
සාහිත්‍ය මාසය ලෙස සැලකෙන සැප්තැම්බරය උදාව අබිමුව සිට ම, සාහිත්‍යය කෙරෙහි මෙරට පාඨක සමාජයේ උනන්දුව, උද්‍යෝගය වැඩෙමින් ප්‍රබෝධයට පත්වන’යුරු ඉන්ද්‍රචාප දකී. සාහිත්‍ය සම්මාන උණුසුම, අදියරෙන් අදියරට ප්‍රකාශයට පත්වන ඇතැම් ප්‍රතිඵල? ඉන්ද්‍රචාප විසින් පසුගිය සතියේ තීරුවෙහි සඳහන් කරන ලද බොහෝ සාහිත්‍ය සම්මාන උලෙළ, මෙතෙක් ප්‍රකාශයට පත්කොට ඇත්තේ මූලික වශයෙන් නවකතාවට අදාළ සම්මාන ප්‍රතිඵල බැවින්, සාහිත්‍යය යනු නවකතාව පමණක් ද කියාත් පාඨකයකු ගේ සිතෙහි පැනයක් නැගෙනු වැළැක්විය නොහේ.
ස්වර්ණ පුස්තක සම්මානයේ මධ්‍ය මණ්ඩල තීරණ, ගොඩගේ ජාතික සාහිත්‍ය උලෙළ නවකතා හා කාව්‍ය අවසන් වටයේ නිර්දේශීත ප්‍රතිඵල සාහිත්‍යලෝලී ප්‍රජාව තුළ සැප්තැම්බරයට පෙර සිට ම, සාහිත්‍ය සම්මාන උලෙළ උනන්දුව පෙන්වන ලකුණු වැනි යයි ඉන්ද්‍රචාප සිතයි. එහෙත්, සාහිත්‍යයේ විවිධ අංශ රාශියක් සඳහා භාෂා ත්‍රයෙන් ම ලියැවී 2016 වර්ෂයේ ප්‍රකාශිත ග්‍රන්ථ සිය ගණනක් අතුරින්, සමීක්ෂක මණ්ඩල රැසක් විසින් විනිශ්චය කරනු ලබන විශිෂ්ටතම සාහිත්‍ය කෘති අතර නවකතාව ද එක් අංගයක් වන මුත් රාජ්‍ය සාහිත්‍ය සම්මාන උලෙළ ප්‍රතිඵල නිකුත්වන තෙක්, දැඩි උනන්දුවකින්, උද්‍යෝගයකින් බලා සිටින පාඨක ප්‍රජාවගේ මුහුණ ඉන්ද්‍රචාප දකී.
සාහිත්‍යයේ විවිධ ඉසව්, පරිවර්තන සාහිත්‍යය, ශාස්ත්‍රීය පර්යේෂණ, යොවුන් හා ළමා සාහිත්‍යය, ගේය පද හා නාට්‍ය රචනය, විවිධ කෘති, කෙටිකතාව, ස්වතන්ත්‍ර හා පරිවර්තිත නවකතාව ස්වතන්ත්‍ර හා පරිවර්තිත ආදී වශයෙන් පුළුල් පරාසයක සාහිත්‍යාංග සඳහා පිරිනැමෙන රාජ්‍ය සම්මාන කුමන කෘතීන්ට හිමිවේ ද යන්න, පිළිබඳ කුතුහලය නවකතා සම්මානයේ ප්‍රතිඵලයට වඩා ඉන් ඔබ්බට ගිය ස්ථානයක වේ යැයි ඉන්ද්‍රචාප සිතයි.
එහෙත් ඒ සඳහා තවත් කාලයක් බලා සිටිය යුතු වන්නේ, රාජ්‍ය සාහිත්‍ය සම්මාන ප්‍රතිඵල සියල්ල එක්වර ප්‍රකාශ කෙරෙනු විනා, අදියර පදනමකින් නිකුත් නොවන බැවිනි. සාහිත්‍ය මාසයේ, සාහිත්‍ය සම්මානයේ, උත්කර්ෂවත් ම අසිරිමත් ම මොහොත නම්, සිංහල, දෙමළ, ඉංග්‍රිසි නවකතාවකට පිදෙන සම්මානය නොව, සමස්ත සාහිත්‍යාංග සඳහා විශාල සම්මාන රැසක් පිදෙනා රාජ්‍ය සාහිත්‍ය සම්මාන උලෙළ ම බව පාඨකයෝ දනිති.
