
ප්‍රමාදයට හේතුව
සිතිජ ජයසේකරව අපි කවුරුත් හඳුනන්නේ දක්ෂ නිවේදකයෙක් වගේම ජනප්‍රිය නළුවෙක් ලෙසයි. මේ දිනවල ටෙලි නාට්‍ය කිහිපයකම චරිත මවන සිතිජ 'මියුසික් එක්ස්ප්‍රස්' වැඩසටහන නිසා කා අතරත් කතා බහට ලක් වෙනවා. පසුගිය දවසක සිතිජ නිවේදන කටයුත්තක් නිසාම අපූරු අත්දැකිමක් ලබලා. ඒ සංගීත වැඩසටහනට ප්‍රමාද වෙලා පැමිණීමයි. ඒකට හේතුව ඔහු අපිට කිව්වේ මේ විදිහට.
' පසුගිය දවසක මම ප්‍රසන්ට් කරන මියුසික් වැඩසටහනකට මට එන්නට වෙලාව දී තිබුණේ සවස පහට. එදා මාත් එක්ක මැදිරියේ දී කලා තොරතුරු බෙදාහදා ගන්න මැදිරියට එන්න තිබුණේ අභිෂේකා විමලවීරට. ඔන්න ඉතින් මම ඇයට ආරධනා කළා එදාට එන්න කියලා. සුපුරුදු විදිහට මම වැඩසටහනට පිටත් වුණා. යද්දී හොඳටම වැස්ස. කොට්ටාව හරියට විතරයි එන්න පුළුවන් වුණේ. වැස්ස නිසාම මඟ නවතින්න වුණා. ඒ වන විට අභිෂේකා මැදිරියට ඇවිත්. වැඩසටහන පටන්ගන්න නිවේදකයා වුණු මම නැහැ. මම මැදිරියට යන විට වෙලාව පහයි කාලයි. විනාඩි පහළොවක් ප්‍රමාදයි. මා වැඩසටහනට එන තුරු අභිෂේකා ඉවසා සිටියා. මොනවා කරන්නද? අභිෂේකා වැනි නිහතමානී කලාකාරියක් වැඩසටහනට සහභාගි වුණු නිසා හොඳට ගියා.'
මෙහෙමත් අදරයක්
මේ දවස්වල කා අතරත් ජනප්‍රිය ටෙලි නාට්‍යයක් තමයි ' සිඳූ'. මෙහි රඟ පෑ ඉමේෂාන් සහ මනීෂාට කවුරුත් ආදරය කරනවා. විශේෂයෙන්ම කුඩා දූ දරුවන්. පසුගිය දවසක මේ දෙදෙනාටම බාල දක්ෂ කදවුරුකට ආරාධිත අමුත්තන් ලෙස සහභාගිවෙන්ට ආරාධනා ලැබීලා. මෙහිදී ඉමේෂාන් වගේම මනීෂටත් ලැබුණු ප්‍රතිචාර නිසාම අපූරු අකරතැබ්බයකටත් ඔවුන් මුහුණපාලා. ' මනීෂටයි මටයි සමස්තලංකා බාලදක්ෂ කදවුරකට සහභාගි වෙන්නට ආරාධනා ලැබුණා. අපි දෙන්නත් ඉතින් පාසල් අවධියේ මේ සඳහා සහභාගි වී තිබෙන නිසාම හරිම ආසාවෙන් මෙයට සහභාගි වුණා. පහ වසරේ පුංචි නංගිල මල්ලිල තමයි මෙයට එක් වුණේ. ඒ හැම දෙනාම වගේ අපි දෙන්නගෙම රසිකයෝ. ඉතින් එක්කෙනෙක් අපි දෙන්න ළඟට ඇවිත් එයාගේ සමරු පොත අත්සන් කර ගත්තා. මෙන් ටික වෙලාවකින් සමරු පොත් ගොඩක් රැගෙන නංගිලිලා මල්ලිලා හැමෝම අපිව වට කරගත්තා. මොන තරම් තෙරපුමක් ආවද කිව්වොත් අපි දෙන්නා තව ටිකෙන් බිමට ඇද වැටෙනවා. ඒතරමටම අපිට ප්‍රතිචාරයක් තිබුණා. ඇත්තටම එදා තමයි දැන ගත්තේ පුංචි නංගිලා මල්ලිලා අපිට මොන තරම් ආදරේ ද කියලා.' ඉමේෂාන් අපිත් එක්ක කිව්වේ හරිම හැඟුම් බරවයි.
