ඇන්ඩීස් කේක් ප්‍රද­ර්ශ­නය හා වැඩ­මු­ළුව | Page 2 | සිළුමිණ

ඇන්ඩීස් කේක් ප්‍රද­ර්ශ­නය හා වැඩ­මු­ළුව

ඇන්ඩීස් කේක් ඇකඩමිය වාර්ෂික ව සංවිධානය කරනු ලබන කේක් ප්‍රදර්ශනය සහ වැඩමුළුව මෙ මස 07 වැනිදා (හෙට) පානදුර පුරහලේදී පෙ.ව. 9.00- 6.30 දක්වා පැවැත්වීමට කටයුතු සූදානම් කර තිබේ. මංගල කේක් ආකෘති, උපන්දින කේක් හා කප් කේක් යන මාතෘකා ඔස්සේ කේක් සියයකට අධික ප්‍රමාණයකින් හැඩවන මේ ප්‍රදර්ශනය අයිසින් මල් නිර්මාණ, කප් කේක් නිර්මාණ, ගැටෝ වර්ග නිර්මාණ කිරීම පිළිබඳ ව සජීවි වැඩමුළුවකින් ද සමන්විත වේ. කේක් නිර්මාණය කිරීම පිළිබඳ ප්‍රවීණයන්ගෙන් සමන්විත විනිශ්චය මණ්ඩලයකින් යුතු මේ ප්‍රදර්ශනය අවසානයේ සම්මාන, සහතික හා ත්‍යාග ප්‍රධානෝත්සවයක් ද පැවැත්වීමට නියමිත ය. කේක් නිර්මාණය පිළිබඳ උනන්දුවක් දක්වන හා ඒ පිළිබඳ හැදෑරීමක් කරන්නට කැමැති සැමට ඇන්ඩීස් කේක් ඇකඩමිය මේ වැඩමුළුවට සහභාගී වන ලෙස ආරාධනා කර සිටී.


හතළිස් වසරක් සුරැකි ක්‍රිකට් බූදලය ප්‍රදර්ශනය අද

 ක්‍රිකට් ක්‍රීඩාවට ආදරය කරන වජිර වික්‍රමගේ විසින් එකතු කරන ලද 1972 සිට 2016 වසර දක්වා පැවැති නිල නොවන ටෙස්ට් තරග තොරතුරු, දේශීය හා විදේශීය ටෙස්ට් තරග තොරතුරු 1975 සිට ලෝක කුසලාන තරග තොරතුරු, ක්‍රිකට් ක්‍රීඩකයන් පිළිබඳ තොරතුරු, ක්‍රිකට් පොත්පත් , සඟරා, ඡායාරූප, සමරු සිහිවටන, ඇතුළත් හතළිස් වසරක් සුරැකි ක්‍රිකට් බූදලය' මැයෙන් වු ප්‍රදර්ශනයක් අද(06) සහ අනිද්දා(08)දින කොළඹ07, මහජන පුස්තකාල ශාලාවේදි පෙ.ව 9.00සිට ප.ව6.00දක්වා නොමිලයේ පැවැත්වේ.


'කටහඬ පෙළහර'ප්‍රසංගය සහ නිවේදක වැඩමුළුව 12 වැනිදා

කටහඬ පාඨමාලාව ආරම්භකොට වසර 19ක් සැපිරීම නිමිත්තෙන් පසුගියදා විශේෂ ආශිර්වාද පූජාවක් පැවැත්විණි. ගුවන්විදුලිය, රූපවාහිනිය මාධ්‍ය ක්ෂේත්‍රයට නිවේදක නිවේදිකාවන් වැඩිම පිරිසක් හඳුන්වාදුන් ශ්‍රීමත් ඉන්ද්‍රජිත් ලියනගේ මහතා මෙහෙයවන කටහඬ පාඨමාලාව ආරම්භ කෙරුණේ 1998, අගෝස්තු පළමුවැනිදාය. ඒ නිමිත්තෙන් කටහඬ පෙළහර සංගීත ප්‍රසංගය සහ සන්නිවේදක වැඩමුළුවක් අගෝස්තු 12 සෙනසුරාදා පස්වරු 3.00ට කොළඹ මහජන පුස්තකාල ශ්‍රවණාගාරයේදි පැවැත්වේ.මේ අවස්ථාවට විශේෂ ආරාධිත අමුත්තන් රැසක් සහභාගි වීමට නියමිතය.

