
ඇස් පුරා රැස් වෙනා වේදනා රෑ පුරා
රැයේම මාව පාරා තියා
මේ ලෙසේ වේදනා හේතු දීලා
ඇයි ගියේ සදා මාව දාලා ඔයා
හීන ගානේ රෑට පේන හේතු කාරණා
රෑ දිවාම දෑස ගාව ගේන වේදනා
මගෙ සේද ආදරේ සැමදාම මේ වගේ
සසරේ පුරා මියදී නොයා
පවතීවි මා හදේ
තරු ආකාහේ ඇති මේ රැයේපෙර දාක රෑක මාගෙ ගාව හින තේරුවේ
අද නෑ ඒ වගේ මා පැතූ ආදරේ
පාවෙලා ඈ ගියේ ආවේ නෑ ආයේ
පැතූ ආදරේ බිඳදා ගියේ
තරු දෑස පේන වේදනාව සීත පාළුවේ
මට නෑ තේරුණේ මා පෙලූ කාරණේ
පාවෙලා ඈ ගියේ ආවේ නෑ ආයේ
ගායනය - රුවින් මාලදෙණිය
පද රචනය- ෂෙහාන් ගලහිටියාව
තනුව සහ සංගීතය - ඩිරන් ජයසිංහ
රූප රචනය අධ්‍යක්ෂණය සහ
සංස්කරණය- මේඝ කාවින්ද කොළඹගේ
නව පරපුරේ ගායන ශිල්පී රුවින් මාලදෙනියගේ ‘‘හීන ගානෙ” නම් අලුත්ම ගීතය එහි සංගීත වීඩියෝවත් සමඟ පසුගියදා එළිදැක්වීය.
එළිදැක්වීමට ප්‍රථම එහි පූර්ව ප්‍රචාරක පටය අන්තර්ජාලය ට එකතු කෙරිණි. එය සමාජ ජාලා වෙබ් අඩවි වල පසුගිය දිනවල වැඩිපුරම කතාබහට ලක්වුණු ගීතය බවට පත්වුණු අතර ලක්ෂ 7 කට අධික ප්‍රමාණයක් මේ වන විට එය නරඹා තිබීමෙන් එය සනාථ විය.
මේ වනවිට හීන ගානේ මියුසික් වීඩියෝවද ලක්ෂ තුන ඉක්මවමින් නරඹමින් සිටී. මෙම ගීතය මෙලෙස ජනප්‍රිය වන්නට හේතුව එහි පද වැලට අපූර්වත්වයක් එක්කරමින් ආදරයේ වෙනස්ම වූ පැතිකඩක් විවිරණය කරමින් නිර්මාණය කළ රූප රචනාවයි.අලුත විවාහ වූ තරුණ ආදරවන්තයින්ගේ ඊළඟ පැතුම වන්නේ කැදැල්ලට පුංචි පැටියකු එක්කර ගැනීමයි. දහසක් බලාපොරොත්තු තබා ගනිමින් පුංචි දූ සිඟිත්තියක් ගෙදරට ගෙන එන්නට පෙරුම් පුරන විට අනපේක්ෂිත ලෙස එම බලාපොරොත්තු කඩවී ආදරවන්තිය මෙලොවින් සමුගතහොත්. පුංචි දියණිය සමඟ මොලොව තනිවූ තරුණ සැමියකු ගේ සිතිවිලි කෙලෙස විය හැකිද?
ශෂී ඇන්ජලිනා සහ අමිල කරුණානායක සමඟ තිසරණී රවින්දි සඟිති දියණිය මෙයට රංගනයෙන් දායකත්වය ලබාදෙයි.
හීන ගානේ ගීතය සිනමාවට සම්බන්ධ ප්‍රවීණයන් රැසකගේ එකතුවකින් එළිදක්වන්නකි. ඩිරන් විජයසිංහයන්ගේ තනුවෙන් සහ සංගීතයෙන් ද, ශෙහාන් ගලහිටියාවගේ පද රචනයෙන් ද, මේඝ කාවින්ද කොළඹගේ විසින් රූප රචනය අධ්‍යක්ෂණය සහ සංස්කරණය සිදුකිරීමෙන් ද, රංගන එස් බණ්ඩාරගේ කැමරා අධ්‍යක්ෂණයෙන් ද හැඩ වී ඇති මෙය, ප්‍රියන්ත කොලඹගේ ගේ ක්‍රියේටිව් ෆෝර්ස් ආයතනයේ ඉදිරිපත් කිරීමකි.
වීශාල පිරිවැයක් යොදා සිනමාත්මකව නිමකළ මෙම වීඩියෝව ලංකාවේ දක්ෂතම තාක්ෂණික ශිල්පීන් සහ උසස්ම තාක්ෂණයෙන් රෙඩ් ඩ්‍රැගන් කැමරාවෙන් සහ ලෝකයේ අතිනවීන වර්ණ සංකලනයක් වන ඩාවින්සි මගින් නිමවී ඇත. මෙය රුවින් මාලදෙණිය ගේ දෙවැනි ගීතය වන අතර ඔහුගේ පළමු ගීතය ‘මා ඇති තරම් ‘ නමින් මියුසික් වීඩියෝවක් සහිතව 2012 වසරේ නිකුත්විය.