අග­මැති දේශ­පා­ලන දිවි­යට වසර 40යි: කලා­ක­රු­වන්ට ඇස්ක­ණ්ණාඩි බෙදා දෙයි | සිළුමිණ

අග­මැති දේශ­පා­ලන දිවි­යට වසර 40යි: කලා­ක­රු­වන්ට ඇස්ක­ණ්ණාඩි බෙදා දෙයි

එජාප නායක අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ දේශපාලන දිවියට වසර 40ක් පිරීම නිමිත්තෙන් එක්සත් ජාතික කලා සංසදය කලාකරුවන්ට ඇස්කණ්ණාඩි ප්‍රදානය කිරීමක් හා ලේ දන්දීමේ පින්කමක් සිරිකොත පක්ෂ මූලස්ථාන ශ්‍රවණාගාරයේදි පසුගියදා පැවැත්විණි. සභාපති අරුණ ශ්‍රිනාත් හෙට්ටිආරච්චි, ලේකම් සුනිල් පේමරත්න, භාණ්ඩාගාරික කුමාර රුද්‍රිගු, ජාතික සංවිධායක ලයනල් ගුණරත්න, ප්‍රධාන සංවිධායක බර්මින් ලයිලි ප්‍රනාන්දු, කැඳවුම්කරු රත්නසිරි රණසිංහ මහත්වරු මෙය සංවිධානය කළහ. මෙහිදී එක්සත් ජාතික පක්ෂ මහ ලේකම් කබීර් හෂීම් මහතා ප්‍රවීණ කලා ශිල්පීනී මියුරි සමරසිංහ මහත්මියට හා ‍ප්‍රවීණ කලාශිල්පි රෙක්ස් කොඩිප්පිලි මහතාට ඇස් කණ්ණාඩි පැළඳවූ අවස්ථාව. එම අවස්ථාවට පැමිණ සිටි මැති ඇමතිවරු හා කලාකරුවෝ මෙහි වෙති. ඡායාරූප-මහේෂ් නිශාන්ත


පිළිකා මර්දන ව්‍යාපාරයට ගී පදරචනයක් ඉල්ලයි

ඔබ දක්ෂතා පිරි ගේය පදරචකයකු නම් සමාජ සද්කාරයක් වෙනුවෙන් ඔබට දැන් ගී පදරචනයක් කළ හැකිය. පිළිකා බෝවීම වළක්වා ගැනීම හා රෝගය කලින් හඳුනා ප්‍රතිකාර කර ගැනීමට ඇති හැකියාව පිළිබඳව සමාජය දැනුවත් කරන ආකායේ ගීතයක් රචනාකර ජාතික පිළිකා මර්දන වැඩසටහනෙහි තේමා ගීතයේ රචකයා වීමට දැන් ඔබට හැකිය. ඔබ කළ යුත්තේ ගීතය රචනාකර සැප්. 4 දාට කලින් පහත ලිපිනයට එවීමය. වැඩි විස්තර සඳහා- වෛද්‍ය අසංග 0778064215 හෝ 01123686627 අංකයට අමතන්න. වෙබ් අඩවිය - www.nccp.health.gov.lk   විද්‍යුත් තැපෑල- [email protected]  ජාතික පිළිකා මර්දන වැඩසටහන, සෞඛ්‍ය ,පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශය, අංක-555, ඇල්විටිගල මාවත, නාරාහේන්පිට.


ආචාර්ය අරෝෂ සිනේ ලින්ක් මුල් පුටුවට

වසර හතරක කෙටි කාලයකදී චිත්‍රපට 16ක්, ටෙලිනාට්‍ය 6ක්, වේදිකා නාට්‍ය 2ක් ඇතුළුව නිර්මාණ 24කට නිෂ්පාදන දායකත්වය දැක්වූ, ස්වාධීන රූපවාහිනී සේවයේ හිටපු ක්‍රියාකාරී අධ්‍යක්ෂ ආචාර්ය අරෝෂ ප්‍රනාන්දු පසුගිය දා ශ්‍රී ලංකාවේ ප්‍රථම

