ගම්පහට 3D සිනමා ශාලාවක් | Page 5 | සිළුමිණ

ගම්පහට 3D සිනමා ශාලාවක්

ගම්පහ දිස්ත්‍රික්කයේ සිනමා ලෝලි ජනතාවට සී. කේ සිනමා නමින් නවීන තාක්ෂණයෙන් යුතු සිනමා ශාලාවක් පසුගියදා කිරිඳිවැල නගරයේදි විවෘත කෙරිණි. 4k-3d තාක්ෂණය සහිත dts ශබ්ද රටාවලින් සමන්විත වායු සමනයකළ මෙම සිනමා ශාලාවේ ආසන 250කින් සමන්විතය.

රුපියල් ලක්ෂ 300කට අධික මුදලක් වැයකර ඉදිකරන ලද මෙම නවීණ සිනමාශාලාවේ හීන හොයන සමනල්ලු සහ ධර්ම යුද්ධය චිත්‍රපට තිරගතකෙරේ.


මාගේ තෙද බල නොම දැන ආවද

මා සමඟ සටනටා මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍රයන්ගේ 21 වැනි ගුණ සැමරුම වෙනුවෙනි

ශ්‍රී ලංකාවේ වේදිකා නාට්‍ය ඉතිහාසය පිළිබඳව ගවේෂණය කිරීමේදී එකිනෙකට වෙනස් මුහුණුවරයන්ගෙන් යුත් වේදිකා නාට්‍ය නිර්මාණය කළ සම්භාවනීය නාට්‍යවේදීන් පස්දෙනෙකුගේ නාමයන් මතකයට නැගෙයි. ඒ මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍ර, ගුණසේන ගලප්පත්ති, සුගතපාල ද සිල්වා,දයානන්ද ගුණවර්ධන සහ ආචාර්ය හෙන්රි ජයසේන යන ප්‍රවීණයන්ය. මෙම ප්‍රවීණයන් අතුරින් මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍රයන්ට හිමිවන්නේ සුවිශේෂීවූ ස්ථානයකි. ඒ දේශීය නාට්‍යකලා ක්ෂේත්‍රයට ප්‍රශස්ත මට්ටමේ නිර්මාණ ගණනාවක් දායාද කිරීම හේතුවෙනි.

එතුමා දෙස් විදෙස් ප්‍රේක්ෂකයන්ගේ ආකර්ෂණය දිනා ගනිමින් වේදිකා නාට්‍ය ගණනාවක් නිෂ්පාදනය කළේ දීර්ඝකාලීන අත්හදා බැලීම්වල ප්‍රතිඵලයක් ලෙසිනි. විශ්වවිද්‍යාල නාට්‍ය තුළින් වේදිකා නාට්‍ය ක්ෂේත්‍රයට සම්ප්‍රාප්ත වූ එතුමා ස්වකීය මුල්ම වේදිකානාට්‍ය ජනගත කරනු ලැබුවේ වර්ෂ 1943 දීය. එය නමින් මුදලාලිගේ පෙරළියයි.

ආරම්භකකාල පරිච්ඡේදය තුළදී එතුමාගේ නිර්මාණ අතර කපුවාකපෝති, හැංගිහොරා, මඟුල් ප්‍රස්ථාව,වලහා,මැනේජර් බහිනකලාව නොහොත් සංස්කෘතික කොමසාරිස්, සහ පබාවතී යනාදී වේදිකා නාට්‍ය කැපීපෙණුනි. මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍රයන්ගේ මූලිකම අභිප්‍රාය වූයේ සිංහල නාට්‍ය කලාවේ අගමුල්සොයායමින් එහි අනන්‍යතාව සුරක්ෂිතකර ගැනීමට පෙරමුණ ගැනීමය. ඒ අනුව ගම් නියම්ගම්වල සැරිසැරූ එතුමා සිංහල ගැමි නාට්‍ය පිළිබඳව ප්‍රමාණවත් දැනුමක් ලබා ගත්තේය. මනමේ නාට්‍ය නිර්මාණය වීම එතුමා විසින් දෙස් විදෙස් සංචාරයන් මගින් සොයා ගනු ලැබූ අත්දැකීම් සම්භාරයෙහි අග්‍රඵලයකි. පසුව ප්‍රේමතෝජායතීසෝකෝ, කදා වළලු, හස්තිකාන්ත මන්තරේ‍් එලොව ගිහින් මෙලොව ආවා ආදී නාට්‍ය ගණනාවක් නිර්මාණය කළ එතුමා නැවතත් දෙස් විදෙස් හී සම්භාවනාවට පාත්‍ර වන්නේ වර්ෂ දී නිර්මාණය කළ සිංහබාහු වේදිකා නාට්‍ය තුළිනි. මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍රයන්අපේ රටේ වේදිකා නාට්‍ය ක්ෂේත්‍රයපෝෂණය කිරීමට පමණක් සීමානොවී සාහිත්‍යයේ උන්නතිය වෙනුවෙන්ද සම්මානනීය නිර්මාණ ගණනාවක් දායාදකර තිබීම තවත් විශේෂතාවකි. ඒ අනුව එතුමා විසින්සිදුකරන ලද සමාජ හා සංස්කෘතික මෙහෙවර නිරතුරුවම අගය කළයුතුව ඇත.


