'නිවර්ණ'සිතු­වම් දැක්ම අගෝස්තු 01 සහ 02 දිනවල | සිළුමිණ

'නිවර්ණ'සිතු­වම් දැක්ම අගෝස්තු 01 සහ 02 දිනවල

හොරණ, අධ්‍යාපන කලාපයේ, චිත්‍ර කලා විෂය පිළිබඳ ජ්‍යෙෂ්ඨ ගුරු උපදේශක බී.ඒ මංගල ප්‍රියන්ත පෙරේරා මහතා ගේ ශිෂ්‍යාවක වන සොනාලි විජේසූරිය ඉදිරිපත්කරනු ලබන ප්‍රථම ඒකපුද්ගල චිත්‍ර ප්‍රදර්ශනය (01)සහ අගෝස්තු (02) පෙරවරු 8.00 සිට පස්වරු 8.00දක්වා කොළඹ 7, හෝර්ට්න් පෙදෙසේ, සෞන්දර්ය කලා විශ්ව විද්‍යාලයේ දෘෂ්‍ය කලා පීඨයේ ජේ.ඩී.ඒ පෙරේරා කලාගාරයේදි පැවැත්වේ.

එම විශ්වවිද්‍යාලයේ උප කුලපති මහාචාර්ය ආරියරත්න කළුආරච්චි, පීඨාධිපති මහාචාර්ය රම්‍යවර්ධන පොඩිනිලමේ සහ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය සද්ධා උත්පලකන්දගේ යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් විවෘත වේ.සොනාලි පානදුර ශාන්ත අන්තෝනි බාලිකා වාද්‍යාලයේ ආදි සිසුවියකි. 

Comments