
ඒක වෙනස්ම විදිහේ කතාවක්.
මම මගේ ඒ කතාව ඔයාලට කියන්න තීරණය කළා.
ප්‍රවීණ ලේඛිකා ප්‍රියංකා අමරතුංග ලියන
කුමුදු පීරිස් ගේ සිතුවමින් හැඩවී ලබන සතියේ සිට ...
මාතර සුජාතා බාලිකා විද්‍යාලයෙන් අධ්‍යාපනය ලබා විද්‍යා ගණිත ගුරුවරියක ලෙස ගුරු සේවයට පිවිසි ප්‍රියංකා අමරතුංග ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ලේඛකත්ව හා සංනිවේදන ඩිප්ලෝමාධාරිනියකි. ඇය ලොව ප්‍රථම සංයුක්ත තැටිගත සිංහල නවකතාව‘සුදු සහ කළු ‘ නිර්මාණය කරමින් ශ්‍රී ලාංකේය ඉතිහාසයට නමක් එකතු කළ ලේඛිකාව යි. මාතර සුජාතා බාලිකා විද්‍යාලයෙන් බිහිව සිටින එකම ලේඛිකාවද ඇයයි. ‘මිහිර‘ ළමා පුවත්පතට අවුරුදු 10 දී කවි නිර්මාණ ලියා ලේඛණ කලාවට අත්පොත් තැබූ ප්‍රියංකා අමරතුංග මෑතකදී මිහිර පුවත්පතට ‘උකුසු පිහාටුව‘, ‘රාදුගා ‘ යන ළමා නවකතා නිර්මාණය කලාය. ‘තරුණී ‘ කාන්තා පුවත්පත සඳහා සඳු හිරු තරු, ධවල පියාපත්, ආලේඛ්‍යා නවකතාද “සිළුමිණ“ සඳහා දෙවන සඳ නවකතාවද නිර්මාණය කළ අතර තවත් පුවත්පත් ගණනාවක් සඳහා සිය නවකතා වලින් දායක වී ඇත.
විසි වසරක ගුරු ජීවිතයෙන් සමුගත් ප්‍රියංකා අමරතුංග සිය ලේඛන කටයුතු වෙනුවෙන් පූර්ණ කාලය කැප කරමින් නවකතා කරණයට අමතරව ටෙලි නාට්‍ය තිර රචනය සඳහාද දායක වී ඇත. සුදු අරලිය, බොල් වී අහුරු,සූරියකාන්තා, සිදංගනාවෝ, ඉහිරුණු කිරි, දෙවන වේදිකාව, මා ද ඔබම විය, කුරුළු පිහාටු, එළියකන්ද ප්‍රියංකා අමරතුංග ලියූ ටෙලි නාට්‍ය තිර රචනා කීපයකි. සෙනසුරාදා සහ ඉරිදා රාත්‍රී 6 ට අයි ටී එන් නාළිකාවේ විකාශය වන එළියකන්ද ටෙලි නාට්‍යය ද ප්‍රියංකා අමරතුංග ගේ නිෂ්පාදනයකි. ‘බොල් වී අහුරු ‘ නවකතාවෙන් 1990 දී නවකතා කරණයට පිවිසි ප්‍රවීණ ලේඛිකාවක වන ප්‍රියංකා අමරතුංග මේ වන විට නවකතා 30 කට ආසන්න සංඛ්‍යාවක් ලියා ඇති අතර, මා ඔබේ යසෝදරා, තිත්ත මල්, කුමාරිහාමි, ඉහිරුණු කිරි, සියොතුනි අපට තටු නෑ, ධවල කාල, කිරි මදු වැල් යන නවකතා පාඨකයින් අතර බෙහෙවින් ප්‍රසාදය දිනූ නවකතා කිහිපයකි.