
මිනිසුන් උපදින්නේ අන් අයට සේවය කිරීමටය
‘රජගෙදර පරවියෝ’ චිත්‍රපටය රූපගත කරද්දී නළුනිළියන් රාශියකගේ දැනුම, ගතිපැවතුම් හා රංගන කුසලතාවයන් ගැන දැන ගැනීමටත් ඔවුන්ගේ හැසිරීම් රටාවන් අධ්‍යයනය කිරීමට අවකාශ ලැබුණි. ප්‍රංශ දෘශ්‍ය කාව්‍ය කර්තෘ ‘මොලියර්’ වරක් ප්‍රකාශ කර තිබුණා ‘නළුනිළියන් වනාහි හම්බන් කරන්න අමාරු සත්ව විශේෂයක්’ කියා. එම ප්‍රකාශය සත්‍යයක් බව මට වැටහුණි.
‘රජගෙදර පරවියෝ’ චිත්‍රපටයේ ප්‍රධාන චරිතය නිරූපණය කළ රංගන ශිල්පියා ගාමිණි ෆොන්සේකා මහතා ය. සිංහල සිනමාවේ ජනකාන්ත තාරකාව වූයේ විජය කුමාරතුංගයි. ඔහු අතිශයින් රූමත් කඩවසම් අයෙකි. කලාකරුවා මානව දයාවේ සංකේතයක් විය යුතුය යන මතය ක්‍රියාවෙන් සනාථ කළ අයෙකි. ජෝ අබේවික්‍රම සූරින් චරිතාංගන රංගනයේ අති ශ්‍රේෂ්ඨයෙකි. ගාමිණී ෆොන්සේකා යනු ඇසූ පිරූ තැන් ඇති අභිමානවත් විද්වත්, සුවිශේෂ හැකියාවක් ඇති තැනැත්තෙකි.
ගාමිණී ෆොන්සේකා මහතාගේ ඇසුර මට මහඟු දායාදයක් විය. ඔහු සමඟ අදහස් හුවමාරු කර ගැනීමේදී විවිධ දේ දැනගැනීමට ලැබුණි. ඕනෑම විෂයක් ගැන එතුමන් සමඟ සාකච්ඡා කරමින් විශාල දැනුමක් ලබාගත හැකි විය. සිනමා කලාවේ නිරතවන බොහෝ අයගේ අදහස වූයේ ගාමිණී සමඟ වැඩ කිරීම අසීරු බවකි. එහි කිසියම් සත්‍යයක් ද ගැබ්ව ඇත. මට ඔහු සමඟ රූපගත කිරීම්වලදී අසීරු තැන් තිබුණි. එහෙත් මම ජය ගතිමි. එහි රහස කුමක් ද? රහස් නම් තමාට අවශ්‍ය දේ කර ගැනීමට අනිත් අයට අවශ්‍ය කුමක්දැයි දැන ගැනීමයි. මේ සඳහා ලස්සන පුංචි කතාවක් තිබේ. ගම්බද නිවසක කුඩා ගෙයක් වැනි කුකුළු කොටුවකි. එහි කුකුළු කිකිළියන් රාශියකි. මේ සතුනට අහුලා ගෙන කෑම සඳහා දොර විවර කර හරින්නේ ය. වත්ත පුරා සැරිසරමින් අහුලාගෙන කන මේ සතුන් අඳුර වැටෙන්නට මත්තෙන් කූඩුවට දැමිය යුතුය. අයිතිකරුවා හා බිරිඳ ෂෝ! ෂෝ! බා.. බා.. යනුවෙන් හඬ නඟමින් සතුන් සියල්ල කූඩුව තුළට දැමීමට තදබල උත්සාහයක නිරතව සිටින්නේ ය.
