ගායන ශිල්පී විජිත් ද සිල්වාගේ ගායන දිවි­යට වසර 25යි | Page 2 | සිළුමිණ

ගායන ශිල්පී විජිත් ද සිල්වාගේ ගායන දිවි­යට වසර 25යි

 ගුවන්විදුලි සරළ ගී ගායකයකු ලෙස ගායන ක්ෂේත්‍රයට පිවිසි විජිත් ද සිල්වා ගායන ලොවට පිවිස වසර 25ක් පිරීම නිමිත්තෙන් මේ මස26වැනි දින ප.ව6.30ට බත්තරමුල්ල , පැලවත්ත අපේගම පරිශ්‍රයේදි ප්‍රසංගයක් පැවැත්වේ.

1992 ගුවන්විදුලි සරල ගී ගායකයෙකු වන විජිත් ද සිල්වා හමුවු යාමේ නමින් තම ප්‍රථම කැසට්පටයෙන්ම ජන හදවත් දිනාගැනීමට සමත්විය.ඔහු ගායනාකරන ලද 'ආදරය ලෝකය අපගේ'ගීතය රසික සිත් ඇද බැඳ ගත්තේය.

ගුවන්විදුලිය, රූපවාහිනිය, සිනමාව, යන ක්ෂේත්‍රයන්හි තම හඬ පෞරුෂය ජයගත් ඔහු 'ආදර ලෝකය' 'මතක සුවඳ' ගී නිර්මාණ රසිකයන් අතරට ගෙන ඒමට කටයුතු කළේය.

වෘත්තියෙන් ප්‍රවීණ ඡායාරූප ශිල්පියෙක් වු විජිත්ද සිල්වා දේශිය මෙන්ම ජාත්‍යන්තර ඡායාරූප වාර්තාකරණයේ නියැලුණෙකි.

ගායන දිවියට විසිපස් වසරක් පිරනෙ මොහොත සමරමින් සංවිධානය කරන මේ ප්‍රසංගයේ යුග ගායනා චම්පා කල්හාරි, චරිතා ප්‍රියදර්ශනී පීරිස්, ධම්මිකා වල්පොල, සුදත් සිල්වා විසිනි. සැමරුම් ගායනා රෝහණ බෝගොඩ, ජගත් වික්‍රමසිංහ, සෝමසිරි මැදගෙදර,‍රොහාන්ද සිල්වා වන අතර සංගීත අධ්‍යක්ෂණය මහින්ද බණ්ඩාර සමග කථනය වසන්ත රෝහණගෙනි.

විජිත් ද සිල්වා ශ්‍රි ලංකා ගායක ගායිකා සංගමයේ, ශ්‍රි ලංකා කලා සංවිධානයේ , ජාතික කලා පවුර සහ කලා සංවිධානයන්හි තනතුරු රැසක් දරමින් මේ වන විට කලා සංවිධානයන් හි සහෝදරත්වය සඳහා ඇප කැප වී කටයුතු කරමින් සිටි. 

Comments