 


38 වසරක ගායන දිවිය සමරා ප්‍රසංගයක්

මතුගම සී.ඩබ්ලිව්.ඩබ්ලිව් කන්නන්ගර මධ්‍ය විදුහලේ සංගීතාචාරිණි ගායන ශිල්පිනී රසාංගි ද මැල්ගේ 38වසරක සංගීත දිවිය සමරා ඉදිරිපත් කළ'රසසර ගී'ඒකපුද්ගල ගී ප්‍රසංගය පුගියදා මතුගම සී.ඩබ්ලිව්.ඩබ්ලිව් කන්නන්ගර මධ්‍ය විද්‍යාලයීය පියසේන කොඩිතුවක්කු රංග ශාලාවේදි පැවැත්විණි. එහිදී මාධ්‍යවේදි ගායන ශිල්පි ගීත් ද මැල් ගායන ශිල්පීනී රසාංගි ද මැල් සොයුරිය සමග යුග ගායනයක් ඉදිරිපත්කළ අවස්ථාව.


තොප්පි වෙළෙන්දා සමග පුංචි අපට දැන් තේරෙයි කොළඹ

 

රාජ්‍ය සම්මානලාභී ප්‍රවීණ ළමා නාට්‍ය ශිල්පිනී සෝමලතා සුභසිංහගේ තොප්පි වෙළෙන්දා සමග පුංචි අපට දැන් තේරෙයි නාට්‍ය අද(06) දින ප.ව3.30ට සහ ප.ව6.30ට ලයනල් වෙන්ඩ්ට් හිදී රඟදැක්වීමට කටයුතු යොදා ඇත.රාජ්‍ය සම්මානලාභී ප්‍රවීණ ළමා නාට්‍ය ශිල්පිනී සෝමලතා සුභසිංහ විසින් ළමයින් සඳහාම රචනාකර අධ්‍යක්ෂණය කරන ලද මෙම නාට්‍යය සඳහා චන්දන අළුත්ගේ සමග කෞෂල්‍යා ප්‍රනාන්දු අධ්‍යක්ෂණයෙන් දායක වේ.


සිකුරුහතේ පානදුරේ දී..

සිකුරුහතේ නාට්‍ය අද(06) දින ප.ව3.30ට සහ 6.45ට පානදුර නගර ශාලාවේදි රඟදැක්වේ.


සරත් විමලසිරි ගේ ශ්‍රද්ධාංජලී නිකිණි පෝදා (හෙට ) ගුවනින්

බුදු සිරිතෙහි එන අසිරිමත් අවස්ථා සංවේදීව විවරණය කරමින් ප්‍රවීණ කිවිවර ගේය පද රචක රාජ්‍ය කලාභූෂණ කිවිපති සරත් විමලසිරි පිටපත ලියූ බොදු ගී මියැසියක සුවය කැටිවුණු 'ශ්‍රද්ධාංජලී ගී සමාධිය' නිකිණි පෝදා (හෙට) මධ්‍යාහන 12 ට ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ ස්වදේශීය සේවය ඔස්සේ විසුරුවා හැරේ. ( එෆ්.එම්. තරංගමාලා 91.7 හා 91.9 ඔස්සේ අන්තර්ජාලය හා සමඟ) ශ්‍රද්ධාංජලී ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ සංගීත අංශය වෙනුවෙන් රෝහණ ධර්මකීර්තිගේ නිෂ්පාදනයකි. 

 

Comments