
පබසරා මධුෂානි
අද රසඳුන අපේ කතා බහ සිදුකෙරෙන්නේ මේ දිනවල ස්වර්ණවාහිනියේ විකාශනය වන 'තව දුරයි ජිවිතේ' ටෙලි නාට්‍යයේ 'ටිටී' සමඟයි. ටිටී චරිතයෙන් ප්‍රේක්ෂකයන්ගේ ආදරය දිනූ ඇය පබසරා මධුෂානි.මේ ඇය සමඟ කළ සුන්දර කතාබහේ තොරතුරුයි.
පබසරාව අල්ලගන්න අමාරුයි දැන් ?
ඔව් ඔව්. ගොඩක් කාර්යබහුල වෙලා නේ. ඒකයි අල්ලගන්න අමාරු.
ඒ තරමටම කරන වැඩ මොනවද?
ටෙලි නාට්‍ය කිහිපයකම වැඩ කරගෙන යනවා. ස්වර්ණවාහිනියේ විකාශනය වන 'තව දුරයි ජිවිතේ' ටෙලි නාට්‍යයේ වැඩයි, දෙරණේ විකාශනය වෙන ' මුතුකුඩ' ටෙලි නාට්‍යයේ සහ තව අලුත් වැඩකට කතා කරලා තියෙනවා. ඒ දේවල් එක්ක කාර්යබහුල වැඩියි.
'තව දුරයි ජිවිතේ' ටෙලි නාට්‍යයේ චරිතය නම් කාලෙකින් ලැබුණු හොද චරිතයක් ලු නේද?
අම්මෝ ඔව්.. වෙනස්ම විදියකට පෙම්වතියක් වෙන්න අවස්ථාව ලැබුණා. මේ පෙම්වතිය නම් දුෂ්ට චරිතයක්. ඒ ගැන නම් පුදුම සතුටකින් ඉන්නේ. පසුගිය ටිකේම එකම චරිතෙකට කොටු වෙලා හිටියා. එ්කෙන් ටිකක් නිදහස් වුණා.
සැබෑ පෙම්වතියත් ඒ වගේද ?
දැනට නම් පබසරා පෙම්වතියක් නෙමෙයි. ඉස්සරහට පෙම්වතියක් වුණොත් බලන්න ඕන හම්බවෙන පෙම්වතත් එක්ක කොහොමද කියලා. නපුරු ද අහිංසක ද කියලා.
ඔබ western type එකට යන කෙනෙක් කියලා පිළිගන්නවද?
මම හිතන්නේ ඔව්. මම වැඩිපුරම අඳින්න කැමැති ඒ වගේ ඇඳුම්. ඒ නිසා මම ඒ විදියයි කියලා හිතනවා.
ඒ හැඩරුවත් එක්ක, 'මුතුකුඩ' ටෙලි නාට්‍යයේ 'රතී' ට ඔබ සාධාරණයක් කරනවාද?
ඔව්. මට ඒ චරිතේ මුලින් දෙනකොට ගොඩක් අය බය වුණා.ඒක කරන්න පුළුවන් වෙයිද කියලා. මම හිතා ගත්තා මට මේ දේ කරන්න පුළුවන් කියලා. මම ඒ අභියෝගය භාරගත්තා. ඒකයි අදටත් මම ඒ ටෙලි ඩ්‍රාමා එකේ ඉන්නේ.
පසුගිය දවසක ලොකු අකරතැබ්බයකට පබසරාට මුහුණ දෙන්න වුණාලු නේද?
ඒ මොකද්ද ඒ .......හැබැයි මම දැනුවත්ව කිසිම අකරතැබ්බයක් නම් වුණේ නැහැ.
ලෝකේ වටේ රවුම් ගහන අතරේ අන්තිමට රවුම් ගැහුව රට කොහෙද?
රවුම් ගහපු රටවල්....? ප්‍රසංග වලට නිතරම විදෙස් රටවල් වලට යන්න වෙනවා. ඔය අහන්නේ ඒ ගැන වෙන්න ඇති. අන්තිමට ගිය එක නම් මතක නැහැ. ඩුබායි, කොරියා, ලෙබනන්... තව ගොඩක් විදෙස් සංචාර සඳහා පසුගිය කාලෙම ගියා. ඉදිරියේදී ඉතාලි යන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා.
කියමු කෝ , කලින් කිව්වා අලුත් වැඩේ මොකද්ද කියලා?
ෆිල්ම් එකකට කතා කළා. මේ මගේ පළමුවැනි ෆිල්ම් එක. තවම දින වකවානු තීරණය කරලා නැහැ.ඉදිරියේදී වැඩ පටන් ගත්තට පස්සේ කියන්නම් කෝ.
සමහරු හිතන් ඉන්නේ ඔබ නිරුපිකාවක් ලෙස ක්ෂේත්‍රයට ආව කෙනෙක් කියලා.
නැහැ,. මම ක්ෂේත්‍රයට ආවේ වේදිකාවෙන්. නිරුපිකාවක් විදියට නෙමෙයි. ටෙනිසන් කුරේ මහත්තයගේ 'මෑන් ද මෑන් කුරුල්ලා' කියන වේදිකා නාට්‍යයේ ප්‍රධාන චරිතය රඟපාමින් තමා එන්නේ.
එහෙම පැමිණි ඔබ, පසුබෑමකට ලක්වෙලා කියලා දැනිලා නැද්ද?
ඔව් මට එහෙම දැනිලා තියෙනවා. ඒ මම එක දිගට රංගනයේ යෙදුනේ නැති නිසා. ටික කාලයක් රඟපානව. ඊට පස්සේ break එකක් ගන්නවා. ඒ නිසා වෙන්න ඇති එහෙම දැනෙනවා ඇත්තේ.
ක්ෂේත්‍රයෙන් නම් ආදර යෝජනා ගොඩක් ඇවිල්ලා ඇති නේද?
මට එහෙම කිසිම දෙයක් ඇවිත් නැහැ. මේ වෙනතෙක් මට ඔය කිසිම මංගල යෝජනාවක් ඇවිත් නැහැ ක්ෂේත්‍රයෙන්.
කවුරුත් කියලා නැද්ද පබසරා 'කටකාරයි' කියලා?
ඔව්. ගොඩක් අය කියලා තියෙනවා.
එහෙනම් කට නිසා වැරැදුණු තැනුත් ඇති?
අම්මෝ....අනන්තවත් තියෙනවා.