිවෙසටත් අප
රැගෙන යන්නට කෙනෙකු දෙදෙ­නා­ගෙන්

අවැ­සි­මය දෙනි­‍ෙව­සක්
පිහිටි ළඟ ළඟ -අයිති සින්න­ක්කර
පුර­ව­න්නට කුස අපු­ලෙන් තොරව
පැමි­ණෙ­න්න­වුන්ගේ ඉළ­ව්වට
ඉගිල ගොස්ය වට්ටක්කා කර­වල
පියා­ඹයි රස­ම­ස­වුළු බැඳුම් සම­ඟින්

ඉවර වූ විදු­ලි­යෙන් දම් දෙසුම හත්දොහේ
වසයි දොර දොර අවට නිවෙස්වල
අවැ­සි­මය කේට­රින්
අත කට ඇති පමණ සෙල­වෙ­න්නට
ගුණ­ව­තුන්ගේ සත්..

නොදැල්වේ ළිප ගිනි
දින දෙකට තුන් මහේ
ඉති­යෝ­පි­යානු නිවෙ­ස්වල
සැදෙති පේළි පේළි
පාසල් වියෙන් පසු
පිං දෙන්නට මිය ගිය ඥාති­යාට
පම­ණට වැඩිය බැඳ­ගෙන යන්නට නිවෙ­සට

ගොඩ නොවිය යුතු­මය
අප නිවෙ­සට
සත­කට දික්වන තුරු
ඉල­ක්කම් පේළිය බැංකු ගිණුමේ
නොදන්වා පැමි­ණෙන අමුත්ත
නිද­හස නැති දෑස
පියවා ගන්නට නිද­හසේ


සුනිල් ගුණ­ව­ර්ධන


පහන් තරුව

නිල් අඹරේ පායා
මගෙ ලොව එළිය කළ
කිසිදා නොනි­‍ෙවන
පහන් තරුව නුඹ

මන­හර මහින්ද බෙලි­ගල


සන්ති­යා­ගුට ලියූ කවිය

ආයු­බෝ­වන් සන්ති­යාගු
උඹ නේද හෙමිංවේ
මවා දුන් වීරයා

අර යෝධ තල්මහ එක්ක
මුහුදු මැද උඹ කරපු සටන නං
අපට කව­දා­වත්ම අම­තක නොවෙයි මිත්‍රයා

“මරා දැමු­වත් මිනි­හෙක්ව
පරා­ජය කරනු බැහැ” කියා
කුල්ම­තට උඹ කියපු වචන ටික‍
­ත­වත් කල්ප ගානක්
අපේ හිත් පතු­ල්වල
රැව් නඟනු නිය­තයි මිත්‍රයා

එහෙම හයි­යක් අපේ
හිත්ව­ලට කා වැද්දු­වාට
අප­ම­ණක් ස්තුතිය මිත්‍රයා

ඇත්ත­මයි සන්ති­යාගු
උඹයි අපේ වීරයා

කමල් පෙරේරා


කල­ඹ­වන නැණ මඬල

හන්තාන සිසාරා
ගලා එන හිරු රැසින්
මඳ­න­ලින් පණ පෙවෙන
දහ­ස­කුත් නැණ මඬල

කල­ඹ­වන තෝතැන්න
ළතෙත් සර­ස­වි­යෙන්
බැල්ම ලද පුද­බි­මයි
එවන් වූ පුද­බි­මක

කීර්ති­මත් මහැ­දු­රන්
වසඟ කර­මින් රටම
දායාද කළ විවිධ
නාට්‍ය හා රංග කලා

පර්යේ­ෂණ යන්ත්‍ර සූත්‍ර
ලේඛන හා කාව්‍ය ශාස්ත්‍ර
කලා හා විදු­ලො­වින්
දහ­ස­තුත් නිපැ­යුම් ද
වෙති අපේ උරු­මයෝ

අමිතා කුමාරි දිවා­රත්න


පොඩි දුව

අම්මා කියන හඬ සව­නට අමාසේ
රැව් පිළි­රැව් නැගෙයි ළඟ සිටින වාසේ
බැලු බැලූ සියලු අත පොඩි දුව සිනාසේ
කෙලෙ­සක සිටි­න්නද මල් නොපි­පු­ණාසේ

වැලි­කැ­ට­යක් තුළින් මහ­මෙර දකි­න්නට
සමු­දුර ගැඹර දිය කඳු­රින් මනි­න්නට
රැස් කද­ඹ­කින් ඉර - හඳ - තරු සොය­න්නට
හුරු කළ දුව ඔබයි කැඳවා බුදු­න්ගෙට

අත්වැල කැඩුණු පසු සත් වස­ර­කට පෙර
ඔබ මා ළඟම සිටියා හිත තුරුළු කර
‘දුව රැක ගතිමි’ යන අදි­ටන ඇතිව තිර
හිරු රැස් වැලඳ ගත්තෙමි දොර කවුළු ඇර

විය­ළෙ­න්නට නොදී කිරි හස කැරලි මුවේ
ඇසි­පිය යටින් රඳවා රැක ගතිමි දුවේ
බිලි­ගති නිය­මුවා ඉසි­ලිය හැකිද නොවේ
එන­මුදු පෙර පිනින් නොබි­ඳුණි රුවල නැවේ

තිස්තුන් වසක් හුරු වී පිය උණු­හු­මට
සිටි ඔබ තුරුලු කර­ගත් විට මගෙ ළැමට
දෙනෙ­තින් කී කතා ඇසි­පිය ගෙන බැමට
පන්සිය පනස් ජාතක පොත විය මෙමට

නැහැ­යට දැනී උතු­රන කිරි සුවඳ මුවේ
හද පතු­ලෙ­හිම තැවරී සියො­ල­ඟම දැවේ
දෙහ­දක පැතුම් මල් කිසි­දින මිලින නොවේ
නිව­නින් නිවෙන තුරු ඔබ මට හිමිය දුවේ


චන්ද්‍රා පද්මිනී මාන්න­ප්පෙ­රුම
 


සත්ම­ඬල කවි පිටුව වෙනුවෙන්  ඉනෝකාට සම්මානයක්

සිළු­මිණ සත්ම­ඬල කවි පිටුව සංස්ක­ර­ණය වෙනු­වෙන් එම පුව­ත්පතේ නියෝජ්‍ය විශේ­ෂාංග කර්තෘ ඉනෝකා සම­ර­වි­ක්‍රම මහ­ත්මිය අග­නු­වර තරුණ කවි සමා­ජයේ (අත­කස) 82වැනි සංව­ත්සර උත්ස­ව­යේදී නව පර­පු­රට අත­දීම සහ පැරැණි පර­පුර රැක­ගැ­නීම වෙනු­වෙන් බස්නා­හිර පළාත් සභා මන්ත්‍රී හෙක්ටර් බෙත්මගේ මහතා අතින් සන්නි­වේ­දන සාහිත්‍ය කලා­සූරී සම්මා­න­යෙන් පිදුම් ලැබු­වාය. මේ අව­ස්ථා­වට අත­කස ලේකම් ආසිරි විජේ­සේ­කර සහ නීතිඥ අනුර හෑගොඩ යන මහ­ත්ව­රුද සහ­භාගී වූහ.

සේයාරූ - නීලියා විශ්ව­මිත්‍ර 

Comments