එහෙත් මේ සත්තු කූඩුව තුළට නොයා එහා මෙහා දුවති. මෙම නිවසෙහි මෙහෙකාර ස්ත්‍රිය මෙම දර්ශනය දැක මුළුතැන්ගෙයින් පිටතට පැමිණෙන්නේ හාල් මිටක් අත ඇතිව ය. කූඩුවේ දොර ළඟ සිට මේ මෙහෙකාරිය හාල් ස්වල්පයක් බිම දමමින් බා... බා... යනුවෙන් හඬ නැඟුවා ය. කුකුළු කිකිළියෝ ඇය අසලට පැමිණ හාල් අහුලාගෙන කෑමට පටන් ගත්හ. මොහොතකට පසු මෙහෙකාර ස්ත්‍රිය කූඩුව තුළට ගොස් ඉතිරි හාල් ඇට ටික බිම දමමින් බා... බා... යයි හඬ නැඟුවා ය. සතුන් කූඩුව තුළට පැමිණි පසු දොර වසා ඇය පිටව ගියාය. මෙවැනි දේ දැන ගෙන සිටින මට අන් අයගෙන් අවශ්‍ය දේ ලබා ගැනීමට හැකිය.
අපට මිනිසුන් වෙනස් කළ නොහැක. අප අවස්ථානුකූලව කළ යුතු දේ කුමක් දැයි වටහාගත යුතුය. ඒ සඳහා නම්‍යතාවය අවශ්‍ය වේ. මට යමක් කිරීමට අවශ්‍ය නම් එය සිතිවිල්ලක් වශයෙන් සිතෙහි තබා ගත්තෙමි. අලස නිසරු සිතකට නැගී සිටීමට අසීරු බව මම වටහා ගෙන සිටියෙමි. කිසියම් අයෙකුට විශ්ව ශක්තිය තම සිතවෙත ගෙන්වා ගැනීමට එය ප්‍රභාෂ්වරව තබාගත යුතුය. සතර සවිය ඔබ තුළ තිබේ නම් ඒ සුවිශේෂ විශ්ව ශක්තිය ඔබට ද ලබාගත හැකි ය.
‘රජගෙදර පරවියෝ’ චිත්‍රපටය රූපගත කරද්දී මට හමුවූ තවත් අපූරු චරිතයක් ඇත. ඒ හියුගෝ මාස්ටර් ය. සිංහල සිනමාවේ ආරම්භයේ පටන් ම එතුමා දැයෙන් සමුගන්නා තෙක් රංගනයෙන් දායක විය. රූපගත කරද්දී උදෑසනින් ම අවදිවන්නේ හියුගෝ මාස්ටර් නමැති ජ්‍යෙෂ්ඨ රංගන ශිල්පියා ය. ඔහු සංගීත අධ්‍යක්ෂවරයෙක් ද වෙයි. ප්‍රතිපත්ති ගරුක වේලාවට වැඩ කරන කැපවීම, යුතුකම හා වගකීම කුමක් ද යන්න හොඳින් දන්නා අදාර්ශවත් කෙනෙකි. රූපගත කිරීම් සඳහා රාත්‍රියේ නැවතී සිටින ස්ථානය කුමක් වුවත් උදෑසනින් අවදි වූ වහා ‘දියබත්’ බීම සිරිතකි. ඉන්පසු මේ වැඩිහිටි මිනිසා ශාරීරික ව්‍යායාම වල යෙදෙන්නේ ය. ඉන් අනතුරුව පුවත්පත් කියවීම පුරුද්දකි. ඉන්පසුව තමා අවශ්‍ය කිනම් වෙලාවකටදැයි මගෙන් අසා ඒ අනුව වේෂනිරූපණ කටයුතු කරගෙන පහසු අසුනක වාඩි වී විවේක ඇති සෑම විටම නිදාගැනීම එතුමාගේ සිරිතකි. ශරීරයට විවේකය දිය හැකි සෑම අවස්ථාවකම සුවසේ කල්ගත කළේ ප්‍රංශයේ නැපෝලියන් බොනපාට් අධිරාජ්‍යයා සිහිපත් කරමිනි. හියුගෝ මාස්ටර් ආහාර අනුභව කිරීමේදී ඉතා හොඳින් හපමින් තලප කරමින් ගිලින්නේ ඒවා දිරවීමට පහසුවන නිසාය. මාස්ටර් මිය යන තෙක් එක දතක්වත් වැටී තිබුණේ නැත. සැඳෑ සමය සුවසේ වින්දනය කළ කිතුණු බැතිමතෙකි.
