රොසලියා නාට්‍යය ළඟදීම වේදිකාවට | Page 3 | සිළුමිණ

රොසලියා නාට්‍යය ළඟදීම වේදිකාවට

අපේ රටේ දේශපාලන තන්ත්‍රයේ විවිධ පැතිකඩයන් පිළිබඳව උපහාසාත්මක්ව සිදුකරන ලද රොසලියා වේදිකා නාට්‍ය ළඟදීම වේදිකාගත වීමට නියමිතයි. මානෙල් චන්ද්‍රලතා, ආරියසේන ගමගේ, රූපා ගෝමස්, ප්‍රසාත් ගලප්පත්ති, කුමාරි සේනාරත්න, නිමල් ඉද්දමල්ගොඩ, ඩිල්හානි කරුණාරත්න, සුදර්මා ලාලනි, සරත් ඉදුරුවගේ සමග නිහාල් පේමචන්ද්‍ර මෙහි රංගනයෙන් දායකවෙති. කථාව, දෙබස්, වේදිකා රචනය සහ අධ්‍යක්ෂණය නිහාල් ප්‍රේමචන්ද්‍ර, සංගීතය-රන්ජිත් ඩයස්, ගීත ගායනා-ඩිනාලි වර්ණකුල, සුදර්මා ලාලනි, පොඩි මෑන් සමග නිහාල් ප්‍රේමචන්ද්‍ර, කලා අධ්‍යක්ෂණය-ගාමිනි දිසානායක, වෙස් ගැන්වීම-ප්‍රේම්, නිශ්පාදනය-මානෙල් චන්ද්‍රලතාගේ නිෂ්පාදනයකි.


සම්භාව්‍ය චිත්‍රපට උළෙලක් 17සිට ඇරැඹේ

ජනවාර්ගික අධ්‍යනය පිළිබඳ ජාත්‍යන්තර මධ්‍යස්ථාන (inter national centere for ethnic studies) (ices) සංවිධානය කරනු ලබන සම්භාව්‍ය චිත්‍රපට උළෙලක් මෙම මස 17සිට ඇරැඹේ. කොළඹ 08 කිංසි ටෙරස්හි පිහිටි ආචාරධර්ම අධ්‍යනය පිළිබඳ ජාත්‍යන්තර මධ්‍යස්ථානයේදි සවස 4.30ට මෙම චිත්‍රපට තිරගතකෙරේ.

මෙම 17දා මහාචාර්ය සිරි ගුණසිංහ අධ්‍යක්ෂණය කළ සත් සමුදුර, 21දා ආචාර්ය ලෙස්ටර් ජේමිස් පීරිස් අධ්‍යක්ෂණයකළ දෙළොවක් අතර, 28දා ආචාර්ය තිස්ස අබේසේකර ගේ විරාගය, අගෝස්තු 04දා ධර්මසිරි බණ්ඩාරනායකගේ සුද්දිලාගේ කතාව, 11දා මචං,18දා වසන්ත ඔබේසේකරගේ දඩයම තිරගතකෙරේ.

රත්නසිරි පතිරණ


රත්නාවලි බදුල්ලේ දී...

අ.පො.ස(උසස් පෙළ) සිංහල/සෞන්දර්ය සහ බාහිර උපාධි විෂය නිර්දේශිත ශ්‍රි හර්ෂදේවයන්ගේ සංස්කෘත නාට්‍ය ලලිතා සරච්චන්ද්‍රයන්ගේ අධ්‍යක්ෂණයෙන් රත්නාවලි නාට්‍යය මේ මස 20දින පෙ.ව 8.30ට සහ පෙ.ව 11.00ට බදුල්ල නගර ශාලාවේදී රඟ දැක්වීමට කටයුතු යොදා ඇත.

 

සිංහබාහු පානදුරේ

මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍රයන්ගේ විශිෂ්ටතම නාට්‍ය නිර්මාණය සිංහබාහු මේ මස 22දින ප.ව 3.30ට සහ ප.ව 6.30ට මරදාන ටවර් රඟහලේ දීත් මේ මස 30දින ප.ව 3.30ට සහ ප.ව 6.30ට පානදුර නගර ශාලාවේදී රඟ දැක්වීමට කටයුතු යොදා ඇත.

 

අන්තංපුරය හොරු කඩයි දෙතැනක

අන්තංපුරය හොරුකඩයි නාට්‍ය මේ මස 23දින ප.ව 3.30ට සහ ප.ව 6.45ට බොරැල්ල නාමෙල් මාලනී පුංචි තියටර්හිදී රඟ දැක්වීමට house of drama ආයතනය කටයුතු යොදා ඇත.

 

සිකුරුහතේ ටවර්හි දී..

සිකුරුහතේ නාට්‍ය මේ මස 23දින ප.ව 3.30ට සහ 6.45‍ට මරදාන ටවර් රඟහලේදී වේදිකා ගත කෙරේ. 

 

 

Comments