
නව ආකාරයක නවමු අත්දැකීමක් ගෙනදෙමින් රසික සිත් සතන් සනහාලන සංගීත කණ්ඩායමක් ගැන ජා-ඇළ ප්‍රදේශයේදි අපට හමුවුණා.ඒ චිත්‍රාල් පෙරේරා නායකත්වය දරන'drive live band'සංගීත කණ්ඩායමයි.මේ නව සංගීත කණ්ඩායම pop band එකක් විදිහට රසිකයන් අතරට ගෙනයෑම ඔවුන්ගේ අරමුණයි. මෙහි සාමාජිකයන් හයකි. සතුටු පෙරේරා, සචිත්‍ර ප්‍රියශාන්, ෂේන් ඇන්ජලෝ, දුමිත් සිල්වා, දනුෂ්ක පෙරේරා මේ වෙනස රසිකයන් අතරට ගෙන යන්න පෙරමුණ ගෙන සිටිති.
නායක චිත්‍රාල් පෙරේරා drive live band එක ගැන අප හා මෙසේ පැවැසුවා.'අපි මේ සංගීත කණ්ඩායම ආරම්භ කළේ පසුගිය සැප්තැම්බර් මාසයේ.නොවැම්බර් පළමු සංගීත සංදර්ශනය දිවයිනේ ප්‍රසිද්ධ ගායන තරු රැසක් පිරිවරාගෙන පැවැත්වුවා. රෙජිස්ටර් කළ band එකක් ලෙස දැනට wedding,ඇතුළු විශේෂිත අවස්ථ සඳහා සහභාගිවනවා.ඉදිරියේදි නවතම ගීතයක් කිරීමටත් මේ දිනවල සූදානමි වෙමින් සිටිනවා. ලංකාවේ හොඳ සංගීත කණ්ඩායමක් වී රසිකයන් පිනවීමයි අපි හය දෙනාගේම බලාපොරොත්තුව. drive band එක පිළිබඳව වැඩිවිස්තර දැනගැනීමට අවශ්‍යනම් 0777-861100 දුරකථන අංකයෙන් හෝ drive live band.entertetment'[email protected] වෙත පිවිසීමෙන් ලබාගත හැක. නයනා
දෙවින් සමඟ සංගීතමය සැඳෑවක් 29 වැනිදා බිෂොප් විද්‍යාලයේදී
ශාස්ත්‍රීය භරත නාට්‍ය ශිල්පිනියක මෙන්ම නාට්‍ය ආචාර්යවරියක ලෙස ක්ෂෙත්‍ර යේ නමක් දිනූ මනෝවිද්‍යඥවරියක ලෙස රැකියාවේ නිරත ප්‍රීති ගනේගොඩගේ පුත් දෙවින් ගනේගොඩ ඉදිරිපත් කරන ‘ශ්‍රැති ඌනා සෙරාතා දි මූසිකා විත් දෙවින්‘ ( දෙවින් සමඟ සංගීතමය සැඳෑවක්) ප්‍රසංගය ලබන 29 වැනි සෙනසුරාදා සවස 6.00 ට කොළඹ බිෂොප් විද්‍යාලයීය ශාලාවේදී පැවැත්වේ.
මෙම ප්‍රසංගයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ඉන්දීය මහ කොමසාරිස් ශ්‍රී තරංජිත් සිං සන්ධූ මහතා සහභාගිවෙයි.
දකුණු ඉන්දියානු ශාස්ත්‍රීය කර්ණාටක සංගීතයෙන් සහ ශාස්ත්‍රීය ඉතාලියානු සංගීත ශෛලියක් වන බෙල් කන්තෝ ( Bel Canto ) ඔපෙරා ශෛලියේ සංගීතයෙනුත් මෙම ප්‍රසංගය ඔපවත් වෙයි.මෙම ප්‍රසංගයේ දෙවින් ගනේගොඩ සේනාධීර ප්‍රධාන වශයෙන් ගීත ගායනා කරන අතර කර්ණාටක සංගීතයෙන් ගුරු ඒ. ආරූරන්, බෙල් කන්තෝ ශෛලියෙන් ගුරු ෆැන්සිස් අල්මේදා සහ නව නිර්මාණ සංගීත අධ්‍යක්ෂණයෙන් ගුරු වීශාරද සමන්ත පෙරේරා යන ආචාර්ය වරු දායකත්වය ලබා දෙති.
මෙම ප්‍රසංගයේ ගැයෙන සියලුම ගීත ශාස්ත්‍රීය ගායනා අංග වන අතර මෙම ශෛලියයන් පදනම් කොට ගෙන නව ආරක ගී දෙකක් නිර්මාණය කර ඇත. මේ සඳහා ආචාර්ය ප්‍රණීත් අභයසුන්දර සහ ප්‍රීති ගනේගොඩ ගේය පද රචනයෙන් දායක වෙති.
වයස අවුරුදු 17 ක් වන දෙවින් කොළඹ ස්ටැෆඩ් ජාත්‍යන්තර පාසලේ 12 වසරේ විද්‍යා අංශයෙන් ඉගෙනුම ලබයි. ප්‍රසංගයේ ප්‍රථම භාගය කර්ණාටක ශාස්ත්‍රීය ගායනා අංග 8 කින් සමන්විත වන අතර දෙවැනි භාගය ඉතාලියානු ශාස්ත්‍රීය ගීත 2 ක් සහ ඔපෙරා ශෛලියේ සිංහල ගීත දෙකක් සහ නර්තනාංගයකින් සමන්විතය.මෙහිදී පණ්ඩිත් අචාර්ය අමරදේවයන්ට උපහාර පිනිස ‘ස්වර්ණමාලියේ‘ ගීතය දෙවින් විසින් ගායනා කරන අතර මෙම ගීතයට භරත නාට්‍ය ශිල්පීමය නර්තනයක් දෙවින්ගේ සොයුරිය නටලි අනුත්තරා ගනේගොඩ විසින් ඉදිරිපත් කිරීමට නියමිතය.