වේදිකා නාට්‍ය කලාවේ සහ සිනමා කලාවේ මා නිරත වූයේ පූර්ණ කාලීන කලාකරුවකු වශයෙන් නොවේ. 1965 සිට 1986 මාර්තු වන තෙක් මා සේවය කළේ ලංකා ගමනා ගමන මණ්ඩලයේ ය. ලංගමයට අයත් කොළඹ 05 උද්‍යාන පාරේ ශාලිකා ශාලාවේ කළමනාකරු වශයෙන් සේවය කරද්දී සම්මන්ත්‍රණ පවත්වා සේවකයන් දැනුවත් කිරීම මගේ වගකීමක් වී තිබුණි. ලංගමයට අලුතෙන් බැඳෙන රියැදුරු හා කොන්දොස්තර මහතුන්ට කිසියම් මානසික ශක්තියක් හා බුද්ධි බලයක් ලබාදී රැකියාව, රැකියාවක් වශයෙන් නොව රටට කරන සේවයක් හැටියට කිරීම අවශ්‍ය කරන ධනාත්මක සිතුවිලි වලින් ඔවුන්ගේ මනසට ආහාර සැපයීම මම කළෙමි.
සිත නමැති සරු කෙතේ නිවැරැදි බීජ වපුරන්නටත් මිනිසුන් උපදින්නේ අන් අයට සේවය කිරීමට බවත්, සේවය කිරීම මිනිසකු වශයෙන් උපදින කාගේ වුවද වගකීමක් බවත් අවධාරණය කිරීම ම විසින් කරන ලදී. වර්තමාන ශ්‍රී ලංකාවේ බොහෝ අර්බුදවලට හේතුවී ඇත්තේ සේවය නොකොට සේවය ලබා ගන්නා අය නිසයි. කවුරුන් විසින් කවදා මේ නිවැරැදි මාවතේ මිනිසුන් ගමන් කරවීමට කටයුතු කරන්නේ දැයි දැන ගැනීමට මට ඇත්තේ අභිරුචියකි.
මහාභාරතයේ ශ්‍රේෂ්ඨ අවිහිංසාවාදී නායකයා වූ මහත්මා ගාන්ධි තුමන් විසින් රටක පැවැත්ම බිඳ හෙළන විනාශය සමස්ථ සමාජය කරාම කැඳවාගෙන එන කරුණු 7ක් දක්වා ඇත.
1. වැඩ කිරීමෙන් තොරව ලබන සතුට.
2. හෘද සාක්ෂියට එරෙහිව ලබන සතුට.
3. චරිතවත් බවින් තොරවූ දැනුම.
4. සදාචාරවත් බවින් තොරවූ වෙළෙඳාම.
5. මානව දයාවෙන් තෙරවූ විද්‍යාව.
6. පරිත්‍යාග ශීලීත්වයෙන් තොරවූ බැතිමත් බව.
7. වටිනාකම් / හර පද්ධතිවලින් තොරවූ දේශපාලනය.
ඉහත සඳහන් කරුණු 7 ගැන අවධාරණය කරමින් ජීවත් වන්නෙමි. ජනතාවට සේවය කරන්නට නම් සරු සිතක් අවශ්‍යයි. ඒ සරු සිතේ ජීවය හදවත සහ හෘද සාක්ෂියයි. සිත ක්‍රියාත්මක වන්නේ හදවත තුළය. මව් කුසතුළ වැඩෙන කලලයේ වර්ධනය වීමත් සමඟම හදේ ගැස්ම ආරම්භ වන්නේ හදවතින්ම ය. මිනිසා මිය යන්නේ ද හදවත ගැස්ම නතර වූ විටයි.
මිනිසා තමාගේ ආගමික විශ්වාසයන් අනුව පෝෂණය වී අධ්‍යාත්මය දියුණු කරගෙන
තමන්ට, තම පැවැත්මට
තමන් ජීවත්වන සමාජයට
තමන් වෙසෙන සොබාදහමට
තමන් වෙසෙන විශ්වයට සේවය කළ යුතුය.
ඔබට මුළු ලොවට ම රහසින් බොහෝ දෑ සිදුකළ හැකිය. එහෙත් ඔබේ ම හෘද සාක්ෂියට එය කිසිදා සැඟවිය නොහැකි ය. එමනිසා සතරසවිය පාදක කරගෙන හදවතේ මූලික අපේක්ෂාව වන ආදරණීය බව වඩවා ගන්න.
ලබන සතියට