
ප්‍රකාශනය: ඇම්.ඩී ගුණසේන ප්‍රකාශකයෝ කර්තෘ: ලුතිතන් කර්නල් නලින් හේරත්
GLOBE IN A NUTSHELL යන ඉංග්‍රිසි ග්‍රන්ථය සහ එහි සිංහල පරිවර්තනය වන “විශ්වය අතමත” යන ග්‍රන්ථ රචිත ලුතිතන් කර්නල් නලින් හේරත් 1994 දි ශ්‍රී ලංකා යුද්ධ හමුදාව වෙත එකතුවන්නේ රට දැය වෙනුවෙන් තම යුතුකම ඉටුකිරිම පිණිස ය. නිතැතින්ම ඔහු කාර්යයශූර හා එඩිතර නිලධාරියකු වු අතර වර්තමානයේ ඔහු පළවන ශ්‍රේණියේ මාණ්ඩලික නිලධාරියකු ලෙස රාජකාරින් හි නිරත වෙයි. ඔහු උපක්‍රමික හා ආරක්‍ෂක කළමනාකරණය සබැඳි ව පශ්චාත් උපාධි ඩිප්ලෝමාව හා මානව සම්පත් කළමනාකරණ විෂයය සදහා විශාරද උපාධිය ලබාගන්නා ලද අතර, එක්සත් ජාතීන්ගේ සාම සාධක රාජකාරී නිරීක්‍ෂකයකු ලෙස වසරක කාලයක් බටහිර සහරා (මොරොක්කෝ) හි රාජකාරි නියුතු වූ අතර එහිදී ඔහු ප්‍රධාන මාණ්ඩලික නිලධාරිගේ යුද සේවා සහකාර වශයෙන් පතවීමක්ද ලබන ලදී. මානව හිමිකම් සහ ජාත්‍යන්තර මානුෂවාදී නීතිය පිළිබඳව උපදේශකයකු වන ඔහු, බාහිර කථිකාචාර්යවරයකු හා උපදේශකයකු ලෙස නායකත්ව වර්ධනය, අභිප්‍රේරණය, සාමාජීය චාරිත්‍ර සිරිත් විරිත්, ඵලදායී සන්නිවේදනය, ඉදිරිපත් කිරීමේ නිපුණත්වය, ප්‍රසිද්ධ කථනය, ධනාත්මක චින්තනය යන විෂයයන් පිළිබඳව දිවයිනේ පෞද්ගලික ආයතන, රජයේ ආයතන හා විද්‍යාපිඨ වල උපදේශන ලබාදෙනු ලබයි.
විශ්වය අතමත නම් වූ මේ ග්‍රන්ථයෙන් ලෝකයේ සියලුම මහද්වීප සහ කලාප ආවරණය වන පරිදි ලෝක දේශපාලනික, ආර්ථික, සමාජීය සහ භූදේශපාලන කරුණු ඉතා සරලව ගෙන හැර දක්වමින් පෙන්වා දි ඇත්තේය. ලෝකයේ රටවල් පිළිබඳව නිවැරදි විග්‍රහයන් සපයන මෙම ග්‍රන්ථය ඒ ඒ සිදූවීම් වලට අදාළ පසුබිම හා විවරණ සහිතව රචනා කිරිමට කර්තෘ සමත්ව ඇත.
ග්‍රන්ථය ප්‍රධාන පරිච්ඡේද 07 කින් සමන්විතය.
මෙහි පළමු පරිච්ඡේදය වන ලෝකය දෙස කෙටි බැලීමක් යන පරිච්ඡේදය මගින් ලෝකයේ මුලික දැනිමේ කරුණු එනම් ලොව මහද්විප, සාගර, සහ රටවල් පිළිබඳ විස්තර විස්තරාත්මකව දක්වා ඇත. තවද වර්ෂ 1991 න් පසුව ඛිහිවූ නව රටවල් පිළිබඳව පාඨකයා සැකෙවින් දැනුවත් කිරිමට කර්තෘ සමත්ව ඇත.
වසර 30 කට අධික ක්‍රෑර යුද්ධයකට මුහුණදීමට ශ්‍රී ලංකාවට සිදූවිය. ලොව දරුණුතම ත්‍රස්තවාදි කණ්ඩායමක් වන LTTE සංවිධානය සහ ශ්‍රී ලංකා සන්නද්ධ හමුදා අතර ඇතිවු ගැටුම් පිළිබඳව මෙන්ම LTTE සංවිධානය පරාජය කිරිමෙන් පසු පශ්චාත් යුද අවධියේ දි ශ්‍රී ලංකාව කෙරෙහි අන්තර්ජාතික අවධානය යොමු වු ආකාරය පිළිබඳව මෙහි සාකච්ඡා වෙයි. ශ්‍රී ලංකාවේ විදෙස් ප්‍රතිපත්තිය, ඉන්දියාව සහ අසල්වාසි රාජ්‍ය අතර සබඳතා, කාෂ්මීර අර්බුදය, සාක් සංවිධානයේ අනාගතය ගැන මෙන්ම ඇමරිකාව දකුණු ආසියාව කෙරෙහි උනන්දූ වන භූ දේශපාලන සාධක පිළිබඳ ව පාඨකයාට පැහැදිලි වන අයුරින් සාකච්ඡා කිරිමට දෙවන පරිච්ඡේදය වන දකුණු ආසියාව යන මාතෘකාව යටතේ කර්තෘ ක්‍රියාකර ඇත.