වේදිකාවේ ‘නන්දා,
උමයංගනා වික්‍රමසිංහ කියන්නේ අපිට සිටින දක්ෂ වගේම සූරූපී රංගන ශිල්පිණියක්. උමයංගනා මේ දවස්වල ටෙලි නාට්‍ය වලින් නෙත නොගැටෙන තරම්. ඒත් වේදිකා නාට්‍යවලට නම් ඇය නැතිවම බැරි චරිතයක් බවට පත් වෙලා. මේ දවස්වල උමයංගනා වේදිකා නාට්‍ය පෝළිමකම චරිත නිරූපණය කරනවා. කොහොම වුණත් වේදිකාවෙන් සම්මාන පිට සම්මාන ලබන නිසාම පුංචිතිරය මඟ ඇරිල ද කියලා ඇගෙන්ම විමසා බලන්නට අපි කටයුතු කළා. ' මම මේ දවස්වල වේදිකා නාට්‍ය කිහිපයකම චරිත නිරූපණය කරනවා. ඒ අතර 'රජා මං වහලා', මාරක ලිදේ සවාරියක්','361' වේදිකා නාට්‍ය සමඟ රටවටා යනවා. හරිම තෘප්තියක් මේ නිර්මාණ ඔස්සේ ලබනවා. ඒ වගේම තවත් වේදිකා නාට්‍ය කිහිපයකට වගේම ටෙලි නාට්‍ය කිහිපයකටත් ආරාධනා ලැබී තිබෙනවා. වේදිකා නාට්‍යවල මම රඟපාන චරිත එකකට එකක් වෙනස්. ඒවායින් අපූර්ව අත්දැකීම් ලැබෙනවා. 'මාරක ලිදේ සවාරියක්' නාට්‍යයේ මගේ චරිතය 'නන්දා' ගම්පෙරළියේ පිරිස නාමල් පූජා කරන්න යන අකාරයේ කතාවක් තමයි මෙයට අන්තර්ගත. එය වත්මන් සමජයට , සංස්කෘතියට උචිත ලෙසයි මෙහි ඉදිරිපත් වන්නේ. කිසිසේත්ම ගම්පෙරළියේ කතාව නෙවෙයි. කොහොම වුණත් වේදිකාවේ නන්දා ලෙස රඟපාන්න ලැබීමත් සතුටක්. ඒ වගේම 361 කරන්නේ නිවේදිකා චරිතයක්. එය ඉතා ගැඹුරු චරිතයක්.මේ විදිහට වෙනස් වෙනස් චරිත ඔස්සේ ප්‍රේක්ෂකයා අතරට එන්න ලැබීම සැබෑම සතුටක්.
තට්ටෙ ගෑවෙ ඇයි?
කලාකරුවන් කියන්නේ රංගනයේදී ඕනෑම අභියෝගයක් භාර ගන්නා පිරිසක්. එවන් ප්‍රවීණ චරිතාංග රංගන ශිල්පිනියක් තමයි දුලීකා මාරපන. ඕනෑම චරිතයක් අපූර්ව ලෙස ප්‍රේක්ෂකයා හමුවට ගෙන එන්නට ඇයට ගත වන්නේ තත්පර කිහිපයක් පමණයි. මේ දිනවල දුලීකා ඇගේ නවතම සිනමා රංගනය වෙනුවෙන් හිස මුඩුකර ඇති පුවතක් අපිට දැන ගන්නට ලැබුණා. හැබැයි මේ දේ සිද්ධවෙලා තිබෙන්නේ පානම දියි. මේ හැම දෙයක් ගැනම සැක හැර දැන ගන්නට අපි දූලිකටම කතා කළා.
