
රවී තිලකවර්ධන
1. උපත - 1903 ජූනි 22 ඌව පළාතේ වැලිමඩ දී
2. 1918 - රාජගිරිය හේවාවිතාරණ පේෂ කර්මාන්තායතනයට බැඳීම
3. 1924 - වනචාරිකාව, ප්‍රසාද්සිංහ හා වයලා යන ප්‍රබන්ධ රචනා කිරීම
4. 1924 - ‘ස්වදේශ මිත්‍රයා’ පත්‍රයේ උප කර්තෘ ධූරයට පත්වීම
5. 1925 – ‘මහජන’ සඟරාවේ සංස්කාරක ධූරයට පත් වීම
6. 1926 – ‘ලටපට’ මාසික සංග්‍රහයෙහි සංස්කාරක ධූරයට පත්වීම
7. 1926 - සිංහල පුවත්පත් ඉතිහාසයේ පළමු වරට වෙසක් පත්‍රයක් ප්‍රකාශයට පත් කිරීම
8. 1927 - පළමු වරට ‘වෙසක් කලාපයක්’ ‘ස්වදේශ මිත්‍රයා’ පත්‍රයෙහි එළිදැක්වීම
9. 1928 - ‘ලක්මිණ’ පුවත්පතෙහි සේවයට බැඳීම - ‘සීදේවි’ නම් සතිපතා කුඩා පත්‍රයේ කර්තෘත්වයට පත්වීම
- ‘මනාලිය’ නම් මුල්ම කතා සංග්‍රහය එළිදැක්වීම
- ‘මළවුන් අතර ජීවිතය’ නම් ග්‍රන්ථය රචනා කිරීම
10. 1929 - පළමු විවාහය - ලිලියන් මාග්‍රට් දල්පතාදු මෙෙණවිය සමඟ
11. 1931 – ‘සිංහල බෞද්ධයා’ පුවත්පතෙහි සම කර්තෘ ධූරයට පත්වීම
12. 1933 – ‘සකලසේන’ සහ ‘පුනරාලෝකය’ නම් නවකතා එළි දැක්වීම
13. 1934 – ‘ශික්ෂෝදය’ නම් ළමා අධ්‍යාපනික පාඩම් පොත පළ කිරීම
14. 1934 - පළමු බිරියගේ අභාවය
15. 1937 - දෙවන විවාහය - ග්‍රේස් සිසිලි පෙරේරා මෙෙණවිය සමඟ
16. 1941 - ‘සිංහල බලය’ පත්‍රයේ ප්‍රධාන කර්තෘ ධූරයට පත්වීම
17. 1941 - දෙවන විවාහයේ බිරියගේ අභාවය සහ තුන්වන විවාහය - චාර්ලට් හෙට්ටිගේ මෙෙණවිය සමඟ
18. 1946 - ‘වහල් වෙන්දේසිය’ නම් වූ දෙ වන කතා සංග්‍රහය එළි දැක්වීම
19. 1947- ‘ස්ත්‍රි රත්නය’ නම් වූ තුන් වන කතා සංග්‍රහය එළි දැක්වීම
20. 1948 - ‘නාරි ගැටය’ නම් ග්‍රන්ථය එළි දැක්වීම
21. 1951 - වසර එකහමාරක සිර දඬුවමකට යටත්වීම (මෙයට හේතු වූයේ මුනිදාස මහතාගේ මැදිහත් වීමෙන් හිතවතකුට රජයෙන් ලබාදුන් ලූනු තොගයක් එම පුද්ගලයා විසින් වංචා කිරීමයි)
22. 1953 – ‘කින්නර පිස්සුව’ නම් ග්‍රන්ථය රචනා කිරීම
23. 1955 – ‘රතු කැට’ නම් ග්‍රන්ථය රචනා කිරීම
24. 1955 - විෂ්ණු ශර්මාන් පඬිවරයා විසින් රචිත ග්‍රන්ථය ‘පංච තන්ත්‍රය’ නමින් සිංහලයට අනුවර්තනය කිරීම
25. 1956 – ‘සැකය’ නම් ග්‍රන්ථය එළිදැක්වීම
26. 1957 - භාරත ගීතය’ නම් ග්‍රන්ථය එළිදැක්වීම
27. 1957 සැප්තැම්බර් - පිළියන්දල විශ්ව කලා නිකේතනයේ ඉදි කරන ලද ඩබ්ල්යු. ඒ. සිල්වා ප්‍රතිමාව විවෘත කිරීම. මෙය ශ්‍රී ලංකාවේ සාහිත්‍යධරයකු වෙනුවෙන් ඉදි කරන ලද ප්‍රථම ප්‍රතිමාව ය.
28. 1957 දෙසැම්බර් 29 - අභාවය