
කකා බිබී
සිනා සිසී
සිටියා ඔහු
සාද මැදදෙ...
දුකේ කඳුළු
හෙළුවා ඔහු
සුසුම් සලා
සෝක වෙවී...
විරෝධයෙන් තර්ක නඟා
පිළිමල් මත බිඳ හෙළුවා
එක එල්ලේ පමා නොවී...
ගී ගයමින් නැටුවා ඔහු
මිනිස් කැලේ අය අතරේ...
හිටි හැටියේ ගිලන් වුණා
ඇසළ මහේ එක් දිනයක
අප මිතුරා සමු ගත්තා
යළි නොයෙනා ගමන් ගියා...