ඉඳින්, සාහිත්‍ය යනු නවකතාව පමණක් නොවේ ය යන්න සනාථ කෙරෙන සම්මාන උලෙළක, අසිරිය විඳ ගැනීමට සැප්තැම්බර අටවනදා තෙක් බලා සිටින්නට සිදුවන බවයි ඉන්ද්‍රචාප ගේ සමීප රූපයේ සටහන් වන්නේ.
සාහිත්‍ය, සිනමා, නාට්‍ය, මාධ්‍ය සංගීත, නර්තන ආදී කථාවන්ට වර්ෂයක් පුරාම සම්මාන පිරිනැමෙන උලෙළ රැසක් ශ්‍රී ලංකාවේ වන බව, ඉන්ද්‍රචාපගේ හැඟීමයි. මේවා අතර, බහුතර සම්මාන උලෙළ සඳහා අනුග්‍රහය ලැබෙන්නේ සංස්කෘතික දෙපාර්තමේන්තුවෙන් බවයි ඉන්ද්‍රචාපගේ සමීප රූපාවලිය සාක්ෂි දරන්නේ. කුමන හෝ ක්ෂේත්‍රයක, එක් එක් කාල වකවානු තුළ විශිෂ්ට දස්කම් පාන නිර්මාණකරුවන්ට රාජ්‍ය අනුග්‍රහයෙන් සම්මාන පිරිනැමීම හෝ ඔවුනගේ නිර්මාණ කුසලතා ඇගැයීම ඕනෑ ම රටක රාජ්‍යය සතු වගකීමක් මෙන් ම යුතුකමක් ද වන්නේ, කලාව, සාහිත්‍යය හා අනෙකුත් කලා මාධ්‍ය විසින් ජනතාවගේ රසවින්දනයට ඥානාලෝකය ලබා දීමට කරනු ලබන බලපෑම මහත් බව පැවසෙන බවයි. ශ්‍රී ලංකාවේ මෙවන් සම්මාන උලෙළ බොහොමයක් රාජ්‍ය අනුග්‍රහයෙන් පැවැත්වෙන මුත්, සාහිත්‍යය සඳහා පමණක් විශේෂිත වූ අවධානයක්, උද්‍යෝගයක් වීම නිසාදෝ, රජයට අමතර තවත් සාහිත්‍ය සම්මාන උලෙළ කිහිපයක් ම වාර්ෂිකව අඛණ්ඩව පවත්වා ගෙන එනු ලබන්නේ.
මෙහි දී පුද්ගලික අංශයේ, විවිධ ආයතන, ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයන් ගේ සංගමය, ගොඩගේ පොත් ප්‍රකාශන ආයතනය, ෆෙයාර්වේ හෝල්ඩිංග්ස් වැනි ආයතන සාහිත්‍ය සම්මාන සඳහා උනන්දුවක් දක්වන බව ඉන්ද්‍රචාප දකී. එහෙත්, එකම වෙනස වන්නේ, සාහිත්‍යයේ විවිධ පරාස තුළ විශිෂ්ටයන් තෝරාගෙන ගාම්භීර සම්මාන ප්‍රදානෝත්සවයක් රජය විසින් පවත්වන කල්හි, නවකතාව ප්‍රමුඛ කොට ගත් තවත් අංක කිහිපයක් සඳහා පමණක් සම්මාන පිදීම ලඝු කිරීමයි. එනයින් බලන කල්හි රාජ්‍ය සාහිත්‍ය සම්මාන උලෙළ දිවයිනේ ප්‍රමුඛ සම්මාන උලෙළයි.