ගැඹුරු මුහුද නිරීක්ෂණයට නාවික හමුදාවට නැවක් | Page 10 | සිළුමිණ

ගැඹුරු මුහුද නිරීක්ෂණයට නාවික හමුදාවට නැවක්

 ශ්‍රී ලංකා නාවික හමුදාවේ මෙහෙයුම් කටයුතු පුළුල් කිරීම වෙනුවෙන් ගැඹුරු මුහුදු නිරීක්ෂණ නෞකාවක් ඉන්දියාවෙන් මිලට ගෙන ඇත.

ඉන්දියානු ‍ගෝවා නැව් තටාකාංගණයේ නිෂ්පාදනය කරන ලද මෙම ගැඹුරු මුහුදු නිරීක්ෂණ නෞකාව පසුගියදා කොළඹ වරායට සේන්දු විය.

නවීන යුද නෞකාවක් වන මෙය ශ්‍රී ලංකා නාවික හමුදා ඉතිහාසයේ ප්‍රථම වරට අලුතින්ම මිලදී ගත් ප්‍රථම අධි තාක්ෂණික නෞකාවයි. නෞකාවේ නිෂ්පාදන කටයුතු සම්පූර්ණයෙන් අවසන් වන විට එහි පිරිවැය ඇමරිකානු ඩොලර් මිලියන 66.55 ක් වනු ඇත. 

Comments