 

සිංහබාහු ගම්පහ දී

මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍රයන්ගේ විශිෂ්ටතම නාට්‍ය නිර්මාණය සිංහබාහු නාට්‍ය අද (27)දින ප.ව 3.30ට සහ ප.ව6.30ට ගම්පහ සුමේධ රඟහලේදි වේදිකාගත කෙරේ.


 

මල් වඩම් අනවශ්‍යයි

රජරට විශ්වවිද්‍යාලයේදි

මල් වඩම් අනවශ්‍යයි නාට්‍යය‍ මේ මස 30දින ප.ව 4.00ට සහ ප.ව 7.00ට රජරට විශ්වවිද්‍යාලයේදි වේදිකාගත කෙරේ. සරත් කුලාංග සංගීතවත් කරන මෙහි තිලක් කුමාර රත්නායක, සරත් කුලාංග, වසන්ත විට්ටච්චි, කුමාර තිරමාදුර, සුරංගි කෝසලා, කුමාරි සේනාරත්න, චරිත් සේනානායක රංගනයෙන් දායකවේ.


 

රයිගමයයි ගම්පලයයි සඳලංකාවේ

රයිගමයයි ගම්පලයයි නාට්‍ය සැප්තැම්බර් මස 02දින ප.ව 2.30ට සහ ප.ව 6.30ට සඳලංකාව සිනමා ශාලාවේදි රඟදැක්වීමට house of drama ආයතනය කටයුතු යොදා ඇත.


ටෝරස් සහ අයාමා

චිත්‍ර කතා නිර්මාණ ප්‍රකාශනයට

70 දශකය චිත්‍ර කතා මාධ්‍ය ජන මන තුළ විරාජමානව පැවති යුගයක් විය. එම කාල වකවානුව තුළ සතුට සහ සිත්තර යන චිත්‍ර කතා ප්‍රකාශන ඉමහත් ජනප්‍රියත්වයට පත්ව තිබිණි. ඇන්ටන් බී. පෙරේරා යනු එම වකවානුවේ සිටි ඉමහත් ජනප්‍රියත්වයට පත් චිත්‍ර ශිල්පියෙකි. ඔහු විසින් “සිත්තර” චිත්‍ර කතා පත්‍රයට ප්‍රථම වරට නිර්මාණය කළ “ටෝරස්” සහ “අයාමා” යන නිර්මාණයන් සඟරා දෙකක් ලෙස ප්‍රකාශනයට පත්ව ඇත. සාහිත්‍ය මාසය පොත් ප්‍රදර්ශනයට සමගාමීව නිමන්සා ප්‍රකාශනයන් විසින් මෙය ප්‍රකාශයට පත් කර ඇත.


කුරුං ගුරුං උපහාර මහජන පුස්තකාලයේ

ප්‍රවීණ රංගන ශිල්පි කේ.ඒ පියකරු (කුරුං ගුරුං) උපහාර උළෙල අද(27) සවස 3.30ට මහජන පුස්තකාල ශ්‍රවණාගාරයේදි පැවැත්වේ.

වසර 50කට ආසන්න කාලයක් හෙළ කලාකෙත පෝෂණය කරමින් කලාව වෙනුවෙන් කරන ලද සේවය අගයා සකළ කලාකරුවන්ගේ සහභාගිත්වයෙන් මේ උත්සවය පැවැත්වේ.කේ.ඒ පියකරු මහතා මේ වනවිට දෙපා අහිමි වීමේ රෝගී තත්ත්වයෙන් ඔත්පළව සිටී.


චව්දරී මංගල දර්ශනය සැප්තැම්බර් 01දා ලුම්බිණි රඟහලේදි

භාරතීය සමාජයීය, ආගමික, දේශපාලනික හා සංස්කෘතිය අලලා ලියවුනු මනංකල්පිත කතා ප්‍රවෘත්තියක් රැගත් චව්දරී නාට්‍යය සැප්තැම්බර් මස 01වැනිදා සවස 6.45ට ලුම්බිණි රඟහලේදි වේදිකාගත කෙරේ.

ප්‍රසන්නජිත් අබේසුරිය, වසන්ත විට්ටච්චි, කුසුම් රේණු, සරත් චන්ද්‍රසිරි, සමන්ත කුමාර ගමගේ, චන්න කුලරත්න, චාමර ගම ඇතිගේ සමග තරංග බණ්ඩාර මෙහි රංගනයෙන් දායකවන අතර, සංගීතය-ශාන්ත පීරිස්, අංග රචනය-වසන්ත විට්ටච්චි, රංග වස්ත්‍ර හා රංග වින්‍යාසය-ප්‍රසන්නජිත් අබේසුරිය, වේදිකා සැරසිලි-චන්න කුලරත්න, රංගාලෝක නිර්මාණය-අනුරාධ මල්ලවආරච්චි, වේදිකා පරිපාලනය- චාමර ගමඇතිගේ, ස්වතන්ත්‍ර රචනය සහ අධ්‍යක්ෂණය-තරංග අණුර බණ්ඩාර, නිෂ්පාදනය-හේරත් වර්ණකුලසූරියගෙනි. 

 

Comments