පෞද්ගලික නිෂ්පාදන ආයතනය ලෙස 1986 වසරේ ස්ථාපිත වූ සිනේ ලින්ක් සමාගමේ සභාපති ධුරයට පත් කරන ලදි. ඔහු එම සමාගමේ 50%ක කොටස් මිලදී ගැනීමත් සමඟ ආයතනයේ ප්‍රධාන කාර්යාලය කෝට්ටේ මාදිවෙල නව ස්ථානයක, වැඩි ඉඩ ප්‍රමාණයකින් සහ නවතම තාක්ෂණ පහසුකම් සහිතව උත්සවාකාරයෙන් විවෘත කරන ලදි. මෙම අවස්ථාවට ප්‍රවීණ නළු ලකී ඩයස්, අර්ජුන කමලනාත්, සම්මානනීය අධ්‍යක්ෂක අනුරුද්ධ ජයසිංහ ඇතුළු ක්ෂේත්‍රයේ රැසක් සහභාගි විය.

මේ වන විට සිනේ ලින්ක් ආයතනය ටෙලිනාට්‍ය 14ක් නිෂ්පාදනයෙන් ද ටෙලිනාට්‍ය 800කට වඩා උපකරණ සැපයුම සහ අදාළ සේවා සැපයුමෙන් ද දායක වී ඇති අතර මේ වන විට ඉරේෂ් ලොකුබණ්ඩාර අධ්‍යක්ෂණය කරන සිතින් සියවරක්, චරිත් අබේසිංහගේ මිනි ගං දෑල, අර්ජුන කමලනාත්ගේ සඳමාලි, දයාරත්න රටගෙදරගේ කැලෑ හඳ යන ටෙලිනාට්‍යවල නිෂ්පාදන උපකරණ සැපයීම සහ ඊට අදාළ සේවා සහ කළමනාකාරත්වයෙන් සහභාගි වේ. ටෙලිනාට්‍යවලට අමතරව චිත්‍රපට ගණනාවක ම නිෂ්පාදන ක්‍රියාවලියේදී මූලිකත්වය ගත් සිනේ ලින්ක් ආයතනය ෂාරුක් ඛාන්, කරිෂ්මා කපූර්, චෝගම්, අයිෆා වැනි උත්සව සහ සංදර්ශනවල තිරගත කිරීම් සහ විකාශය කිරීමේ දී ප්‍රධානත්වය ගෙන ඇත. සිනේ ලින්ක් ආයතනය වැඩිදියුණුවට අවශ්‍ය නව මැදිරි (editting studios & dobbing studios ) සහ නව කැමරා, ලයිටින් සහ අනෙකුත් උපකරණ ළඟදීම මිලදී ගැනීමට කටයුතු කරන බවත්, ආයතනයේ කළමනාකාර අධ්‍යක්ෂිකා කුමාරි දමයන්ති මාතරගේ සමඟ නව සැලැස්ම මේ දිනවල සාකච්ඡා වන බවටත් සිනේ ලින්ක් ආයතනයේ නව සභාපති ආචාර්ය අරෝෂ පැවසීය.


beyond the margin දෘෂ්‍ය කලා ප්‍රදර්ශනය 19,20,21 ලයනල් වෙන්ට් හිදී

ලාංකීය දියසායම් ප්‍රවනතාවයේ අවධි හතරක් නියෝජනය කරන ගුණසිරි කොළඹගේ, බැසිල් කු‍රේ, සන්ජීවි සෙනෙවිරත්න හා නිලුෂ වීරක්කොඩි යන චිත්‍ර ශිල්පීන්ගේ දිය සායම් මාධ්‍යයෙන් කරන ලද දෘෂ්‍ය කලා කෘති ඇතුලත් 'beyond the water margin'සමූහ චිත්‍ර ප්‍රදර්ශනය මේ මස 18වන දින ප.ව6.00ට ලයනල් වෙන්ට් කලාගාරයේදි විවෘත වේ. ප්‍රදර්ශනය මේ මස 19, 20, 21 දිනවල පෙ.ව 9.00සිට ප.ව 8.00දක්වා මහජනයා සඳහා විවෘතව පවතී. 

Comments