' සුපර්ණා චිත්‍රපටයේ වැඩ කටයුතු වෙනුවෙන් උපරිම සාධාරණයක් ඉටුකරන්නට තමයි සූදානම් වී ඉන්නේ. එහි මම රඟපාන 'සුපර්ණා' වෙනුවෙන් මගේ හිස මුඩු කළ යුතු වුණා. හිස මුඩු කළවිට හුඟදෙනෙක් හිතන්නේ එක්කෝ මහණ දම් පුරණ චරිතයකට හෝ මෙහෙණින් වහන්සේ ගේ චරිතයකට එය කළා කියලයි. නමුත් එහෙම දෙයක් නැහැ. ඒ වෙනුවෙන් නෙමෙයි මම හිස මුඩු කළේ. මා ඇතුළු තවත් කණ්ඩායමකටම මේ වෙනුවෙන් හිස මුඩු කරන්නට සිදු වුණා.සුවිශේෂී උත්පත්තියක් ඇති කෙනෙක් වෙනුවෙන් තමයි හිස මුඩු කළේ. එය සුපර්ණා නරඹත් දී ප්‍රේක්ෂකයන්ට දැන ගන්නට ලැබේවි. මේ දවස්වල පානම ප්‍රදේශයේ සුපර්ණා රූ ගත කිරිම් සිදු වෙනවා.'
අලුත්ම නාළිකාව ‘නේෂන්ස්,
මේ මාසේ තිස් වැනි දා අලුත්ම ආරෙක අලුත්ම වැඩසටහන් පෙළ ගැස්මක් එක්ක අලුත්ම විදිහේ අත්දැකීමක් ප්‍රේක්ෂකයා අතරට ගෙන එමින් නවතම ඩයලොග් ටී.වී නාළිකාවක් ආරම්භ වෙන බව අපිට දැන ගන්නට ලැබුණා. මේ නාලිකාවේ වැඩසටහන් අධ්‍යක්ෂකවරයා තමයි පරාක්‍රම ඒකනායක. මේ ගැන ඔහු අපිත් එක්ක කතා කළා.' මේ චැනල් එක නම් කර තිබෙන්නේ 'නේෂන්ස්' නමින්. මේ වනවිට එහි වැඩසටහන් පෙළ ගැස්ම විකාශය වෙනවා. ඩයලොග් 123 නාළිකාව ඔස්සේ ප්‍රේක්ෂකයන්ට අපි සමඟ සම්බන්ධ විය හැකියි. මේ නාළිකාව අපි හඳුන්වා තිබෙන්නේ 'විස නැති රස නාළිකාව' ලෙසයි. මොකද මේ නාළිකාව ඔස්සේ හැම විටම හැම දෙනාටම රස විදිය හැකි නැවුම් වැඩසටහන් තමයි අපි ඉදිරිපත් කරන්නේ. ඒ අතර සාහිත්‍යය, සංස්කෘතිය, සිනමාව, සංගීතය , සංචාර මේ හැම දේම සමබරව ප්‍රවීණ කලාකරුවන් විසින් සිදු කරන වැඩසටහන් ඔස්සේ විකාශය වෙනවා. අලුත්ම මුහුණුවරක වැඩසටහන් පෙළ ගැස්මක් අප සතුයි. මිනිසුන් දකින්න, අහන්න, බලන්න ආස නිතරම හොයමින් ඉන්න වැඩසටහන් තමයි මෙයින් ඉදිරිපත් වෙන්නේ. ඒ වගේම මිනිසුන්ටත් මාධ්‍ය ඔස්සේ තම අදහස සමාජ ගත කරන්නට ඉඩකඩ අපි ලබා දෙන්න සූදානම්. ඒ වෙනුවෙන්ම ප්‍රේක්ෂකයාට කොෆි ටේබල් වැඩසටහන වෙන්වෙනවා. ඕනම වෙලාවක ඕනම කෙනෙකුට බලන්න පුළුවන් වැඩසටහන් ගෙන ඒමයි නේෂන්ස් අරමුණ.'