මෙම ප්‍රසංගය ප්‍රවේශපත් අලෙවියෙන් තොරව සිදුකරන බැවින් 0773435400 අමතා ආරාධනා පත් ලබාගත හැකිය.
ජන සන්නිවේදන මාධ්‍ය පිළිබඳ නව පාඨමාලාවට අයඳුම්පත් කැඳවයි
නිපුණතා සංවර්ධන හා වෘත්තිය පුහුණු අමාත්‍යංශය යටතේ ඇති ශ්‍රි ලංකා වෘත්තිය පුහුණු අධිකාරිය වු කලි අපේ රටේ වෘත්තිය පුහුණු විෂය ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සහ දැවැන්තම ආයතනයකි. ශ්‍රි ලංකා වෘත්තිය පුහුණු අධිකාරිය ප්‍රමුඛතම විෂයක් වන 'ජනසන්නිවේදන මාධ්‍ය' ආශ්‍රිතව විශේෂිත පාඨමාලාවක් ආරම්භ කිරීමටද අවශ්‍ය කටයුතු සුදානම්කර තිබේ.ශ්‍රි ලංකා වෘත්තිය පුහුණු අධිකාරියේ නාරාහේන්පිට ජාතික වෘත්තිය පුහුණු ආයතනය මගින් මෙහෙයවන මෙම පාඨමාලාව පූර්ණකාලීන(සතියේ දිනවල) සහ අර්ධකාලීන(සති අන්තයේ සෙනසුරාදා/ඉරිදා) වශයෙන් ක්‍රියාවට නැංවෙන අතර පූර්ණකාලීන පාඨමාලාව නොමිෙල් පැවැත්වේ.
මෙම පාඨමාලාව වයස අවුරුදු 16-21 අතර පාසල් හැරගිය තරුණ තරුණියන් අ.පො.ස (සා.පෙළ )සිංහල භාෂාවට සම්මාන සාමාර්ථයක් ලැබූවන්ට අයදුම්කළ හැක.ඉල්ලුම්පත් 'ජන සන්නිවේදන මාධ්‍ය පිළිබඳ විශේෂ පාඨමාලාව' නියෝජ්‍ය අධ්‍යක්ෂ, ජාතික වෘත්තිය පුහුණු ආයතනය, අංක 354 ඇල්විටිගල මාවත, නාරාහේන්පිට, කොළඹ05 ලිපිනයට මේ මස 30දිනට පෙර යොමු කරන්න. වැඩි විස්තර 011-2592233දුරකථන අංකය මගින් විමසිය හැක.
අනුශාද් වෙදගේ
වේදිකා නාට්‍ය
තොප්පි වෙළෙන්දා සමග පුංචි අපට දැන් තේරෙයි කොළඹදී
ප්‍රවීණ නාට්‍ය ශිල්පිනී සෝමලතා සුභසිංහගේ තොප්පි වෙළෙන්දා සමග පුංචි අපට දැන් තේරෙයි නාට්‍ය අගෝස්තු මස 06දින ප.ව3.30ට සහ ප.ව 6.30ට ලයනල් වෙන්ට්හි දී රඟ දැක්වීමට කටයුතු යොදා ඇත.
විකෘති කොළඹ
සෝමලතා සුබසිංහගේ විකෘති නාට්‍ය අගෝස්තු මස 5දින ප.ව 3.30ට සහ ප.ව 6.30ට ලයනල් වෙන්ටඩ් හිදි වේදිකාගත වේ.
සිංහබාහු පානදුරේ
මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍රයන්ගේ විශිෂ්ටතම නාට්‍ය නිර්මාණය සිංහබාහු මේ මස 30දින ප. 3.30ට සහ ප.ව 6.30ට පානදුර නගර ශාලාවේදි රඟදැක්වීමට කටයුතු යොදා ඇත.
අන්තඃපුරය හොරු කඩයි අද බොරැල්ලේ
අන්තඃපුරය හොරු කඩයි නාට්‍ය අද ප.ව3.30ට සහ ප.ව 6.45ට බොරැල්ල නාමෙල් මාලනි පුංචි තියටර්හිදීත් මේ මස 30දින ප.ව2.30ට සහ ප.ව 6.30ට බිබිල සංස්කෘතික මධ්‍යස්ථානයේදී ත් රඟදැක්වීමට house of drama ආයතනය කටයුතු යොදා ඇත.
සකුන්තලා මහනුවර
සකුන්තලා නාටකය අගෝස්තු මස 03දින පෙ.ව 8.30ට සහ පෙ.ව10.30ට සහ ප.ව 6.30ට මහනුවර හින්දු රඟහලේදි රඟදැක්වීමට කටයුතු යොදා ඇත.
සිකුරුහතේ පානදුරේ
සිකුරුහතේ නාට්‍ය අගෝසතු මස 06දින ප.ව 3.30ට සහ 6.45ට පානදුර නගර ශාලාවේදි වේදිකාගත වේ.