තුන්වන පරිච්ඡේදය වනුයේ ආසියා පැසිෆික් කලාපය යන පරිච්ඡේදයයි. මෙම පරිච්ඡේදයේදි කලාපයේ භූගෝලිය පිහිටිම ඒ කලාපයේ රටවල් පිළිබඳ හැඳින්වීම, කොරියන් අර්බුදයේ පසුබිම සහ කලාපයේ බලවතුන් වන චීනයේ සහ ජපානයේ කලාපීය සහ ගෝලිය කාර්යභාරය පිළිබඳ ව මැනවින් විස්තර කර ඇත.
ඉතිහාසය පුරා පැවති යුද්ධයන් හේතුවෙන් මානව හා භෞතික සම්පත් විශාල වශයෙන් අහිමි වූ යුරෝපා මහද්වීපය පිළිබඳ ව හතරවන පරිච්ඡේදයේ සාකච්ඡා කර ඇත. මෙම පරිච්ඡේදයේ දි පළවන ලෝක යුද්ධයේ සිට ඇති වු යුරෝපයේ දේශපාලන, සමාජයීය හා ආර්ථික විකාශනය පිළිබඳව කතුවරයා දීර්ඝ වශයෙන් සාකච්ඡා කර ඇත.
පස්වන පරිච්ඡේදය වන මැද පෙරදිග පරිච්ඡේදය කතුවරයා වෙන්කර ඇත්තේ එම කලාපය පිළිබඳව සහ එහි අර්බුදකාරි සිදූවීම් පිළිබඳව සාකච්ඡා කිරිමට ය. එමඟින් ඔහු අවධාරණය කරන ආකාරයට නූතන මැද පෙරදිග නිර්මාණය වු ආකාරය පිළිබඳ ව මෙන්ම ඊශ්‍රායල් පලස්තීන අර්බුදය, සුන්නි, ශියා බෙදූම්වාදය, දෙවන ගල්ෆ් යුද්ධය සහ එහි විපාකයන්, ඉරාන න්‍යෂ්ටික වැඩසටහන සහ ජාත්‍යන්තර ප්‍රජාව සහ ISIS ක්‍රියාකාරකම් පිළිබඳ ව සැකෙවින් විස්තර කර ඇත.
උතුරු හා දකුණු ඇමරිකානු කලාපය පිළිබඳ සය වන පරිච්ඡේදයෙන් කතුවරයා සාකච්ඡා කරන අතර, ඒ අනුව එම කලාපයට විශේෂිත වූ ඓතිහාසික හා වැදගත් ආර්ථික කරුණු ගැන මෙන්ම කියුබානු, ඇමරිකා සබඳතා පිළිබඳ ව සහ කලාපයේ ආර්ථික බලවතා වන බ්‍රසිලයේ කාර්යය භාරය පිළිබඳ විවරණයක යෙදි ඇත.
අවසාන පරිච්ඡේදය ලෙස කතුවරයා විසින් ගෙනහැර දක්වනු ලබන්නේ එක්සත් ජාතින්ගේ සංවිධානය සහ අනෙකුත් ලෝක සංවිධාන යන මාතෘකාවය. ඒ මාතෘකාව යටතේ එක්සත් ජාතීන්ගේ සංවිධානය සහ ලොව ප්‍රමුඛ ගණයේ ජාත්‍යන්තර සංවිධාන පිළිබඳව පුළුල් නිර්වචනයක යෙදිමට කතුවරයා සමත් ව ඇත.
කර්තෘ විසින් මුලදි ඉංග්‍රීසි ග්‍රන්ථය පමණක් එළි දැක්වීමට අදහස් කළ ද, බොහෝ දෙනෙකුගේ ඉල්ලිම පරිදි එහි සිංහල පරිවර්තනය සිදූකරන ලදි. මේ ග්‍රන්ථ රාජ්‍යය තාන්ත්‍රිකයන්, උසස් අධ්‍යාපනය හදාරන ලබනු අය, හමුදා නිලධාරින් සහ උසස් පෙළ පාසල් ළමුන් ඉලක්ක කොට රචනා කර ඇති අතර, ශ්‍රී ලංකා පරිපාලන සේවා විභාගය සඳහා ද මේ ග්‍රන්ථයන් නිර්දේශ කර ඇත. මෙම ග්‍රන්ථ පාඨකයන්ගේ විශ්වය පිළිබඳව සහ සාමාන්‍ය දැනිම වර්ධනය කිරිම සඳහා රචනා කර තිබීම විශේෂත්වයකි. මෙම ග්‍රන්ථ 2017 මාර්තු මස 31 වන දින මෝදර රෝක් හවුස් යුද හමුදා කඳවුරේ නිලධාරි නිවස්න උත්සව ශාලාවේදි එළි දක්වන ලද අතර, ප්‍රධාන අරාධිතයා ලෙස නියෝජ්‍ය අමාත්‍ය එරාන් වික්‍රමරත්න මැතිතුමා සහභාගි වු අතර, පාකිස්තාන් මහා කොමසාරිස් සහ තවත් විශේෂ ආරාධිත අමුත්තන්ගේ සහභාගි වන ලදි. සාමාන්‍ය දැනුම වර්ධනය කරගැනීම සඳහා අවැසි සියලු දැනුම් සම්භාරයකින් පරිපූර්ණ වීම නිසා, මෙහි සිංහල පරිවර්තනය සාමන්‍ය දැනුම වර්ධනය සඳහා ඉතා උචිත ය.